ගං වතුරක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දින හතක් පුරාවට ඇද හැලුනු මහ වර්ශාවෙන් ගම් බිම් යට විය. ගම්මානයේ නිවස් වල පෙනෙන්නේ වහලය පමනී. කුඩා දරුවකු පාසල් ගෙනයාමට ගත් අලුත් පොත් බැගය වතුරෙන් ගිල ගෙන හමාරය. එක්තරා මනුස්සයකු ඉතා අමරුවෙන් බෝට්ටුවකට කතා කර ගෙන්වා ගත්තේ බැගයේ ඉරණම තමාගේ පවුලටද අත් වීමට ප්රථමයෙනි. සෙනඟ පුරවාගත් බොට්ටු යන්නේ කන්දේ පිහිටි ගමේ පන්සල වෙතටයි. ඔහුගේ සුනඛයා ටොමියාව අමතක වන්නේ තිබූ භිය හා කලබලය නිසා වන්නට ඇත ටිකක් දුර යන විට ටොමියාව මතක් උන එම ස්වාමියා සිතුවේ පසුව ඇවිත් ගෙනියන්න බැරියැ යනුවෙනි. ටොමියාව වහලය උඩ තනිවී තමන්ගේ ස්වාමියා පිටත්ව ගොස් බොට්ටුවේ සේයාව නොපෙනීම යන තෙක්ම බලා සිටියේ. ටොමියා වැස්සට තෙමි තෙමි දුඛ්කිතලෙස උඩු බුරමින් බලා සිටියෙ තම ස්වාමියා පැමිණේවී යන බලාපොරොත්තුවෙන් ය. “අන්න බල්ලෙක්ගෙ අඳෝනාවක්, කලකන්නී අහිසක සතෙක්ව දාල ගිහින් ඕකුන්ට හෙනම ගහන්න ඕනී ” යයි පවසා වහලය උඩ තනි උනු ටොමියාව පසුකරමින් ගියේ බොට්ටු කරුවෙන් දෙදෙනෙකුය. ටොමියා වහලය උඩ තනි විය මිනිස් පුළුටක්වත් නොමැත.
ගොම්මන් කළුවර වැඩි වෙත්ම නැවත වැස්ස පටන් ගත්තේ ටොමියාගේ අසරන කම තව වැඩි කරමිනි. ඝන අන්දකාරයෙන් මුලු ගම්මානයම වෙලාගෙන හමාරය සීතල සුලඟ නිසා ටොමියා ගුලි වෙන්න උත්සහ කලද එය අසාර්ථකය. ටොමීයාට මතක් වන්නේ තම ස්වාමියා වෙනදාට මේ වේලාවට ලබාදෙන රසවත් බත් ගුලියයි. ටොමියා එක් වරම තිගැස්සී සිහින ලෝකෙන් එලියට අවේ ගෙම්බකු ගේ කැගැසිමකටය. වැස්ස කෙමෙන් අඩු වෙත්ම දැන් තම ස්වාමියා එතැයි බලාපොරොත්තුවෙන් ටොමියා මඟ බලා සිටියී. රාත්රිය අවසන් විය තවමත් තමන්ගේ ස්වමියා නැත මේ අවංක ප්රේම වන්තයාට අවශ්ය වන්නෙ තම ස්වමියාගේ ඇඟේ දැවටීමටය එහෙත් ඔහු නැත. දුරින් යන බොට්ටු දැක ටොමියා උඩු බිරුවද කිසිවෙකු වත් ඒ දෙස බැලුවේවත් නැත. ද්ධික කුසගින්නෙන් ටොමියා දුර්වල වී ඇත බුරන හඬ පවා බාල වී ඇත. එහෙත් ටොමියා තවමත් සිතන්නේ තමන්ගේ ස්වාමියාගේ පැමිණීමය මන්ද ටොමියාට මේ ලොකයෙ විශ්වාසවන්තම පුද්ගලයා ඔහුය.
හරකකුගේ යෝධ මල කඳක් වතුරෙන් පාවී තමා අසලින් පාවී යන විට පැන කුණුවූ මස් කැබල්ලක් ඩැහැ ගත්තේ සතියකට වඩා කිසිම අහරක් නැති මේ අහින්සකයාට බඩගින්න දරා ගත නොහැකි කමටය. තවත් රාත්රියක් ලං විය ඝන අදුරේන් ගිලගත් ගම්මානයේ දුරින් කුඩා ආලොකයක් දිස්විය මේ ටොමියාගේ ස්වාමියාද? ටොමියා උඩු බුරලන්න ගන්නේ තම ස්වාමියා තමාව ගලවන්න පැමිනේනවා යයි සිතාගෙන සතුටෙන් ඉපිලෙමිනි, නමුත් ඒ පැමිනෙන්නේ තම ස්වාමියාගේ වත්තේ ඇති කෙහෙල් ගස් වල කැන් හොරෙන් කාපා ගැනිමට එන හොරුන් දෙදෙනෙකී. නිවසට ලං වූ බොට්ටුව දැන් හෙමින් හෙමින් ලංවන්නේ කෙසෙල් කැන වෙතටය. ටොමියා එක වරම ගොරවමින් බෝට්ටුවට පැන්නේ තම ස්වාමියාගේ දේ රැකගැනීමට තමාගේ අවන්කවූ සේවය ඉටු කිරීමටය.
ටොමියා එක පිම්මට බොට්ටිවට පැන එක් හොරකුගේ කකුල සපා කනවාත් සමඟම ටොමියාගේ හිසට වැදුනේ විශාල පොලු පහරකී. දත් පහර වැදුන සොරා වේදනාවෙන් කෑ ගසන අඳෝනාව සමඟම ටොමියාගේ වේදනා බර කෑ ගැසීම ඇසුනේ මම. මගේ උපරිමය කලා යන්න කියන්නාක් මෙනි. “අවලං වල් බල්ලා ඇල්ලුවා නේද උබේ කකුල, අපි ඉක්මනටම යමං ඕකව උස්සල වතුරට දාහං” ටොමියා නම් අහින්සක විරුවාව වතුරට විසිකර සොරුන් ක්ෂනිකව පලාගියේ විදුලියක්මෙනි. දැඩි අසණ ලෙස කෙදිරිගාමින් මේ අවංක ප්රේමවන්තයා පීනන්න වෙර දැරුවද කෙමෙන් කෙමෙන් ජලයේ ගිලී ගියේ මනුශ්යත්වයට වඩා බලුකම උතුම් යයි මුලු විශ්වයටම විදහා දක්වමිනි.
අහින්සක ටොමියා හිතුවේ තමන්ගේ ස්වාමියාගේ සම්පත් රැක ගැනිමටය එහෙත් එම අර්ත්මාර්ථකාමී ස්වාමියාට මෙම පන තිබෙන සම්පත අහිමි විය. ටොමියා කවදාවත් තම ස්වමියාට වෛර කලේ නැත එයයි බල්ලෙකුගේ හිත. ටොමියාගේ ස්වාමියා කලේ බලු වැඩක් යයි කීම සුදුසු නැත . දින තුන හතරකට පසු වතුර සියල්ල සිදි ගිය පසු ගම් වැසියන් නැවත තම ගම් බිම් බලා ආවේය. තම නිවස බලන්න පැමිනි මේ ටොමියාගේ ස්වාමියා තම නිවස අසල කෙසෙල් පඳුරේ රැදී තිබූ ටොමියාගේ මළකුණ දැක පැවසුවේ “කොහෙවත් යන බල්ලෙක්ගේ මල ජරාවක් මෙක අස්සටම ඇවිල්ලා ශික්” යනුවෙනුයි
-නිමි.
                      Daydreaming Yohan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!