ගේම් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කතාවේ නායකයා වර්තමානයේ ලංකාවේ ප්රසිද්ධ ඇඟලුම් ප්රදර්ශන ජාලයක හිමිකරුවෙක්. ඔහු දැන් ධන කුවේරයෙක් වුනත් අතීතයේ ඉතාමත් දුප්පත් පුද්ගලයෙක්. ඔහුගේ ව්යාපාරික කටයුතු වලට බිරිඳගෙන් නොමසුරු දායකත්වයක් ලැබිලා තියෙනවා. මෙහෙම ඔහු ව්යාපාරික ලෝකයේ දිනෙන් දින ඉහලට යනවිට ඔහුගේ ලඟ වැඩට ලස්සන ගෑණු ළමයෙක් වැඩට ආවා. මේ ගෑනු ළමයට වහ වැටිච්ච ඔහු කොහොමින් කොහොමින් හරි ළමයව කැමති කරව ගත්තා.
දැන් මොහුට අවශ්ය මේ ගෑනු ළමය සමග විවාහ වෙන්නයි. ප්රශ්නය ඔහු දැනටමත් විවාහක කෙනෙක් වීමයි. මේ නිසා ඔහු උපායක් කල්පනා කරා. ඔහු අර ගෑනු ළමයත් එක්ක තමන්ගේ බිරිඳට පේන්නම ආශ්රය කරන්න පටන් ගත්තා.
ඊට පස්සේ තමන්ගේ ආදරණීය බිරිඳට ගොඩක් වෙනස් කම් කරන්න ගත්තා. ඇය ගමන් ගිය කාර් එක අයින් කරලා ත්රීවීල් එකක් ලෑස්ති කරලා දුන්නා ගමන් යන්න. ඒ ත්රීවීල් එක පැදපු කොල්ලත් ලස්සන එකෙක්.
ඊට පස්සේ ඔහු අර ත්රීවීල් කොල්ලට කිව්වා කොහොම හරි නෝනා එක්ක යාලු වෙන්න කියලා. කොල්ලත් එක පයින් කැමති උනේ ඌට ලොකු මුදලක් දෙන්න පොරොන්දු වූ නිසයි.
කොහොම හරි කොල්ලා අර නෝනගේ දුකට සැපට පිහිට වෙලා නෝනගේ හිත දිනා ගත්තා. ඊට පස්සේ හෙමින් සැරේ නෝනව දැලේ දාගන්න මිනිහට වැඩි කාලයක් ගියේ නෑ. වැඩේ හරි ගිය ගමන් මිනිහා මහත්තයා ගාවට ගිහින් වැඩේ හරි කියලා කිව්වා.
ඒ පාර මහත්තයා කිව්වා අහවල් රෙස්ට් හවුස් එකේ අහවල් අංකය තියෙන රූම් එකට එක්ක ගෙන ගිහිල්ලා තමුසෙට ඕන දෙයක් කරගන්නවා කියලා. ඌ ඒ කියපු විදියටම නෝනව එක්කගෙන ගියා.
නෝනා දැනගෙන හිටියේ නෑ මේක තමන්ගේම ස්වාමි පුරුෂයාගේ ගේම් එකක් කියලා. එතනදී සිද්ධ වෙච්ච හැම දෙයක්ම මිනිහා කෙනෙක්ව දම්මලා වීඩියෝ කරලා.
ඇයට විරුද්ධව ඔහු දැමූ දික්කසාද නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කලේ එම වීඩියෝවයි. ඉන්පසුව ඔහු අර ගෑනු ළමයව බැන්දා. අද ඔහු සද්ගුණවත් දානපති ව්යාපාරිකයෙක්.
උපුටා ගැනීම: Herbert Manatunga 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!