අවසානය දක්වාම කියවන්න….!!
ශාකයත් එමගින් සදා ගන්නා මත්ද්රව්යයත් අප දකුණු ආසියාතික කලාපයේදී ගංජා යන නමින් හැදින්වේ. ගංජා ශාකයේ වර්ග දෙකකි කැනබිස් සාටිවා සහ කැනබිස් ඉන්ඩිකා යනු එම වර්ග දෙකය. නිවර්ථන කලාපයේ වැඩෙන මෙම ගංජා ශාකය නූතන ලෝකයේදී සෞම්ය කලාපීය රටවලද පාලිත තත්ව වලදී සරුවට ඇති දැඩි කරනු ලැබේ. බටහිර ලෝකය ගංජා මත් ද්රව්ය අඳුනාගන්නේ මරිජුවානා යන නමිනි. මරිජුවානා මගින් විවිධාකාරයේ මත්වීම් සදහා ගන්නා ද්රව්ය රැසක් නිපදවා ගනු ලැබේ.
1. ගංජා බේතක් නේද ඉතිං ගත්තම මොකද…?
ගංජා මත්ද්රව්යයක් ලෙස ජනප්රිය වන විට මත් වන සංයෝගය වැඩිවන ආකාරයට සාන්ද්රනයෙන් අධික ගංජා නිපදවන්නට මත්ද්රව්ය නිෂ්පාදකයින් උනන්දු වන්නට විය. ඒ අනුව නූතනයේ මරිජුවානා සදහා යොදාගන්නා ශාකවල මීට සියවසකට පෙර ගංජා ගස්වල පැවති මත්ද්රව්ය සාන්ද්රනය මෙන් දස ගුණයකටත්වඩා වැඩි සාන්ද්රනයකින් ගංජා හි මත් වන සංයෝග අඩංගු බැව් විද්යාඥයෝ සනාථ කර තිබේ.
පුරාණ ආයුර්වේද වෛද්ය විද්යාෙව් ගංජා බෙහෙතක් ලෙස දක්වා ඇති නමුදු බෙහෙතක් ලෙස ගැනීමේදී යම් යම් සීමාවන්ට යටත් වී එය ඔසුවක් ලෙසම භාවිත කළ යුතුය. නියමිත අනුපාතයට වෙනත් ඔසු හා මුසු කොට වෛද්ය උපදෙස් අනුව බෙහෙත් සෑදීමට ගන්නා බව සැබවි. එහෙත් හිතුමනාපයේ ගංජා ඉරීම කිසිසේත්ම ඖෂධීය භාවිතයක් ලෙස දැක්විය නොහැක. ආහාර නිපදවීමේදීද ඇතැම් අවස්ථාවල මස් පිසීම වැනි අවස්ථාවල පුරාතනයේ ගංජා කොල භාවිතා කොට තිබේ. එහෙත් ඒ මත්වීම යන ප්රයෝජනය තකා නොවේ. ගංජා ගසේම පවතින වෙනත් සංයෝගයක භාවිතයෙන් මස් වල මෘදු ස්වභාවයන් ඇතිවනවා විය හැක.
ආයුර්වේදයට අනුව ගත් කල…
ආයුර්වේදයට අනුව ගංජා අයත් වන්නේ connabinoeceal හෙවත් භංගා කුලයට අයත්වේ විජයා, තෛලෝක්ය විජයා, මාධනී මෝහිනී යනාදී නම්වලින් මෙම ඖෂධ ශාකය හඳුන්වනවා.
ගංජා ශාකය මදකාරී ශාකයක් හෙවත් මත් බවින් පිරි ශාකයක්.
ගංජා ශාකය මීටර් එකහමාරක පමණ ප්රමාණයෙන් යුත් පඳුරක්.
මෙම ශාකයේ පත්ර, ඇට, අතු සහ නිර්යාස (ගම් වගේ) යන කොටස් ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නවා.
මෙම ශාකයේ කොළ දඬු ආදී සෑම ස්තරයකම නිර්යාස නමින් ද්රාවණයක් තැන්පත්ව තිබෙනවා.
එය ආයුර්වේදයේ “චරස්” යන නමින් හඳුන්වන්නේ.
මෙම ශාකයේ පවතින රසායනික බව හේතුවෙන් පුද්ගලයාට ප්රබල මත් බවක් ඇති කිරීමේ හැකියාවක් මෙහි තිබෙනවා.
ගංජා කියන්නේ ඉතාමත් හොඳ වේදනා නාශකයක්.
ගංජා පත්රවලින් හදන ආලේපවලින් හන්දිපත් ඉදිමීම්, ශරීර වේදනා, තැළුම් ආදී බාහිර රෝග සුව කිරීමේ හැකියාවක් පවතිනවා.
ඒ පමණක් නොවෙයි ශරීර අභ්යන්තරයේ ඇති රෝග රැසකට මෙම ගංජා හොඳ ඖෂධයක්.”
ආයුර්වේදයේදී ප්රබල වේදනා නාශකයක් වන ගංජා වෙනත් ශාක ඖෂධ හා සම්පාදිත ඖෂධයක් ලෙස මිශ්ර කර රෝග රැසකට ප්රතිකාරක ඖෂධ නිෂ්පාදනය කළ හැකි බව සඳහන්
“ආයුර්වේදයේදී කිසිම තැනක කියන්නේ නෑ ගංජා තනි ඖෂධයක් ලෙස නිෂ්පාදනය කරන්න කියලා.
මෙම ශාකයේ පවතින මත් විෂ නිසා වෙනත් ඖෂධීය ශාක සමඟ සීමිත ප්රමාණයක් මිශ්ර වන පරිදි සම්පාදිත ශාකයක් විදියට සුළු ප්රමාණයක් භාවිත කරලයි ඖෂධ නිෂ්පාදනය කරන්නේ.
සම්පාදිත ගංජා ඖෂධය මඟින් රෝග රැසකට සුවය ලබාදෙන ගුළි, මෝදක, කුඩු යනාදී ඖෂධ අපි නිෂ්පාදනය කරනවා.
එම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ප්රථමයෙන්ම ගංජා ශාකයේ පවතින අදික මත්ගතිය ඉවත්කළ යුතුයි.
ආයුර්වේදයේදී අපි එය ශෝධනය නමිනුයි හඳුන්වන්නේ.
මෙම ශෝධනයේ ප්රබලතම අරමුණු ගංජා ශාකයේ ඇති අදික මත්බව ඉවත්කිරීමයි
එහිදී ගංජා කොළ, ඇට සහ දඬු රෙදි කඩක තබා පොට්ටනියක් වගේ ගැට ගසා ගැනීමක් කරනවා.
මුට්ටියක් ගෙන එහි ඉහළින් ලී කැබැල්ලක් තැන්පත් කරලා ගංජා පොට්ටනිය මුට්ටිය ඇතුළට වන පරිදි මුට්ටි පත්ලෙ නොවදින ආකාරයට තැන්පත් කළ යුතුයි.
ගංජා පොට්ටනිය වැසෙන තරමට මුට්ටියට එළ කිරි පුරවා පැය 3ක කාලයක් එය තැම්බීමෙන් ගංජා ශාකයේ අදික මත්බව මැරීමක් අපි සිදු කරනවා.
එයට භාවිත කරන විශේෂ මුට්ටිය වැනි උපකරණය දෝල යන්ත්රය නමින් හඳුන්වන්නේ.”
එසේ පැය 3ක කාලයක් එළකිරිවල තම්බා අදික මත්බව මරාගත් ගංජා භාවිතයෙන් විවිධාකාර ඖෂධ නිෂ්පාදනය කරන බව සඳහන්
තැම්බීමෙන් පසු ගංජා පත්ර, ඇට සහ දඬු යන කොටස් වෙන් වෙන්ව ගෙන වෙනත් සම්පාදිත ඖෂධ සමඟ මිශ්ර කොට ශරීර අභ්යන්තරයේ රෝග රාශියකට ඖෂධ නිෂ්පාදනය කිරීමට කටයුතු කරයි.
“ශෝධනයෙන් පසුව වෙනත් ඖෂධ හා මිශ්ර වන පරිදි කංසා කොළ භාවිත කරලා අබිං ගුළිය නමින් ඖෂධයක් නිෂ්පාදනය කරනවා.
එය පණු රෝගය ඇති රෝගීන්ට හොඳ ඖෂධයක්.
රත්නාදී ගුළිය නමින් ගංජා ඇට භාවිත කරලා ප්රබල ඖෂධයක් හදනවා.
අතීසාරයට, තද උණට, ගර්භාෂය ආශ්රිත රෝග දුරු කිරීමට, ප්රසූත කාන්තාවන්ට සෑදෙන වලිප්පුව නැති කරන්න රත්නාදි ගුළිය ඉතාමත් යෝග්යයයි.
එපමණක් නොවෙයි කංසා හරිතකි මෝදකය, මදන මෝදකය භාවිතයෙන් ලිංගික ගැටලු රැසකට ප්රතිකාර ලබන්න පුළුවන්.
“ගංජා ඖෂධය සතුව cannon hinone නමැති රසායනික ගුණයක් තිබෙනවා.
ඒ හරහා කෑම අරුචිය, නින්ද නොයෑම, ඇදුම, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග රැසකට ප්රතිකාර ලබා දෙනවා”.
ගංජා සම්පාදිත ඖෂධ ලබා ගැනීම මඟින් ශ්වසනාබාධ දුරුකර ගත හැකි වන්නා සේම පෙණහලු ආශ්රිත රෝග රැසකටද එමඟින් ප්රතිකාර ලද හැකිය..
එපමණක් නොව ගංජා මිශ්ර කනක තෛලය හන්දිපත් රුදාවට, හිසේ කැක්කුම්වලට ආලේප කළ හැකි සහ පානය කිරීමටද ගත හැකි තෛලයකි.
ජාතිඵලාදී චූර්ණය නමැති ඖෂධය අතීසාරය, කල්ගත වූ සෙම්ප්රතිශ්යා දුරු කිරීමට ඉතාමත් හොඳ ඖෂධයකි.
2. ගංජා සිගරට් වගේ නේ………
ගංජා වල බලපෑම කෙලින්ම එල්ල වන්නේ මොළයට වේ. ගංජා නිතර භාවිතයෙන් මොළයේ සෛල නැවත යථා තත්වයට පත් කළ නොහැකි මට්ටමට විකෘති වීමේ අවධානමක්ද පවතී. ගංජා භාවිතය නිසා අඩපනව වෛද්ය ප්රතිකාර පිණිස රජයේ රෝහල් කරා ඇදුනු තරුණ තරුණියෝ ප්රමාණය 300කට අධික බැව් ශ්රී ලංකා අන්තරයකාර ඖෂධ පාලන අධිකාරියේ වාර්ථාවල දැක්වේ.
දුම්කොළ භාවිතාවෙන් තනන දුම්වැටිද විවිධ පද්ධතින්ට අගතියක් ගෙන දෙන උවදුරකි. දුම්වැටි ප්රධාන කොටම පෙනහලු හදවත ආදී ඉන්ද්රියන්ට සිදුකරන බලපෑම වැඩිය. ගංජා යනු සිරුරේ සියලු යාම කටයුතු ක්රියාත්මක කරන මොලයට හානි කරන උවදුරකි. සරලවම ගතහොත් දුම්වැටියක් ඉරීමෙන් පසුව රියපදවන රියදුරන් අප සාමාන්ය ජීවිතයේ නිතර දකී. එහෙත් ගංජා භාවිත කොට රිය පදවන රියදුරකු බොහෝවිට සිටින්නේ පියවි සිහියෙන් නොවේ. එවැනි ගංජා යම් පමණකින් ගත් කල එම පුද්ගලයාගේ ප්රකෘති තත්ත්වය සම්පූර්ණයෙන්ම විකෘති වන හෙයින් එය දුම්වැටි හා සංසන්දනය කොට ගංජා අහිංසක යැයි කීම මුලාවකි.
3. ඔය ඉන්නේ ගංජ ගහන අය
බොහොම සනීපෙට…….
මොලය යනු විද්යාඥයින් පවා නිසිලෙස සම්පූර්ණයෙන්ම විග්රහ කොට නැති අවයවයකි. එබැවින් ගංජා මතින් මොළයට සිදුවන හානි වල ප්රතිලාභ කෙසේ ලැබේදැයි නිවැරදිවම ප්රස්ථාගත කරගැනිම කළ නොහැක. විසකුරු සර්පයෙක් දෂ්ඨ කළ පසු අදාල ස්ථාන සැනින් ඉදිමෙනවාක් වැනිව ගංජා භාවිත කරන්නාට භාවිත කර පැයකින් දෙකකින් එහි අහිතකර ප්රතිඵල අත්දකින්නට නොලැබේ. එහෙත් කාලාන්තරයක් තිස්සේ භාවිතා කිරීමෙන් විවිධ මානසික ව්යාධීන් ඇතිවීමේ හැකියාව වැඩිවේ. උදාහරණයකින් ගතහොත් ඔබ නිවසේ දොර ජනෙල් සියල්ලම හැර දමා නින්දට යන්නට හුරු වුවහොත් පළමු දවසේම ඔබ නිවසට සොරුන් පැමිණ බඩු රැගෙන යන්නේ නැත. දොර ජනෙල් ඇර දමා තිබීමෙන් නිවෙස සොරුන්ගේ ග්රහනයට පත් වීමේ අවධානම සැලකිය යුතු තරමකින් වැඩි වේ.
මත් ද්රව්ය සියල්ලක්ම පාහේ එසේය. දොර ජනෙල් හැරදමා ලූ කලෙක නිවස තුලට නැවුම් වාතය පැමිණ අවට සිරි නරඹමින් කාලය ගත කරනවා වැනි ප්රමා්දජනක ආශ්වාදයක් තාවකාලිකව සෑම මත් දේකින්ම ලැබේ. එහි දීර්ඝකාලීන බලපෑම කුමන වේශයකින් කවර අවස්ථාවකදී මත් ද්රව්ය ලබාගන්නා කරා එළැඹේදැයි හරියාකරව නිගමනය කරගත නොහැකිය.
4. සාධක…..
යුරෝපයේ විශාල නියැදියක් යොදාගන කරන ලද පර්යේෂණ වලදී සාමාන්ය රියදුරන්ට වඩා ගංජා භාවිත කොට රිය පදවන රියදුරන් අනතුරු වලට භාජනය වීම දෙගුණයක් බව සනාථ කොට තිබේ. ඇමරිකාවේ යෞවන යෞවනියන් මරිජුවානා සහ ඒ ආශ්රිත දේට යොමුවිම එරට තරුණ ප්රජාව මුහුනදෙන ප්රධාන ගැටළුවක් බවට පත් ව තිබේ. කරන ලද පර්යේෂණවල දත්ත අනුව ගංජා භාවිතයට හුරු වූ සිසුන්ගේ අධ්යාපනික පසුබිම සීඝ්රයෙන් ගරා වැටෙන බවත් අතීතයේ පටන් ගංජා භාවිත කරන ලද පුද්ගලයින් සතුටුදායක ඉහළ වැටුප් ලබන රැකියා වන්ට යොමුවීම සැලකිය යුතු තරමකින් අඩු බවත් සනාථ කොට තිබේ. ඉතා කළාතුරකින් පුද්ගලයකු ගංජා ආදී මත් පැන් භාවිත කරද්දීත් අධ්යාපනයෙන් සහ රැකියාවෙන් සාර්ථක විමේ සම්භාවිතාවක් පවතී. එහෙත් සමස්ථයක් ලෙස සැලකූ කල ගංජා භාවිතය අධ්යාපනයට සහ ඉහල රැකියාවන්ට යොමුවීමට බාධාවක් ම බව පර්යේෂණාත්මකව ඔස්ට්රේලියාව නවසිලන්තය වැනි රටවල කරන ලද පර්යේෂණ වලින්ද තහවුරු වේ.
5. ගංජා තහනම හා මතවාද………
ගංජා සහ මරිජුවානා තහනම් නොකළ රටවල් සහ පලාත් ලෝකයේ තිබේ. එහෙත් ලෝකයේ අන්තරායකාර ඔසු සම්බන්ධ නීති සහ සම්මුතින්ට අනුකූලව ගංජා යනු ලොවම පිලිගත් මත් ද්රව්යයකි. රටක නීතියෙන් ගංජා ඉරීම තහනම් නොවීම යනු ගංජා රිසි සේ ඉරීමට ඉඩ හසර ලබාදිමක් නොවේ.
මීට වසර 16කට පෙර පෘතුගාලයේ ගංජා පානය කිරීම නිතිමය වරදක් ලෙස පිලිගැනීම නවතන ලදී. එයින් පසු ගංජා උරන තරුණ තරුණියන්ට වඩාත් සමීපවී ඔවුන් ගංජා මරිජුවානා සහ මතින් ගැලවීමේ වැඩපිළිවෙළ ආරම්භ විය. එසේම මත් ද්රව්ය ලබාගැනීම වරදක් නොවූවත් මත්ද්රව්ය වෙළඳාම සහ ප්රවාහනය පෘතුගාලය තුල දඩුවම් ලැබෙන වැරදි ලෙස නීතියේ දක්වා තිබේ. ඒ අනුව පෘතුගාලයද ගංජා පානය කළ හැකි රටක් ලෙස ඇතැමුන් හැඳින්විය හැකි වුවත් එහි ගංජා ගැන ඇති මතය වෙනස්ය.යුරෝපා සංගමයේ දියුණු රටක් වුවද ස්වීඩන් රටේ මත්ද්රව්ය අධික ලෙස ගැනීම හේතුවෙන් මිනිසුන් මිලියනයකින් 60 දෙනෙකට වඩා මරු වැළඳ ගනී. එහෙත් පෘතුගාලයේ තත්ත්වය අනුව එරට මිලියනයක ජනකායකින් මත්ද්රව්ය ගැනීම් නිසා මිය යන්නේ 3 දෙනෙකු පමණි.
ලංකාවේ එතනෝල් පානයන් විකිණීම දැඩි ලෙස නීති ගත කොට ඇති අතර නේපාලයේ කුඩා කඩවල පවා රට බීම විස්කි වර්ග විකිණීමට තිබේ. ලංකාවේ අවි ආයුධ විකිණීම දැඩි වරදකි. එහෙත් ඇමරිකාවේ විවිධ ආකාරයේ තුවක්කු පිස්තෝල විකුණන අලංකාර සාප්පු ආදියද තිබේ. රට රටවල නීතිමය රාමු එකිනෙක වෙනස්ය.සමාජ හර පද්ධතීන් සහ මනුෂ්ය ගති සොබා වෙනස්ය. ගංජා සම්බන්ධ නීති රීති ලිහිල් වූ රටවල් රැසක් තිබීම තුලින්, එරට වල පුරවැසියන් බොහෝ දෙනෙකු මරිජුවානා/ගංජා ලෝලින්යැ, ඒ රටවල තිබේනම් මෙහි නැත්තේ මන්දැ ආදී ලෙසින් ප්රශ්ණ කිරීම බුද්ධිගෝචර නොවේ. තහනම තිබියදිත් දිවයිනේ වැඩිම භාවිතයක් සහිත මත්ද්රව්ය ලෙස කිරුළු පළඳින ගංජා තහනම ඉවත් කළහොත් ඇතිවිය හැකි සංසිද්ධිය සුළු පටු සරල එකක් නොවනු ඇත…..
……ගංජා නීතිගත කළ යුතුයි ද නැද්ද…..
කංසා ගැන මූලික අවබෝධය…
තනි කඳක් සහිත කංසා ශාකය මීටර් දෙකක් විතර උසට වැඩෙන, කේතු ආකාරයට අතු බෙදෙන පඳුරක ස්වභාවයකින් යුක්ත වෙනවා. ගස් වල මල් පිපෙන්නේ පොකුරක ආකාරයකට. සෑම පොකුරක් ආසන්නයේම හීනි දිග තනි කොළයක් මතුවීම සිද්ධ වෙනවා. ඒ වගේම කංසා පත්රවලින් මැලියම් වර්ගයක් ශ්රාවය වන අතර එහි රසායන වර්ග 500ක් පමණ අඩංගු වන බව කියවෙනවා. ඊට අමතරව කංසා ශාකයටම ආවේණික රසායන ද්රව්ය 80ක් පවතිනවා. මධ්යම ආසියාවේ අල්තායි කඳුවැටිය කංසා ශාකයේ නිජබිම ලෙස සැලකෙනවා.
ත්රෛලෝක විජය….
පුරාණ ඉන්දීය ග්රන්ථ තුළ ‘සෝම’ ලෙස හැඳින්වෙන්නේ කංසා බව ඇතැම් විද්වතුන් විශ්වාසය පළ කරනවා. එම ඖෂධය මගින් මිනිසාව දෙවියන් වෙතට ළං කරන බව එම ග්රන්ථ පවසනවා. කෙසේ වෙතත් ත්රෛලෝක විජය නමින් හැඳින්වෙන්නේ කංසා ශාකයට බව සියලු දෙනාම කිසිදු විවාදයකින් තොරව එකඟ වෙනවා. පුරාණ ආයුර්වේද ග්රන්ථවල කංසා භාවිතාකොට නිෂ්පාදනය කරනු ලබන ප්රත්යක්ෂ ඖෂධ ගණනාවක් පිළිබඳව සඳහන් වෙනවා.
මුල්ම කඩදාසි….
චීන ජනප්රවාද වල සඳහන් වන ආකාරයට එකල චීනය තුළ ලේඛන සඳහා භාවිතා කර තිබෙන්නේ උණ බම්බු පතුරුයි. ඊට වඩා බරින් අඩු විකල්පයක් චීන ජාතිකයන්ට අවශ්යව තිබුණා. දිනක් මේ පිළිබඳව අවධානය යොමු කළ යම් පුද්ගලයෙක් කංසා සහ මල්බෙරි පොතු එකට දමා සකස් කරගත් තලපයක් දින ගණනාවක් පල්වෙන්න තබා අවසානයේදී අච්චුවකට දමා හෙළනු ලැබ තිබෙනවා. මේ ආකාරයට ලෝකයට කඩදාසි බිහිවුණා යැයි පැවසෙනවා.
කංසා වල වෙනත් ප්රයෝජන…..
කංසා ඇට වලින් සිඳිනු ලබන තෙල් සහ පිටි විවිධ ආහාර මෙන්ම ඖෂධ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කඳේ පොත්ත භාවිතා කරමින් නූල් සකස් කොට විවිධ ඇඳුම් වර්ග නිර්මාණය කිරීමත් කංසා වලින් ලැබෙන තවත් ප්රයෝජනයක්. මීට අමතරව කංසා අරටුව භාවිතා කරමින් කඩදාසි පමණක් නොව ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්ය ලෑලි පවා සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. කාංසා පිළිබඳව විවිධ පර්යේෂණ කළ වෛද්ය වෘත්තිකයන් එහි පිළිකා නාශක ගුණයක් ඇති බවත් කියනවා
කංසා තහනම් වුණේ ඇයි…?
කංසා තහනම ඇති කිරීමට ප්රමුඛත්වය ගත් රට ලෙස චෝදනාවකට ලක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. විවිධ කෘත්රිම ආදේශක භාවිතා කරමින් ඔවුන් විසින් අඩු මිලට නිෂ්පාදනය කරනු ලැබූ කඩදාසි, ඖෂධ වර්ග සහ පෙට්රෝලියම් තෙල් ආශ්රිත ඇඳුම් පැළඳුම් ආදිය සඳහා නව වෙළෙඳ පොළක් ලබා ගැනීමේදී මූලික අභියෝගය කංසා නිසා එල්ලවන බව ඔවුන් විශ්වාස කළා. මේ නිසා කංසා වලට එරෙහිව එය භයානක මත් ද්රව්යයක් බව පවසමින් සුවිශාල ප්රචාරණය යුද්ධයක් ඔවුන් විසින් ආරම්භ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඉත්තෙක් බවට පත්වුණා.
කංසා වල අවුලක් ඇත්තේම නැද්ද….?
කංසා භාවිතය අගය කරන බොහෝ දෙනෙක් කියන ප්රධානම කතාව තමයි කංසා වලින් මානසික ඒකාග්රතාවය ඇති වෙනවායි කියන එක. ඒ කතාව ඇත්ත. ඒත් ගැටළුව තියෙන්නේ කංසා භාවිතය මගින් මානසික රෝග උත්සන්න වීමටත් ඇතැම් අවස්ථාවල නව මානසික රෝග ඇතිවීමටත් හැකියාවක් තිබීමේයි. එසේම ඇතැම් පර්යේෂණ මගින් තරුණ තරුණියන්ගේ ස්නායු පද්ධතියට කංසා මඟින් හානි ඇතිවන බවටද සනාථ වී තිබෙනවා.
එතකොට මොකක්ද කරන්න ඕන….?
අපි හිතන විදිහට කංසා ලංකාවේ නීතිගත කළ යුත්තේ කංසා කුමක් සඳහා භාවිතා කළ යුතුද යන්න පිළිබඳව නිසි මාර්ගෝපදේශ සකස් කිරීමෙන් අනතුරුවයි. විශේෂයෙන්ම ඉහත අපි සඳහන් කළ ආකාරයේ නිෂ්පාදන නොවන දෙයක් සඳහා කංසා භාවිතා කළ යුත්තේ මොන මොන අවස්ථාවන් සම්බන්ධවද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේම මේ පිළිබඳව පර්යේෂණ කිරීමට සහ පාලනය කිරීමට යම් පාලනාධිකාරියක් ස්ථාපිත විය යුතු බව අපි විශ්වාස කරනවා….
………“කංසා” එදා සිට අද දක්වා……
මිනිසා බිහි වන්නේ කංසා ශාකය බිහි වී වසර මිලියන 30 ක් පමණ ගෙවී ගිය පසුව ය. එනම් වසර ලක්ෂ දෙකකට පමණ ඉහත දී ය.
අප්රිකාවේ දී බිහි වූ මිනිසා චීනයට පැමිණෙන්නේ වසර 25000 කට පමණ ඉහත දී ය. මිනිසාට ප්රථම වතාවට කංසා ශාකය හමුවන්නේ වසර 12000 කට පමණ ඉහත දී ය. කංසා ශාකයෙන් ලබා ගත හැකි ප්රයෝජන දුටු මිනිසා කංසා ශාකය ගෘහාශ්රිත බෝගයක් ලෙස වගා කරන්නට විය. මිනිසාගේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ද කංසා නිසා සක්රිය විය. එකල කංසා ශාකය බහුකාර්ය බෝගයක් ලෙස පරිභෝජනය කෙරිණි.
ආහාර, ඖෂධ, රෙදි විවීම, රූපලාවන්ය, ඉන්ධන, විනෝදය සහ ආධ්යාත්මික ජීවිතය ඉහළ නංවා ගැනීම සදහා උදව් දුන්නේ කංසා ශාකය යි. සයිතියන්වරු කූඩාරම් සැදිම සදහා භාවිත කළේ කංසා දඩුය. කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ චීනයේ දී ය. ඉන් පසු මිනිසාගේ සමාජය නාගරීකරණය වන්නට විය.
නාගරීකරණය නිසා ආහාර රටා වෙනස් වූ අතර ආහාරයේ තිබූ විවිධත්වය ද අඩු විය. නැවතත් සෞඛ්ය සම්පන්න වීම සදහා අවශ්ය ආහාර වනාන්තරයේ වූ ශාක, සත්ත්ව සහ පාෂාණවලින් ම ලබා ගැනීමට සේවාවන් බිහි විය. මෙම නව සේවාව ඖෂධ සැපයීම වූ අතර ඖෂධ බෙදාහැරීමට දක්ෂ මිනිසුන් වෛද්යවරු ලෙස දේවත්වයට පත් විය.
කංසා ඉතිහාසය………
වසර 12000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා ය. එසේ සිදු කළේ එයින් ලබා ගත හැකි වූ අමුද්රව්ය ඔවුන්ගේ ජීවිතයට නැතිව බැරි වූ නිසා ය. කෘෂිකර්මය සමග ආරම්භ වූ වෙළදාම සමග කංසා ආශ්රිත විවිධ නිෂ්පාදන ලොව පුරා ව්යාප්ත විය. ඒ සමග ම චීනයේ අල්තායි කඳුවැටියෙන් බිහි වූ කංසා ශාකය ලොව පුරා ව්යාප්ත වන්නට විය.
චීනයේ සිට කංසා ශාකය ඉන්දියාවට රැගෙන ආවේ ආර්යයන් විසිනි. ඔවුන් වෙළෙන්දන් ය. මධ්යධරණි ප්රදේශයට සහ යුරෝපයට රැගෙන ආවේ සයිතියන් වෙළෙන්දන් විසිනි. අප්රිකාවට රැගෙන ගියේ අරාබි ජාතික වෙළෙන්දන් විසිනි. ශ්රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ රාවණා රජු ලංකාද්වීපයේ පාලකයා වූ කාලයේ දී ය. යුරෝපයේ සිට ඇමරිකාවට කංසා රැගෙන ගියේ ක්රිස්ටෝපර් කොලොම්බස් විසිනි. යුරෝපයේ සිට ඕස්ට්රේලියාවට කංසා රැගෙන ගියේ කැප්ටන් ආතර් පිලිප් විසින් වසර 1787 දී ය.
එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය……
විශ්වය ආරම්භය සිදු වූයේ වසර බිලියන 13.7 කට ඉහත දී ය. ඉන්පසුව ක්රමයෙන් සෞරග්රහ මණ්ඩල නිර්මාණය විය. පෘථීවි ග්රහ වස්තුවේ සාගරවල ජීවය ඇරඹිණි. ජීවයේ රසායනික පදනම DNA බවට පත් විය. DNA සහිත ඒක සෛලික ජීවීන් පරිණාමය වී බහුසෛලික සංකීර්ණ ජීවින් බවට පත් විය. මෙම සංකීර්ණ සතුන්ගේ ශාරීරික යහපාලනය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වසර මිලියන 600 කට ඉහත දී ජෛව රසායනික පද්ධතියක් බිහි විය. වර්තමාන විද්යාඥයින් විසින් එම ජෛව රසායනික පදනම හඳුන්වා දෙන්නේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ලෙස යි.
මෙම ජෛව රසායනික පද්ධතිය සක්රීය කරන්නේ මොළයෙන් නිපදවන රසායන දෙකක් මගිනි. එම රසායන දෙක විද්යාඥයින් නම් කර ඇත්තේ ආනන්දමයිඩ් සහ විරෝධ්මයින් ලෙස යි. එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ක්රියාත්මක වන විට ප්රතිශක්තිය වැඩි වෙයි. රෝගාබාධවලට ගොදුරු වීම අඩු වෙයි. ආහාර රුචිය වැඩි වෙයි. අමතක කිරීම පහසු වෙයි. මනසට ආනන්දය ලැබෙයි. පොදුවේ ගත් කල හිත සිරුර සහ මනසේ පාලනය යහපත්ව පවත්වා ගැනීමට ද හැකි වෙයි.
කංසා ශාකයේ බිහි වීම…….
එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය නිර්මාය වී වසර මිලියන 600 කට පමන පසුව එනම් වසර මිලියන 30 කට ඉහත දී මධ්යම ආසියාවේ අල්තායි කදුවැටියේ දී කංසා ශාකය බිහි විය. මේරූ ගැහැණු කංසා ශාකවල කරටිවලින් පැනනගින ගැහුණුමල් වටා ඇති නිපත්ර සහ පත්රවලින් මැලියම් වර්ගයක් ශ්රාවය වෙයි. එහි රසායන 500 ක් පමණ ඇති අතර කංසා ශාකයට ආවේණික වූ රසායන 80ක් පමණ ඇත. වර්තමානයේ දී විද්යාඥයින් විසින් ඒවා පිළිබදව අධයනය කර කාණ්ඩ අටකට වර්ගීකරණය කර ඇත.
එයින් කාණ්ඩ දෙකකට එනම් ටෙට්රාහයිඩ්රෝකැනබිනොයිඩ සහ කැනබිඩයෝල්වලට සතුන්ගේ සිරුර තුළ ඇති එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය සක්රිය කළ හැකිය. මෙම රසායන දෙකට මනසෙන් නිපදවන ආනන්දමයිඩ් සහ විරෝධ්මයින්වලින් සිදු කරන ක්රියාව සිදු කළ හැකිය. කංසා ඇටවල පිෂ්ඨය, ප්රෝටීන සහ මේදය බහුල ය.
ඔමේගා 3 සහ 6 ෆැටි ඇසිඩ් වර්ග මිනිස් සිරුරට අවශ්ය වන පරිදි ම 1-3 අනුපාතයෙන් ම පවතී. කංසා කද වටා ඇති පොත්තේ ශක්තිමත් නම්යශීලි තන්තු බහුල ය. කංසා අරටුව ශක්තිමක්ය නම්යශීලීය.
ඖෂධ සංග්රහ………..
ශිෂ්ටාචාරයේ මුල් වැසියන් නව පරම්පරාවට දැනුම ලබා දුන්නේ ප්රායෝගිකව පුහුණු කිරීම සහ කාව්යමය ආකාරයට ය. ලේඛනකරණය ආරම්භ වීමත් සමග තොරතුරු වෙන වෙනම ලේඛන ගත විය. ආහාර සහ ඖෂධ පිළිබද තොරතුරු අඩංගු ලේඛන ඖෂධ සංග්රහ ලෙස හදුන්වයි. ඉන්දියානුවන්ගේ මුල් ම ඖෂධ සංග්රහය ඇතුළත් වූයේ වේදයේ ය. චීනයේ මුල් ම ඖෂධ සංග්රහය පෙන්ෂෝචින්ග් නම් විය. පර්සියානුවන්ගේ ඖෂධ සංග්රහය මාක්ෂාන් අල් අද්වියාවි ය. ශ්රී ලංකාවේ මුල් ම ඖෂධ සංග්රහය සාරාර්ථ සංග්රහය යි. යුරෝපයේ සැම රටකට මෙන්ම ඇමරිකාවේ ද ඖෂධ සංග්රහයන් ඇත.
ලතින් බසින් මැටීරියා මෙඩිකා නම් වූ ඖෂධ සංග්රහය ඉංග්රීසි බසින් ඩිස්පෙන්සරි හෝ පාර්මැකෝපියා නම් වෙයි. මෙම සියලූ ඖෂධ සංග්රහවල තිබූ ප්රධාන ම ඖෂධීය ශාකයක් වූයේ කංසා ය. වසර 1200 දී සම්පාදනය වූ ආනන්දකංඩම් නැමැති ඉංදීය ඖෂධ සංග්රහයට අනුව කංසා පරිභෝජනයෙන් සියලු දෝෂ සහ රෝග නැසෙයි. මතකය තීවුර වෙයි. ආහාර රුචිය වැඩි වෙයි. මලබද්දය දුරු වෙයි. මකුණන් සහ උකුණන් ද නසයි. මෛථූන ශ්රාවයන්ගේ නිෂ්පාදනය වැඩි වෙයි. ඥානය වර්ධනය කරයි. ධාර්මික ගුණ වැඩි වෙයි.
දේශ ගවේෂණ සමග යටත්විජිතවලින් ගෙන්වා ගත් ඖෂධ අධිරාජ්යවාදින්ගේ ඖෂධ සංග්රහවලට එකතු විය. එංගලන්තයේ සහ ඇමරිකාවේ ඖෂධ සංග්රහවලට කංසා, අබිං සහ කොකා එකතු වුයේ ඒ අයුරිනි. මත්පැන් සහ දුම්කොළ යටත් විජිතවලට හදුන්වා දීම ද මේ අතර සිදු විය. වසර 1900 වන විට ලෝකයේ සැම රටකම කංසා, අබිං, මොර්ෆීන්, හෙරොයින් සහ කොකේන් ඖෂධීය ලෙස භාවිත කළ අතර ප්රඥාවන්තයන් විසින් මනස සන්තර්පනය කර ගැනීම සඳහා ද භාවිත කරන ලදී. කොකා, අබිං සහ කංසා ශාක අතරෙන් බහු කාර්ය බෝගයක් වූයේ කංසා ය. රෙදි විවීම, කරදාසි නිපදවීම, ඉන්ධන, ආහාර සහ රූපලාවන්ය සඳහා භාවිතා කළේ ද කංසා ශාකයෙන් ලබා ගත් අමුද්රව්යය.
රසායන විද්යාවේ ප්රගමනය…….
ඇමරිකාවේ සහ යුරෝපයේ එවකට සිටි රසායන විද්යාඥයන් විසින් මෙම ප්රධාන ඖෂධ තුනෙහි ක්රියාකාරි රසායනය සොයා පර්යේෂණ කරන ලදී. වසර 1804 දී අබිංවල ඇති ක්රියාකාරී රසායනය හඳුනා ගැනීමට පර්යේෂකයින්ට හැකි විය. ඉන්පසුව එම රසායනය නිස්සාරනය කර වෙෙළඳපොළට ඉදිරිපත් කෙරිණි. දුම්කොළවල ක්රියාකාරි රසායනය හඳුනා ගත්තේ ජර්මන් ජාතික පර්යේෂකයින් දෙනෙකු විසින් වසර 1828 දී ය. එය නිකොටින් නම් විය. කොකා ශාකයේ ක්රියාකාරී රසායනය හඳුනා ගත්තේ වසර 1855 දී ය. එය කොකේන් ලෙසින් හැඳින්විණි. මොර්ෆීන් සහ විනාකිරි එකතු කර හෙරොයින් සැදීම ආරම්භ කළේ වසර 1874 දී ය. එ කල කොකේන්, මොර්ෆීන් සහ හෙරොයින් ඖෂධ ලෙස භාවිත කෙරිණි. එ කල තිබූ අනෙක් ජනප්රිය ඖෂධය කංසා විය.
ඇබ්බැහිය සහ තහනම…….
මේ අතර කොකේන් හෙරොයින් සහ මොර්ෆීන් සමාජ ව්යසනයක් බවට පත් විය. එයට හේතුව ඒවාට ඇබ්බැහි වන නිසා ය. ඒවා පාලනයට ඇමරිකානු මත්ද්රව්ය අධිකාරිය ආරම්භ කරන ලදී. ඇමරිකානු රජය විසින් කොකෙන්, මොර්ෆීන් සහ හෙරොයින් පරිභෝජනයට නුසුදුසු ද්රව්ය බවට පත් කරන ලදී. ඒ සමගම කොකා ශාකය සහ අබිං ශාකය වගා කිරීම සහ භාවිතය තහනම් කෙරිණි.
රසායන විද්යාවේ ප්රගමණයත් සමග පෙට්රෝලියම් අමුද්රව්ය භාවිතයෙන් කෘත්රිම ද්රව්ය නිෂ්පාදනය ආරම්භ විය. කෘත්රිම භාණ්ඩ සඳහා වෙළඳපොළ නිර්මාණය කිරීම අපහසු විය. වසර 1940 දී කෘත්රිම හෙවත් සින්තෙටික් අමුද්රව්යවලින් සැදූ භාණ්ඩ වෙළඳපොළ ආක්රමණය කළේ ය. රසායනාගාරවල දී කෘත්රිම ඖෂධ වර්ග නිර්මාණය වන්නට විය. කැලෑ ගස් කපමින් කරදාසි සැදීම ආරම්භ වූයේ ද මේ කාලයේ දී ය. දැව තලපයෙන් කඩදාසි නිපදවීම ආරම්භ විය. ඒ සමගම පරිසරයට පිළිකාකාරක ඩයොක්සීන් වැනි රසායන එකතු විය. දුම්කොළ භාවිතය නිසා පිළිකා සෑදෙන බව වසර 1952 වන විට පර්යේෂණවලින් හෙළි විය.
කෘත්රිම අමුද්රව්යවලින් ඇඳුම්, බෙහෙත්, ලණු, කඹ ආදි කංසාවලින් සිදු කළ බොහෝ දේවල් කිරීමට හැකි විය. කෘත්රිම ඖෂධ විකුණා ගැනීම සඳහා වෙළඳපොළ නිර්මාණය කිරීම ඉතා අපහසු විය. ඇමරිකාවේ මුල්ය ආයතනය, මත්ද්රව්ය අධිකාරිය සහ මාධ්ය ජාලයක හිමිකරුවෙකු එකතු වී කංසා ශාකය ගොවි බිමෙන් ඉවත් කිරීම සඳහා උපක්රමයක් දියත් කළහ. කංසා යනු මත්ද්රව්යක් බවත් එම නිසා කංසා ශාකය පරිභෝජනයට නුසුදුසු ද්රව්ය කාණ්ඩයට ඇතුළත් කළ යුතු බවත් ඔවුන් යෝජනා කළේ ය. ඇමරිකානු ෆෙඩරල් රජය කංසා තහනම් කළේ ය. මේ අතර ඇමරිකානු ඖෂධ සංග්රහයෙන් කංසා ඉවත් විය. ප්රාන්ත රජයන් විසින් ද කංසා තහනම් කරන ලදී. ඉන්පසු එක්සත් ජාතින්ගේ සංවිධානය සමග එකතු වී ලොව පුරා කංසා වගාව සහ භාවිතය තහනම් කෙරිණි.
තහනම ඉවතට………
බටහිර ජාතිකයන්ගේ පර්යේෂණවලට අනුව කංසා ප්රතිශක්තිය වැඩි කරයි. බැක්ටීරියා විනාශ කරයි. පිළිකා වර්ධනය නවතයි. ස්නායු ආරක්ෂා කරයි. රුධිරයේ සීනි ප්රමාණය අඩු කරයි. අස්ථී වර්ධනය කර ශක්තිමත් බව වැඩි කරයි. වලිප්පුව නවතයි. ආසාදන වළක්වයි. රුධිරවාහිනී හිරවීම වළක්වයි. කුඩා බඩවැලේ ආසාදන සහ අපහසුතා අඩු කරයි. ඔක්කාරය නවතයි. වේදනා නසයි. කාංසාව දුරු කරයි. මාංශපේශි ලිහිල්ව තබයි. ස්පොරියාසිස් වැනි චර්ම ආසාදන වළකයි. මනසට ආනන්දය ද ලබා දෙයි.
මේ සමග ම කංසා රසායනයන් ශරීරගත වීම අඩු වී සින්තෙටික් රසායන, සාන්ද්රණය අධික මධ්යසාර සහ නිකොටින් ශරීරගත වීම ඇරඹුණි. මේ අතර කෘත්රිම ඖෂධවල ව්යාප්තිය තවදුරටත් වැඩි විය. ශ්රී ලංකාවට ගෙන්වන ඖෂධවලට පාලනයක් තිබිය යුතු බව පෙන්වා දුන්නේ මේ කාලයේ දී ය. ඒ වෛද්ය සේනක බිබිලේ මහතා විසින් වසර 1970 දී ය. පිළිකාව සමාජය පුරා ව්යාප්ත වන අතර කංසාවලට පිළිකා නැසිය හැකි බව 1974 දී සොයා ගැනුණි. වසර 1976 සිට 1992 දක්වා වූ කාලයේ දී ඇමරිකානු පිළිකා රෝගීන්ට වසරකට කිලෝ නවයක කංසා සලාකයක් ලැබුණි. ඒ පිළිකාවෙන් සහනය ලබා ගැනීම පිණිස දුම් ඉරීමට ය.
වසර 2015 වන විට කංසා ආශ්රිත ඖෂධ වර්ග 650කට පමණ අන්තර් ජාතික පේටන්ට් බලපත්ර ලබාගෙන ඇත. මේ වන විට ලෝකයේ රටවල් 40කට ආසන්න ප්රමාණයක කංසා වගා කිරීම අරඹා ඇත. කංසා ශාකයෙන් ලබා ගන්නා අමුද්රව්යවලින් ඖෂධ, ආහාර, තෙල් කඩදාසි, රෙදි, ප්ලාසිටික්, ගොඩනැගිලි ද්රව්ය, රූපලාවන්ය සහ විනෝදාශ්වාදය ලැබිය හැකි බියර් සහ ආනන්දය ලැබිය හැකි මරිජුවානා හෙවත් ගංජා ද නීත්යානුකූලව නිපදවයි. කංසා මත පදනම් වන ආර්ථීකයක් දක්වා ඔවුන් ගමන් කරමින් සිටියි. කංසා ශාකය කප් රුකක් බඳු ය. ත්රෛලෝක්යවිජයා හෙළි කරන්නේ කංසා පිළිබඳව එම සත්ය කතාව යි.
…………අන්තර්ජාලය ඇසුරෙනි…………
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න