කොච්චරනන් දරාගන්න ගෑනූ හිත් හයියයිද නේද? කොච්චරනන් දුක් කන්දරාවකට ගෑනූ උරුමකන් කියනවද නේද? උන් හරියට ගස් ගල් වගේ ,,උන් හරියට මහා පර්වත වගේ,ඒ තරම් උන්ට හයිය තියෙනවා ඕනම තැනකදී ඕනම දේකට මූණ දෙන්න………….
ඉපදිච්ච දා ඉඳන් උන් හැඩ ගැහෙන්නෙම දුකට…ඒ ඉතින් උන්ගේ උරුමේ…පුංචි කෙල්ලෙක් ලොකු ලමයෙක් වෙලා කිරි ගහට කොටපු දා ඉඳන්….හැම මාසයක් මාසයක් ගානේ දැනෙන වේදනාවේ ඉඳන් පටන් ගත්තම උන් මැරෙනකම්ම විඳින්නෙ දුක බං…ඇතිවෙන්න උන් දුක හරි රහට බොන්න දන්නවා…ටිකක්වත් කාටවත් නොදී හරි අපූරුවට උන් දුකට හැඩ ගැහෙනවා…………………….
හැබැයි ඔය ඇඟෙන් උන් මොන වේදනාව වින්ඳත් උන්ට ඒවා දරාගන්න පුලුවන් විදියට ස්භාව ධර්මය උන්ව මවලා තියෙනවා.. ඒ මැවුම් එක්ක පිරිමියෙක්ට හැරෙන්නවත් බෑ….ඒ තරමට උන්ට හයිය තියෙනවා ඒ වේදනාවන් එක්ක ඔට්ටු වෙන්න…..ඒක එහෙම නෙමෙයි කියලා කියන්න මේ ලෝකේ කාටවත් බෑ…………..
ඒත්,,,,,එක තැනකදී,ඔවු එකම එක තැනකදී උන් හරියට මෝඩ වෙනවා බං…ඔවු උන්ට තරම් මොලයක්,හයියක් කාටවත් නැති උනාට ජීවිතේ එක කාලෙකදී උන් පිරිමි කියන ජාතිය ඉස්සරහා මහා ගොඩක් මෝඩ වෙනවා බං සත්තයි ……………..
එකම එක වචනෙකට උන් උන්ගෙ ආත්මෙම දිය කරලා දානවා..ඔවු ඒ තරම් ගෑනූ ලෝබයි පිරිමින්ගේ ආදරේට….ඇත්තමයි උන් හරි පෙරේතයි පිරිමින්ගෙ වචන වලට……..
ලොකු රණ්ඩුවක් වෙලා සම්පූර්ණම වැරැද්ද පිරිමියාගේ පැත්තෙ කියලා හිතමුකෝ…ගෑනූ කෙනාගේ එක චූටි වැරැද්දක් වත් නැතුව තියෙද්දී,මරාගන්න තරමටම දෙන්නෙක්ගේ රණ්ඩුවක් අස්සේ……එක චුට්ටක් “මැණික”කියලා ඒකිට කතා කරලා බලපන්කෝ…………….ඒකී ඊටපස්සේ අර ඔක්කෝම අමතක කරලා උඹව අරන් තියාගයි ඔලුවේ මුදුනෙම…ඔවු උඹෙ අතින් වෙච්ච හැමදේම ඊටපස්සේ ඒකිට මතකෙකවත් නෑ……එච්චරටම ලෝබයි බං ගෑනූ ඔය වචනෙට..කොටින්ම කිවුවොත් මහම මහ ගොඩක් පෙරේතයි…………..
ඒකයි කිවුවේ ගෑනූ අපි හරි මෝඩයි බං…..ඇත්තමයි අපි හරි පවූ…පිරිමින්ගේ එක ආදරණීය වචනයක් ලඟ නැමෙන අපි සත්තයි මහ ගොඩක් පවු බං………
උපුටා ගැනීම: සමනලී 
