දරු උපත් සහ මවුකිරිදීම, උපත් පාලන පෙති භාවිතය, ප්‍රජනන පද්ධතියේ ඇති රෝග පීඩා, දුම් පානය කිරීම ආදි හේතු ගැබ්ගැනීමට ඇති හැකියාව අඩු වීම කෙරෙහි බලපානු ලබයි. ඇතැම් විට මෙවැනි කැපී පෙනෙන සාධක වලට අමතරව ඒ කෙරෙහි බලපෑ හැකි සැඟවුණු බලපෑම් ද තිබිය හැකිය. මේ එවැනි හේතු 6 ක්.
- ඔබ විසින් අධිකව ට්‍රාන්ස් මේද පරිභෝජනය කිරීම

බේක් කල ආහාර වර්ග, පීසා, චිප්ස් වැනි ස්නැක් වර්ග ව, බැදපු ආහාර්ර වල අඩංගු ට්‍රාන්ස් මේද (trans fat) කාන්තාවකගේ සරුබව කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිය (ඩිම්බ මෝචනය ඇතිනොවීම).මෙවැනි ආහාර වර්ග පරිභෝජනය සීමා කරන්න. ඉන් ඩිම්බ ආශ්රිත රෝග තත්වයන් ඇතිවීමේ අවදානම 73% ක් පමණ ඉහළ වේ.
- අධිකව ව්‍යායාම වල නිරතවීම (overexercise)

ව්‍යායාම කිරීම සරුබව වැඩිදියුණු විම කෙරෙහි යම්තාක් දුරකට හිතකර බලපෑම් කරයි, නමුත් එම ව්‍යායාම පමණ ඉක්මවා සිදුකිරීම හරහා සිරුරේ ශක්ති සමතුලිතතාවය ට බලපෑම් ඇතිවිය හැකියි මෙන්ම ඔබේ ප්‍රජනක චක්‍රයට සෘණාත්මක බලපෑම් එල්ල කල හැකිය. පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ දිගුකාලයක් තිස්සේ සහ තීව්ර ලෙස දිනපතා ව්‍යායාම කිරීම ගැබ්ගැනීමේ හැකියාව කෙරෙහි බලපෑම් ඇතිකරවන බවයි. එබැවින් සාමාන්‍ය මට්ටමින් ව්‍යායාම අභ්‍යාස ආදියෙහි නීරත වීම නීරෝගිබවට මෙන්ම කායික සුවතාවයට හිතකර වේ.
- සිරුරේ ශරීර ස්කන්ධ දර්ශකය ඉතා අඩුවීම

සාමාන්‍ය BMI අගයට වඩා අඩු ශරීර ස්කන්ධයකින් යුක්ත වීම ඩිමකෝෂ අකර්මන්‍යතා, නිසරුබව සහ නොමේරු දරු උපත ඇතිවීමේ ඉහළ අවදානමකට ඔබව ඇද දැමිය හැකියි. ආහාර ගැනීම සම්බන්ධ රෝගි තත්වයන් (eating disorders) අඩු BMI අගයක් පැවතීම කෙරෙහි හේතුවිය හැකි අතර ඇතැම් විට ඔබේ ඔසප්වීම සහ සරුබව කෙරෙහි සෘණාත්මකව බලපායි.
- සහකරු ආතතියෙන් පෙලීම
අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ රැකියාවේ, පවුලේ සහ සමාජීය ජීවිතයේ මුහුණ දීමට සිදුවන ආතතීන්ගෙන් පැහැදිලි ලෙසම පුරුෂයෙකුගේ සරුබවට බලපෑම් එල්ලවනබවයි.ආතතිය ගැටලු වලට හොඳින් මුහුණ දීමට නොහැකිවීමත් සමඟ වැඩිම සෘණාත්මක බලපෑමක් ඇතිකෙරේ.
- වැරදි ලිහිසි ද්‍රව්‍ය භාවිතය

ලිංගිකව එකතුවන විට නිවැරදි වර්ගයේ ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කිරීමට සැලකිලිමත්වන්න. නැතිනම් එය ගැබ්ගැනීමේ හැකියාව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකියි. ඇතැම් ලිහිසි ද්‍රව්‍ය පුරුෂ සරුබව වැඩිවීමට හිතකර ප්රතිලාභ ලබාදේ. 7.2-87.0 අතර නිසි pHඅගයක් තිබීම වැදගත් ය. බේබි ඔයිල් ඊට හොඳ ආදේශකයක් ලෙස ඔප්පු වි ඇති බව පැවසේ.
- නිවැරදිව සාරවත් කවුළුව ගණනය කිරීමට නොහැකිවීම

අක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබීම නිසා නිවැරදිව අනාවැකි පල කල නොහැක. එවැනි අයට සරු දින සොයාගැනීම අපහසු ය.මේ සඳහා Flo period Tracker වැනි app එකක සහය ලබාගැනීමට ඔබට හැකියි.
උපුටා ගැනීම: Hela Rahas