මාතර තාත්තාගෙ ගමේ නිල්වලා ගගේ අතු ගංගාවක් ගලාගෙන යනව..පොඩි කාලෙ නාන්න කියල ගගට යන එක ගමේ හැමෝගෙම සිරිත..
තාත්තා මාව පීනන්න පුරුදු කලේ වතුරට තල්ලු කරල දාල එයා ලගටම වෙලා කිසිම උදව්වක් නොකර බලාගෙන සිටීමෙන්…වතුර ගැලුමක් විතර පෙවිලා තුන් හතර පාරක් ගිලිල යන්තම් අත් කකුල් ගහගෙන පීනල ඉවුරට යනකල්ම එයා බලං ඉන්නව..හැබැයි වැඩේ සාර්ථකයි..
දවසක් ඔහොම නාන්න ගියාම ගගේ වතුර වැඩි වෙලා උඩහට වැහැපු නිසා..එතකොට මම පහ වසරෙ වගේ.. එදා තාත්තා මාව අල්ලගෙනම තමයි නෑවෙ..වතුරත් එදා පැහැදිලි නෑ ටිකක් කහ පාටයි…මගේ කිහිලි දෙකින් අල්ලගෙන එයා හිටියා..මමත් ඔහේ වතුරෙ කකුල් දෙක වන වන හිටියා..
එක පාරටම මම මොකක්දෝ කටු ගතිය තියෙන දැඩි මතුපිටක් උඩ හිටගත්තා වගේ උනා..හරියට මම ගග මැද හිට ගත්තා වගේ..තාත්තාට ඒක තේරුනා මොකද එයාගෙ අත් දෙක මගේ කිහිලි දෙකේ වගේම මාව ඉස්සුවෙ එයා නෙවි කියල දන්න නිසා.. එයා කෑගහගෙන ගොඩට පීනුවා..
එයා හැමෝටම ඉවුරෙවත් ඉන්නෙ නැතිව ඉක්මනින් රෙදි අරගෙන ඉවුරෙන් ගොඩටම යන්න කියල කිව්වා..
හැමෝම ආවට පස්සෙ තමයි කිව්වෙ කිඹුලෙක් කියල..ඌ මගේ කකුල් දෙක යටින් ගිහින්..මම කකුල් පහලට ගහ ගහ ඉද්දි උගේ පිට හරි ඔලුවට හරි තමයි මම කකුල් තියල තියෙන්නෙ.. ඒ වගේම ඌ තමන්ගෙ ලගින් පීනගෙන යන එක තාත්තාට දැනිලා..අදටත් හිතාගන්න බෑ ඇයි ඌ ඉතාම ලේසි ගොදුරක් ඇතෑරල ගියේ කියල..සමහර විට ඌට බඩගිනි නැතිව ඉන්න ඇති කියල තාත්තා කිව්වා..එදායින් පස්සෙ අපි ගගේ නාන්න ගිහින් නෑ..අදටත් ස්විමින් පූල් එකකට නැත්නම් මුහුදට බැස්සම මට අර යටිපතුල් වලට දැනුන හැගීම එනව..
දැන් වගේ කිඹුල් තඩි රංචු පිටින් ඒ කාලෙ ගගේ හිටියේ නෑ.. අනික ඒ දවස් වල ගගේ කිඹුලෙක් දෙන්නෙක් හිටියට උන් මිනිස්සුන්ට පහර දීමක් කරල තිබ්බෙ නෑ..හැබැයි ඔය සිද්ධියට සතියකට විතර පස්සෙ ගගේ නාන තොටුපල ඉස්සරහ ගෙදර බල්ලව අල්ලගෙන තිබ්බා..දැන් ඔය නිල්වලා ගගේ ඉන්න කිඹුල්ලු අර අහුංගල්ලෙ පෞද්ගලික සත්ව උද්යානයේ හිටිය කිඹුල්ලුන්ගෙ පසු පරම්පරාවක්ය කියල කටකතාවක් තියෙනව..ඇත්ත නැත්ත දන්නෙ නෑ..ඒත් දැන් නිල්වලා ගගේ ඉන්නෙ කිඹුල්ලු දරුණු කළපු (ගැට)කිඹුල්ලු..උන් ඔය රට මැදට වෙන්න තියෙන වැව් වල ඉන්න හැළ කිඹුල්ලු වගේ අහිංසක නෑ..ස්වභාවයෙන්ම රෞද්රයි..ඒ වගේම කිරළ කැලේ කියන කඩොලාන කැලෑව සුද්ධ කරනකොට ඒකෙ හිටපු කිඹුල් රංචුවක් නිල්වලාවට පැනල උන්ගෙන් කිඹුල් ගහණය වැඩි උනා කියලත් කියනව..කොහොමින් හරි දැන්
මිනිස්සු ගගට බහිනව හොරයි..ඒ වගේම නගර සභා සහ ප්රාදේශීය සභාවලට සිද්ධ උනා තොටුපලවල කිඹුල් කොටු හදන්නත්…ඒ උපක්රමත් බැරි උනා සමහර කිඹුල් තඩි ඔය කොටු ඇතුලට කොහොම හරි ඇවිත් මිනිහෙක් හරි හරකෙක් හරි ගගට බහිනකල් රැකල ඉන්න පුරුදු උන එකෙන්..
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru