ගල් කරඬුව හා ගල්මේසය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ තියෙන්නෙ සම්පූර්ණයෙන් ගලින් නිමවූ ගල් කරඬුවක් . මේක පොලොන්නරු යුගයේ සුගලා බිසව විසින් දළදාවහන්සේ ආරක්ෂා සහිතව තැන්පත්කර තිබූ කරඬුව බවට විශ්වාස කරනවා. මේකට ගල් පියනක් පවා තිබිලා. මෙය වටප්රමාණයෙන් අඩි කීපයක් විශාලයි .
මෙහි තියෙන සිදුරුවල තමයි දළදාවහන්සේ තැන්පත්කර තබා ඇත්තේ.
මේක තියෙන්නෙ වීරකැටිය නයිගල රජමහා විහාරස්ථානයේ . එතන වෙන කිසිම තැනක නොමැති ගල් මේසයක් පවා තියෙනව.
නයිගල වෙහෙරට නාගයන්ගේ යම් සබදතාවක් පවතින බව ජනපරවාදවල සඳහන් වේ. පැහැදිලි වන කාරණයකි..රුහුණේ රජකල මහානාග යුවරජු විරකැටියේ මණ්ඩාඩුව ගමේ මාලිගාවක් තනා පදිංචි වී සිටි බවත් එක්තරා නියං කාලයක දි මාලිඟාව ඉදිරියට පැමිණි සුදු නාගයෙකු දුටු යුවරජු ඌ පසුපස ගොස් බැලූ විට එක්තරා ගල්තලාවක් හමු වි ඇත. එතැන ජලය පිරුණු පොකුණක් දැක මෙම භුමීය මහා පින්බිමක් ලෙස සලකා එහි විහාරස්ථානයක් ඉදිකිරිමට තීරණය කළ අතර එය නයිගල වු බව ජනපරවාදගත මතවාදයයි
අද වනවිට මෙම විහාරස්ථානය නයිගල වෙහෙර යන නමින් හැඳින්වුවද අතිතයේ මෙම විහාරස්ථානය කාලපබ්බත යන නමින් හැඳින්වූ බවට විශ්වාසයක් ද ඇත.
මේ ඡායාරූප මා විසින් ගන්නා ලද්දේ එම විහාරස්ථානයේ සංචාරය කල අවස්ථාවකදීයි.
No photo description available.
උපුටා ගැනීම: Channa Witha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!