ගෑණුන්ගේ ආදරේ පපුව ඇතුලෙම මැරිලා යනවා (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට මේ සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ වෙන්නේ අවරුදු දොළහකට විතර කලින්, සිංහල අව්රුද්ද කලේ. මේ වෙද්දී මම පේරාදෙණිය සරසවියේ ඉගනගන්න කොල්ලෙක්. ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට මේ කාලේ සරසවි ආදරේ කියන්නේ නැවුම් අත්දැකීමක්. මට ආදරයක් ඕන උනත්, මේ කාලේ ගත කරේ පොඩි එකෙක් වගේ. ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය හොඳටම තිබුන. මට ඒ කාලේ කෙල්ලෙක්ට ලං වෙලා ඉන්න ඕන කමක් තිබ්බේ නෑ, වගකීමක් ගන්න ඕන උනේ නෑ. එහෙම උනත් කෙල්ලන්ව අමාරුවේ දාන අදහසක් තිබ්බේත් නෑ.
ඒ කාලේ මම පාවිච්චි කරේ “නොකියා” ජංගම දුරකතනයක්.දැන් වගේ නෙවේ, ඒ කලේ යාලුවෝ ගොඩයි හැම තිස්සෙම කෙටි පණිවිඩ හුවමාරු වෙනවා. කැම්පස් ආපු කාලෙ මුල ඉඳලම මට ගොඩක් උදව් කරපු , හරිම තැන්පත් ගොඩක් අහිංසක ගැහැණු ළමයෙක් හිටිය. එයා මගේ හොඳම යාළුවා. මගෙත් එක්කමයි එකට හිටියේ. අපි කන්නෙ බොන්නේ එකට,තේ එක උනත් බෙදාගෙන බොන්නේ. කැම්පස් ඉවර වෙලා යන්නෙත් එකට. කොච්චර ලඟින් හිටියද කිව්වොත් හැමෝම හිතුවේ මගේ ප්රේමවන්තිය කියල. මට යාලුවෙකුට එහා ගිය හැගීමක් තිබ්බේ නෑ එයා ගැන. මට එයාව තේරුනේ නෑ, එහෙම නැත්තන් තෙරුන්ගන්න ඕනෑකමක් තිබ්බේ නෑ.
ඔය කාලේ අව්රුදුවලට සුබ පතල කෙටි පණිවිඩ ගොඩක් එනවා යාලුවන්ගෙන්. ඒ වෙද්දී මම හිටියේ දෙවෙනි අව්රුද්දෙ. මෙයත් සුබපැතුමක් එවල තිබුණ. මමත් එකට ප්රතිචාර දැක්කුව. අව්රුද්දට එවන කෙටි පණිවිඩ වල මහලොකුවට කියවන්න දේකුත් නැනේ, කිරියි පැණියි ඇරෙන්න. මේ විදිහට දිගටම නොදැනීම කාලේ ගත වෙලා ගියා . පස්සේ කලෙක මම මේ මගේ ජංගම දුරකතනයේ සේරම දත්ත පරිගණකගත කරලා තියා ගත්ත. ඔහොම දිගටම ඉඳල අපි පේරාදෙණියෙ සරසවි ජීවිතයෙන් සමුගත්තා . ගොඩක් කාලෙකට පස්සේ කලෙක මම පරිගණකයේ තියෙන දේවල් අවුස්සද්දි, ඒ කාලේ ආපු පරණ කෙටි පණිවිඩ කියෙව්වා. ඒ අතර මේ ගැණු ළමය එවපු කෙටි පණිවිඩයත් තිබ්බ. ජංගම දුරකතනයක වගේ නෙවේ, පරිගණක තිරයේ ලොකුවට පේනවා, මුළු පණිවිඩයම එකට. කෙටි පණිවිඩේ උඩින් අවරුදු සුබපැතුම, ඊට පස්සේ ගොඩක් දිග හිස් තැන් , යටින්ම එයා මට එයාගේ ආදරය ප්රකාශ කරලා තිබුන, හරිම ලස්සන විදිහට. මම එදා එක දැකල නෑ, එහෙම නැත්තන් අග කොටස මට මග ඇරිලා. ගොඩක් අව්රුද්දට එවපු කෙටි පණිවිඩ එක්ක මට දිග කෙටි පණිවිඩ කියවන්න, එකට අවදානය දෙන්න පුළුවන් වෙලා නෑ. මට එයාව නොදනිම ජීවිතෙන් මග ඇරිලා . සිංහල අව්රුද්ද ළඟ එද්දී මට මේක මතක් උනේ. එයාට මේක කියවන්න ලැබෙයි. එයා එදා හිතන්න ඇති මම මග අරිය කියල. මට කියන්න ඕන ඇත්තටම මම එක, එයාගේ ආදරේ දැක්කේ නෑ කියල.
මිනිස්සු ලන්වෙන්නේ වෙන්වෙන්නේ පුදුම විදිහට.
මට ක්ලැරන්ස් විජේවර්දනගේ මේ සින්දුව ඇහෙද්දී හැම තිස්සෙම මතක් වෙන්නේ මේ කාලේ ගෙවපු, මේ අමතක නොවෙන ජීවිතේ.
“සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය
තනි වීලා……..
ඔබ හා ඉඳගෙන කතාකරන්නට
දවසක් නැති විය….”
උපුටා ගැනීම: Sajith Karunaratne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!