===ගස් කේස්=== (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප්පච්චී මට නීතියක් දාලා තිබ්බා තමන්ට වඩා උස ගස් වලට නඟින්න එපා කියලා,
එහෙම බැලුවාම මට අතෙයි කකුලෙයි ඇඟිලි ගානට නඟින්න පුලුවන් ගස් විතරයි තිබ්බේ,
වී ගස්,
මානා ගස් එහෙම,
මම කලේ ඒ නීතිය නැව්වා,
මම ගහකට නඟිනවා මගේ උසට,
ඊට පස්සේ එතනින් ආයේ මගෙ උසට නඟිනවා,
ඊට පස්සෙ ආයේ එතන ඉඳන් මගේ උසට නඟිනවා,
සරළයි.
දැන් වගේ මගේ බඩ නෑ ඉස්කෝලේ කාලේ,
ඒ කාලේ කෙට්ටුයි,
පස්සේ තමයි මම මහත්වුණේ,
ඒ කාලේ මට පොල් ගස් නඟින්න පුලුවන් ඉඳලා හිටලා,
ගොඩක්ම නැග්ගේ පංසල් වත්තේ තැඹිලි ගස් වලට,
දවසක් අපි අපේ පංසල පල්ලෙහා තිබුණ කුන්දිරා ගහක ගෙඩි කඩන්න ප්ලෑන් කලා,
එහෙම ප්ලෑන් කරලා රෙදි කෑල්ලක් අඹරලා වළල්ලක් හදාගෙන නැග්ගා ගහට,
ඒක වැඩියම උස නෑ,
එක පාරට එකෙක් කියපි
“තාරු ලොකු හාමුදුරුවෝ වඩිනවා”
කියලා,
කලබල වුණා මම,
ලැජ්ජාවට පත් වුණා,
මොකද අපේ ආතා තමා ජීවත් වෙලා ඉන්න කාලේ අපේ පන්සලේ හැම දෙයක්ම වගේ ඕගනයිස් කරේ,
ආතා ප්රධාන දායකයා වගේ හිටියේ,
ඉතින් අපේ පංසලේ ලොකු හාමුදුරුවෝ මටත් ඒ භක්තිය දීලා තිබ්බා ටික කාලයක්,
ටික කාලයක්,
අයි රිපීට් ටික කාලයක් විතරක්,
රාජපක්ශ උන්නැහේගේ මුනුබුරා කියලා,
මම ගහ උඩදී කලබල වුණේ මගේ නම්බුව ගැන හිතලා නෙවෙයි,
අවුරුදු අනූ දෙකක් ආයු වලඳා අප අතරින් සමුගත් ආතාගේ නම්බුව රකින්න,
මම කලබල වුණා,
පාතින් පාප මිත්රයෝ වන අසේලයා චතුවා,
“බැහැපං බැහැපං ලොකු හාමුදුරුවෝ එනවා”
ආයේ කිව්වා,
එක්ස්කියුස්මී,
අම්මා කිරි කෝපි එකක් හදලා ගෙනවා,
විනාඩියක් දෙන්න,
ඒක බීලා කතාවේ ඉතුරු ටික ලියන්නම්,
හරී,
අප සමඟ රැඳී සිටියාට තුති,
ඔන්න කතා වේ ඉතුරු ටික,
කොල්ලා දැන් ගහ උඩ,
ලොකු හාමුදුරුවෝ වඩිනවා කියලා යට ඉන්න එවුන්ගෙන් ආවා පණිවිඩේ,
කළබල වෙලා බැස්සා වේගෙන්,
කලබලේට වළල්ල ගැලවුණා,
උඩ ඉඳන් රූටාගෙන ආවා පාතට බඩ සහ ඊට පහත පතුරුගහගෙන,
අරුන්ට බඩ අල්ලාගෙන හිනා,
කඩපු තැඹිලියකුත් නෑ හාමුදුරුවෝ ආවේත් නෑ.
—–
එහෙන් මෙහෙන් අහුවෙන පොල් ගස් වලටත් බඩ ගානවා මම,
අපේ ගෙදර පිටිපස්සේ තියනවා තව පොල් ගහක්,
ඒක හෙන උස ගහක්,
උස කියන්නේ ජැක්ගේ මායා බෝංචි වැලට පොඩ්ඩක් පාතින් වගේ උස,
අපේ අම්මා කැමති නෑ මම පොල් ගස් නඟිනවාට,
නංගි කැමතියි මම එහෙම ඇඩ්වෙන්චර් කේස් කරනවාට.
“අම්මේ මම පල්ලෙහා පොල් ගහට නැඟලා ගෙඩි ටිකක් කඩලා දෙන්නම්,
ගෙදරත් පොල් නෑ වගේනේ”
අම්මාට කිව්වා.
අම්මාට හොඳටම තදවෙලා බැන්නා,
“උඹ නාහෙට නාහන එකානේ,
ඕනේ මඟුලක් කරගනින්”
කියලා කිව්වා.
අපි දෙමාපියෝ කියනදේ තිතට අහන මිනිස්සු,
ඕනේ මඟුලක් කරන්න කිව්වනේ,
අම්මා අවසරේ දුන්නා,
මම දැන් වළල්ලකුත් හදාගෙන ගහ මුලට ගියා,
“පුතේ මොකද කරන්නේ”
එහා ගෙදර ඇන්ටි ඇහුවා,
“ආ මේ පොල් ගෙඩියක් කඩන්න යන්නේ”
කියලා මම බොහෝම ඝාම්භීරව ආඩම්බරෙන් කිව්වා,
නංගිත් ඉන්නවා
කමෝන් බ්රෝ සීන් එකෙන්,
තම අයියාට ආදරයක් තියනවානම් මේකි එපා කියන්න එපායෑ,
ඒවා නෑ.
මම දැන් වළල්ලට කකුල් දෙක දාලා ගෙම්බා වගේ ගහ බදාගෙන,
කකුල් දෙකයි වළල්ලයු උස්සලා මඟින් කකුල් දෙකෙන් ගහ හිර කරගෙන,
ආයේ කෙලින් වෙලා ගෙම්බා වගේ ගහ බදාගෙන,
ඔහොම ඔහොම උඩට යනවා,
මෙන්න බොලේ මැද්දෙන් ගහ පාත් වෙලා ඇඹරිලා තියෙන්නේ,
ඒක කෙලින් පොල් ගහක් නෙවෙයි,
අනිත්පැත්තට කැරකිලා වැටෙන්නත් එනවා,
දැනට අඩි 20ක් විතර නැඟලා,
හරිම මහන්සියි මට,
නම්කියි ඇන්ටියි බලාගෙන එහාගෙදර පුතා/අයියා පොල් කඩන සීන් එක,
සෑහෙන උඩකට නැඟලා,
චිත්ත ධයිරිය ගත්තා මම හිතට,
යාස් යූ කැන් කියලා මටම කියාගෙන ගහ මුදුණට නැග්ගා,
පාත බැලුවා,
බොක්ක දාලා ගියා,
මට උඩ ඉඳන් බැලුවාම භය හිතෙන හීමෝෆෝබියා සමාජ රෝගේ හැදිලාද කියලා හිතුණා,
දැන් අමාරුවෙන් පොල් ගහේ අතු අල්ලාගෙන ඉන්නවා,
ගහට නැග්ග මහන්සියට කකුලේ මසල්ස් ඕනේවාට වඩා වීක් වෙලා දැන් කකුල් ගැහෙනවා අප්පට සිරිවෙන්න,
ගැහෙනවා කියන්නේ ගහ බදාගෙන ඉද්දී කකුල් දෙක ගැහෙනවා යටටත් පේනවා,
නංගිත් බය වෙලා,
ඇන්ටිත් කියනවා පුතේ ටිකක් ඉඳලා බහින්න කියලා,
ඒ අල්ලපනල්ලේ අම්මත් එළියට ඇවිල්ලා,
මට නිකම් ඒ සිද්ධි ටික පේනවා ක්ලෑශ් ඔෆ් ද ක්ලෑන් ගහනවා වගේ,
ඒ ගහ පට්ට උසයි ඇත්තටම,
මට දැන් පොල් කඩන එක පැත්තක තියලා ජීවිතේ බේරාගන්න සීන් එකේ ඉන්නේ,
ඒ අස්සේ හුළං පාරකුත් ඇවිත් ගහ වැනෙනවා,
මම ගහ බදාගෙන ඉන්නවා,
කකුල් ගැහෙන එක නවතින්නේත් නෑ,
ඔහොම හිටියා ටික වෙලාවක් ගහ බදාගෙන,
ඉඳලා ඉඳලා හෙනම ගේමක් දීලා මම බැස්සා බිමට,
බැරි වෙලාවත් මහන්සියට අතෑරුණානම් සෙට්ටපොච්චි තමා.
—-
තව දවසක් අපේ ගෙදර හදන කාලේ අරලිය ගහක් තිබ්බා,
ඉස්සර මට ගහක් පේන්න බෑ,
කපන්න යනවා,
බදුර්දීන් වගේ මාත්,
නෑ නෑ කොහොමත් ගේ හදන සීන් එකට ඒ ගහ කපන්නෝනේ,
ඔන්න මම වක් පිහියකුත් අරගෙන ගහට නැග්ගා,
බාසුන්නෑහේ කෙනෙක් පවුන්ඩේශන් එකක් බඳිනවා,
මම අත්තෙන් අත්ත උඩට නඟිනවා,
නැඟලා එක අත්තක් කැපුවා,
ඒක කොහොම හරි වැටුනේ නෑ,
මම බැලුවා ඒ මොකෝ කියලා,
මොකද නිව්ටන්ගේ ඔලුවට කොළ ඇපල් ගෙඩියක් වැටුණ දවසේ ඉඳලා ගුරුත්වාකර්ශ්ණේ වැඩ කරන්නේ පහලටනේ,
මම බැලුවා ගුරුත්වාකර්ශණේ නැති වෙලාද කියලා,
නෑ නෑ දෙයියනේ කියලා එහෙම දෙයක් නෑ,
මොකද දන්නවාද වෙලා තියෙන්නේ,
ඒ අත්ත තව අත්තකට හිර වෙලා,
“ආ අතු…
උඹලා සෙට් වෙලා ගේම දෙන්නේ නේද”
කියලා හිතලා මම බැස්සා ඒ අනිත් අත්ත කපන සීන් එකට,
වටපිට බලබලා මම දැන් දෙවෙනි අත්ත කපනවා,
පාරේ මිනිස්සු යනවා,
බල්ලෙක් හදිස්සි කේස් එකකට වේගෙන් දුවනවා,
කැලුම් අයියලාගේ රට අඹ ගහේ ඉදිච්ච ගෙඩියක් පළා කොට්ටෝරුවෙක් කනවා,
වෙලේ වී කුරුල්ලෝ වී කරල් අහුලනවා,
වෙල් කදුරු ගහේ වහල හිටපු පිළිහුඩුවා ඇලේ පීනන බුලත් හපයින්ට ටාගට් කරනවා,
ලේනෙක් ලේනියක් පස්සේ පන්නනවා අලුත්පරපුරක් තකා,
ලිඳේ ඉන්න ගෙම්බෙක් අහස දිහා බලාගෙන මේ ලෝකය කොතරම් විශාලද කල්පනා කරනවා,
මම අහසේ පාවෙනවා,
මම දැන් ස්ලෝමෝශන් අරලිය ගහ උඩ ඉඳන් වැටෙනවා,
දෙයි හාන්ද්ර්නේ,
මම අර දෙවනි අත්ත කපලා තියෙන්නේ පළවෙනියට කපපු අත්තේ එල්ලිලා,
අතු දෙකම මටත් කෙලවාගෙන වැටෙනවා,
මාත් උඩ ඉඳන් අතු දෙකක් එක්ක ඩවුන්ලෝඩ් වුණා,
බාසුන්නැහේ දුවගෙන ආවා,
කොන්ද ඇමැට්ටිවෙලා හරී අමාරුවෙන් පුරුදු ජීවන ක්රමේට ආවා.
කාලයක් යනකම් ඒ අමාරුව තිබ්බා.
උපුටා ගැනීම:   -Tharu Rajapaksha-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!