මේ ලෝකේ ඉන්න හොඳම හස්බන්ඩ් වගේ මේකෙ ලිව්වට මම එහෙමම නෑ. නිර්මලාට මල පනින වැඩ මම අනන්ත කරනවා. එයා ටිකක් විතර නිහඬ චරිතයක් හින්ඳත්, මම ටිකක් විතර කතා කාරයෙකුත් හින්ඳා අපි දෙන්න අතර වලි වැඩි දුර දිග යන්නෙ නෑ. ඔය වලි වලින් මම කොච්චර ලොක්ක වගේ එලිපිට දින්නට අන්තිමට දිනල තියෙන්නෙ එයා! ඒක වෙන්නේ අන්තිමට මට දුක හිතිලා තෑග්ගක් හරි, එයා කැමති දෙයක් දීලා හරි එයාගෙ හිත හැදීමෙන්.
මීට අවුරුදු දෙකකට කලින් මම නිවාඩුවට ආපු වෙලාවක අපි අපේ අයියලත් එක්ක ට්‍රිප් එකක් ගියා. අපේ අම්මත් ගියා. අපි එක රෑක නැවතුනේ සීගිරියේ නවාතැනක. ඉතින් රෑට අයියයි මමයි පොඩි අඩියක් ගහන්න බයිට් එකක් එහෙම දාන්න කියලා කස්ටියත් එක්ක ගියා සීගිරි ගලට. ගලේ නැග්ගෙ නෑ නමුත් එහෙ දැන් හදල තියන කවුතුකාගාරය බලන්න ගියා. ඔන්න ඔය කවුතුකාගාරයට ඇවිත් හිටියා වයස හතලිහක විතර ලස්සන සුද්දියක්. පිට රටින් එන ආගන්තුකයන්ට සැලකීම අපේ පරම යුතුකමක් හින්ඳත්, සුද්දි ලස්සන හින්ඳත් මම ඉතින් අහින්සක හිනාවක් දැම්මා. නිර්මලත් මා ලඟම ඉතින් කවුතුක වස්තු බලනවා සුදු වස්තුවටයි මටයි රබර් ඇහැත් දාගෙන. උඹල දන්නවනේ ඉතින් වයිෆ්ල මොන තරන් වැඩක හිටියත් තමන්ගෙ හස්බන්ඩ් කරන දේවල් පේනවා කියලා. ඔය අතරේ අර කවුතුක වස්තු අතරේ අතරමන් වෙලා හිටිය සුද්දි මට හිනාවක් දාලා ඇහුවා ‘ඉස් ඉට් අලොව්ඩ් ෆො මී ටු ටේක් ෆොටෝස් ඔෆ් දීස්?’ කියලා. මම දන්න තරමට ඉතින් ෆොටෝ ගහන්න තහනමක් තිබුන් නෑ. මාත් එයාට උදව්වට ටක් බක් ගාලා එතන හිටපු සේවකයුකුගෙන් ඒ ගැන අහලා උත්තර දුන්නා. සුද්දි නොසෑහෙන්න මට ඉස්තූති කරල තවත් ප්‍රශ්නයක් ඇහුවා. ‘කැන් යූ ප්ලීස් ටේක් වන් ඔෆ් මයි ෆොටෝස් විත් දීස්’ කියලා. මම ඉතින් පුදුම විදියට ගෑනුන්ට උදව් කරන්න දක්ෂ හින්ඳා එයාගේ කැමර එකෙන් උන්දැව ෆොටෝ ගත්තා අර කවුතුක භාන්ඩ පසු තලේට තියලා.
ඕන් ඉතින් උන්දැ එයා ආවෙ කොහෙන්ද, ලන්කාවේ ලස්සන, යන්නෙ කවද්ද, ඉන්නෙ කොහෙද වගේ මහා විස්තරයක් කිව්වා. අනේ ඉතින් උඹල මම ගැන වරදවලා හිතන්න එපා ඕන් ඈ. මම අහින්සකයා. නිර්මලා ටිකක් ඈතින් ඉඳලා ෆොටෝ එහෙම අල්ලනකොට රූන් ගාලා ආවා මා ලඟට ආරක්ෂාව තර කරන්න. මම නිර්මලාවත් සුද්දිට අඳුන්වලා දුන්නා. ‘ඕ යූ ආ සෝ ප්‍රිටී’ කියලා සුද්දි කියපි. නිර්මලා පලයිට් හිනාවක් දැම්මා. සුද්දි ඉතින් අපි දෙන්නත් එක්කම දැන් ඇවිදිනවා අනිත් කවුතුක භාන්ඩ බල බල. ‘මේ හෝන්තුව මොකද අප්පච්චි මේ අපිත් එක්කම යන්නේ? අපි පොඩ්ඩක් නැවතිලා යන්’ කියලා නිර්මලා මට කිව්වා. වැඩේ ටිකාක් විතර චොර වේගෙන එන හින්ඳා මාත් ඉතින් බොරුවට නැවතිලා සින්හලෙන් කතා කර කර හිටියා අරුන්දැ යයි කියලා. ම්හ්.. ඒකි යන්නෙත් නෑ ආයුබෝවන්. ඒකි දැන් නිර්මලාවත් කතාවට අල්ලන් අපේ දරුවො ගැනත් අහනවා. මට ටිකක් ඒක සහනයක්. දැන් මම නෙවෙයිනේ මේ සීන් එකේ අධ්‍යක්ෂක. මම ඉතින් සිල් ගත් මහා මුණිවරයෙක් වගේ ඒ සුද්දිගෙ පැත්තවත් හෝ පස්සවත් නොබලා ඉදිරියට යනවා ගෑනු දෙන්නා ඕනෙ කෙහෙම්මලක් කතා කර ගත් දෙන් කියලා.
අපි එලියට ඇවිත් අර සුද්දිට සමුදී, එයාට සුභ පතා කාරෙකට නැග්ගා. නිර්මලා වැඩි කතාවක් නෑ. මම කිව්වනේ ඉතින් ඔය මූඩ්ස් මම හොඳින් දන්නවා කියලා. ‘ලස්සන සුද්දි නේ? තනියම මයෙ හිතේ ඇවිත් තියෙන්නේ. උන් ඉතින් බය නෑනේ ඕනෙ තැනක යන්න තනියම’ කියලා පෝඩ්ඩක් විතර ඉල්ලන් කෑවා හිතා මතාම. මට ඕනෙ දැන් මෙයා අප්සෙට්ද නැද්ද දැන ගැනීමට. මේකෙ ඉන්න අලුත බැඳපු කොල්ලන්ට මම මේ කියන්නේ. උඹලට දන් නැත්තන් ගෑනි අප්සෙට්ද නැද්ද කියලා, එයා අප්සෙට් වෙලා ඇති කියල හිතන කාරනය පෝඩ්ඩක් විතර ඇත්ත කියල හැඟෙන්න ඇරියම හරි. ගෑනු කතා කරනවා ආයෙ ගිරව් වගේ! ඕන් කට වහන් ආපු ගෑනි දෙසා බාන්න ගත්තා ‘ඔව් ඉතින් ඔයාටත් ඕනෙම එකියක් හොඳයිනේ සුදට ඉන්නවනන්.. ඩර් රර් ඩර් රර් ඩර් රර්..’ ගගා විනාඩි දහයක් විතර කියෙව්වා. දැන් හරි! මම කිව්වා ‘ඇයි වදේ ඔයානෙ ඒකිව කර තියන් ආවේ’ කියලා. ‘අනේ මට ඔය ගෑනු කර තියන් යන්න උවමනාවක් නෑ. කතා කර හින්ඳා කතා කරා’ කියලා ඕන් කාමරේට ගිහින් ඇඳේ ඇලවුනා. මම ගොඩක් දේවල් කොරන්න ප්ලෑන් කරල තිබ්බ එදා දවස සුම්මා වගේ මිත්‍රවරුනි. මේක ඉතින් පොඩි සීන් එකක් වුනාට ගෑනිව අප්සෙට් කර ගත්තොත් මුලු රෑම අප්සෙට් වෙනවනේ. ඕනෙම ට්‍රිප් එකක ගෑනු සන්තෝසෙන් තියන්න ඕනෙ. මම සීගිරියේ තානායම ලඟට ගිහින් එතන අඹ විකුණන මල්ලි කෙනෙක්ගෙන් අර ලුනුයි මිරිසුයි දාපු පට්ට අඹ ගෙනාවා. නිර්මලා පට්ට කැමතියි ඔය ඇඹුල් අඹ වලට. ගෙනත් බන්දේසියක තියලා ඇරන් ගිහින් දණ නමලා ‘නොහ..ඬන් ලඳුනේ.. නොහ.. ඬන් ලඳුනේ.. සුද්දියෙකුගෙ පුක බැලුවා පමණින්.. මා සලෙලෙකු වේ..දෝ.. ඇය හා වදනක් දෙඩවූ පමණින් මා ගෙම්බෙකු වේ..දෝ’ කියලා ලස්සනට කිව්වා. නිර්මලාගේ අප්සෙට් මූඩ් ඔක්කොම ගියා. ගෑනිට හිනාව නවත්ත ගන්න බෑ මගෙ සින්ඳුවයි, දන නමන් ඉදිරිපත් කෙරූ ඇඹුල් අඹයි හින්ඳා..
ගෑනු ෂේප් කර ගන්න එකත් පොඩි ආට් එකක් බන්..
උපුටා ගැනීම: Susantha Pethiyagoda