ප්රජාතන්ත්රවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබගේ අසල් වැසියන් ඡන්දය ලබා දීමෙන් කිරි ලැබෙන්නේ කාටද යන්න තීරණය කරයි.
සමාජවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ හෝ රජය මැදිහත් වී ඉන් එක් එළදෙනක් ඔබගේ එළදෙනුන් නොමැති අසල් වැසියාට ලබා දේ.
ප්රජාතන්ත්රවාදී සමාජවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. සියලු දෙනාටම කිරි බෙදා දිය හැකි අයෙකු වෙනුවෙන් ඔබගේ අසල් වැසියන් ඡන්දය භාවිතා කරයි.
කොමියුනිස්ට්වාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය එම එළදෙනුන් ලබා ගෙන ඔබට යම් කිරි ප්රමාණයක් ලබා දේ.
ධනේශ්වර ක්රමය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ එක් එළදෙනක් විකුණා දමා කුළු හරකෙකු මිලදී ගනියි.
සංරක්ෂණවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ කිරි ගැනීම නවතා දමා එළදෙනුන් උන් රැඳී සිටින ගාල්වලම කොටු කර තබයි.
ඔබ සංරක්ෂණවාදී ධනවාදියෙක් නම් ඔබගේ ගොවිපොළ සත්ව උද්යානයක් බවට හරවා මිනිසුන්ට එහි ඇතුළු වීමට ගාස්තුවක් අය කරයි.
ජාතිකවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය එම එළදෙනුන් ඔවුන්ගේ බාරයට ගෙන එම එළදෙනුන් ලොව හොඳම එළදෙනුන් ලෙසට නම් කරයි.
ඒකාධිපතිවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය එම එළදෙනුන් ඔවුන්ගේ බාරයට ගෙන උන් කිසිඳු දිනක ජීවත්ව සිටි බව ප්රතික්ෂේප කරයි. කිරි තහනම් කෙරෙන අතර ඔබව අතුරුදහන් කර ඉතිහාසයෙන්ද මකා දමනු ඇත.
ෆැසිස්ට්වාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය එම එළදෙනුන් ඔවුන්ගේ බාරයට ගෙන ඔබට කිරි ප්රමාණයක් විකිණීම සිදු කරයි. ඉන් පසු රජය ඔබව බරපතල වැඩ ඇති කම්කරු (වහල්) කදවුරක් වෙත යැවීම සිදු කරයි.
නාසිවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. එළදෙනුන් හට ජාතියක් නොමැති බව සහ උන් සැබවින්ම පහත් සාරය උරා බොන වර්ගයක් ලෙස රජය විසින් සොයා ගනු ලබයි. එළදෙනුන් විෂ වායු යොදා ඝාතනය කෙරෙන අතර පහත් වර්ගයාට අයත් එළදෙනුන් ළඟ තබා ගත් වරදට ඔබව වධක කඳවුරක් වෙත යවනු ඇත.
නිළධාරීවාදය
ඔබ සතුව එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය එම එළදෙනුන් ඔවුන් වෙත පවරා ගෙන එක් එළදෙනක් වෙඩි තබා ඝාතනය කරයි. අනෙක් එළදෙනගෙන් කිරි ලබා ගෙන එම කිරි පසුව ඉවත දමයි.
අධියථාර්ථවාදය
ඔබ සතුව ජිරාෆ් සතුන් දෙදෙනෙකු ඇත. රජය ඔබට හාමොනිකා වාද්ය භාණ්ඩය වාදනය සඳහා ඉගෙනීම සිදු කරන ලෙස දැනුම් දෙයි.
මෙක්සිකානු ඒකාධිපතිවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. මත්ද්රව්ය ජාවාරම්කරුවන් එක් එළදෙනක් ලබා ගෙන ඔබගේ පුත්රයා ඝාතනය කරයි. රජය විසින් අනෙක් එළදෙන ලබා ගෙන ඔබ සතුව එළදෙනුන් දෙදෙනෙකු සිටින බවට ප්රකශ කරයි. ඉන් පසු එළදෙනෙකුගේ වටිනාකමින් හරි අඩක මුදලකට එළදෙනුන් දස දෙනෙක් (10), උන්ගේ කිරි සහ ඔබගේ නිවස විදේශීය සමාගමක් වෙත විකුණා දමයි. මේ පිළිබඳව ඔබ පැමිණිලි කරන්නේ නම් ඔවුන් ඔබ සහ ඔබගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ඝාතනය කරනු ඇත. කිරි විකුණන්නා, සුනඛයෙකු සහ වාර්තාකරුවන් / වාර්තාකාරියන් එම කලාපයේ සිටියි. මෙක්සිකානු ආණ්ඩුව එදින හිරු එළිය සහිත දීප්තිමත් දිනයක් ලෙස පවසයි.
කුලවාදය
ඔබට එළදෙනුන් එකෙකු හෝ නොමැති අතර ඔබ අලස සහ මෝඩ අයෙකු වේ. වෙහෙසවී වැඩකරන ඔබගේ දක්ෂ අසල්වැසියාට එළදෙනුන් අට දෙනෙකු (
ඇත.

Zපරපුර / පරම්පරාව
ඔබට එළදෙනුන් දෙදෙනෙකු අවශ්ය කර ඇත. ඔබ එළදෙනුන් මිලදී ගැනීමේ යෙදවුමක් හරහා උන් මිලදී ගැනීම සිදු කරයි. ඔවුනට සැබෑ මුදලින් ගෙවීම් කළ යුතු බව පසුව ඔබට සිහි වේ. ඔබ ඔවුනට මුදල් ගෙවීම සඳහා මව ඉදිරියේ මුදල් ඉල්ලමින් හඬා වැටේ.
හොඳම මිතුරා / මිතුරිය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. මම දන්නවා බල්ලෝ / බැල්ලියේ. උන් මගේ.
එක (1) සහ දෙක (2)
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබට ගණන් කිරීමට නොහැකිද?
ස්පාඤ්ඤ ආර්ථිකය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. (ඔබ එළදෙනුන් ඔබට අයිති බවට විශ්වාස කරයි.) රජය එම එළදෙනුන්ගේ කිරිවලින් 50% ක ප්රමාණයක් ලබා ගනියි. වෙළඳ මණ්ඩලය ඉතිරි කිරිවලින් 25% ක ප්රමාණයක් ලබා දෙන ලෙස ඔබට දැනුම් දෙයි. බැංකුව මගින් ඉතිරි කිරිවලින් 10% සහ මහා මාර්ග දඩ මුදල් ලෙස 10% ක් අය කර ගැනීම සිදු කරයි. ඔබට කිරිවලින් ඉතිරි 5% න් ජීවත් වීමට හැකි බව ඔවුන් බලාපොරොත්තු වේ. ඉන් පසු සාමන්ය හා වෙනත් විකිණීම් සහ පරිපාලන වියදම් ඒකකය පැමිණ ඔබ එළදෙන ඝාතනය කරනු ඇතැයි සිතා මාංශ ඉල්ලා සිටියි. වසර තුළ ඔබ එළදෙනුන් දෙදෙනාම ඝාතනය කර නැවතත් පෙර ක්රියාවලියම ආරම්භ කරයි. නමුත් මෙවර ඔබ එළදෙනුන් දෙදෙනෙකු මිලදී ගෙන ඉන් එක් එළදෙනක් සියල්ලන්ගෙන් සඟවා තබා ගනියි.
ඔබාමාවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. රජය විසින් උන් දෙදෙනාම රැගෙන නැවත බෙදාහරිනු ලබන අතර දෙදෙනාම ඔබ ඉතා පොහොසත් සහ එළදෙනුන් සාදා නොමැති බව පවසයි.
පාසල
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඉන් එකෙකු ඔබගේ මිතුරු / මිතුරියක වන අතර අනෙක් එකාද ඔබගේ තවත් මිතුරු / මිතුරියක වේ.
ඇමරිකානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ එක් එළදෙනක් විකුණා දමා ඉතිරි එළදෙනෙගෙන් එළදෙනුන් හතර (4) දෙනෙකුගේ කිරි ගැනීමට තැත් කරයි. පසුව ඔබ එළදෙන මියගියේ කෙසේද යන්න සොයා බැලීමට උපදේශකයෙකු පත් කරයි.
ග්රීක සංස්ථාව / සමාගම
ඔබ එළදෙනුන් දෙදෙනෙකු ප්රංශ සහ ජර්මානු බැංකුවලින් ණයට ලබා ගැනීම සිදු කරයි. ඔබ එම එළදෙනුන් දෙදෙනාව මරා අනුභව කරයි. බැංකු ඔබ අමතා ඔවුන්ට ලැබිය යුතු කිරි පිළිබඳව විමසන අතර නමුදු ඔබට එම කිරි ලබා දිය නොහැකි බැවින් ඔබ ජාත්යන්තර මූල්ය අරමුදල අමතයි. ජාත්යන්තර මූල්ය අරමුදල ඔබට එළදෙනුන් දෙදෙනෙකු ණය ආධාර වශයෙන් ලබා දෙයි.ඔබ එම එළදෙනුන් දෙදෙනාවද මරා අනුභව කරයි.
බැංකු සහ ජාත්යන්තර මූල්ය අරමුදල ඔබ අමතා ඔවුන්ට ලැබිය යුතු කිරි හෝ එළදෙනුන් පිළිබඳව විමසීම් කරයි. ඔබ කොණ්ඩය කපා ගැනීම සඳහා පිටව යයි.
ඉන්දියානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ උන්ට වන්දනාමාන කරයි.
ඉතාලි සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. නමුත් උන් සිටින්නේ කොහෙද යන්න ඔබ නොදන්නා අතර ඔබ දහවල් ආහාරය සඳහා පිටව යයි.
ව්යාපාර ධනවාදය
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබගේ මස්සිනා සිටින බැංකුව මගින් විවෘත කළ ණයවර ලිපියක් ඔස්සේ ඔබගේ මහජන ලැයිස්තුගත සමාගම වෙත ඔබ එළදෙනුන් තිදෙනෙකු (3) විකුණා දමයි. එළදෙනුන් පස් දෙනෙකු (5) සඳහා බදු නිදහස් කිරීමක්ද සහිතව එළදෙනුන් සිව් දෙනා (4) ආපසු ලබා ගැනීමට හවුල් සාමාන්ය දීමනාවක් සමග කොටස් හුවමාරුවක් ක්රියාත්මක කරයි. එළදෙනුන් සය දෙනෙකුගේ (6) කිරිවල අයිතිය, එළදෙනුන් සත් දෙනෙකුගේ (7) අයිතිය ඔබගේ ලැයිස්තු ගත සමාගම වෙත නැවත විකුණා දමන වැඩිම කොටස් හිමිකාරිත්වයක් ඇති පුද්ගලයාට අයත් අතරමැදි සමාගමක් වෙත පැවරේ. අවසානයේ වාර්ෂික වාර්තාව තුළ සමාගම සතුව එළදෙනුන් අට දෙනෙකු (
සිටින බවත් තවත් එක් එළදෙනෙකු ලබා ගැනීම සඳහා අවස්ථාව පවතින බවත් සඳහන් වේ.

ඕස්ට්රේලියානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ව්යාපාරය හොඳින් පැවතෙන බව ඔබට හැඟී යන අතර එය සැමරීම සඳහා ඔබ කාර්යාලය වසා දමා බියර් පානය සඳහා පිටව යයි.
ප්රංශ සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබට එළදෙනුන් තිදෙනෙකු (3) අවශ්ය වන බැවින් ඔබ වැඩ වර්ජනයක් සඳහා යොමු වන අතර මාර්ග අවහිර කරමින් කැරලි කෝලාහාල කරයි.
චීන සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔවුන්ගෙන් කිරි දෙවීම සඳහා ඔබට තුන්සියයක (300) පිරිසක් සිටියි. ඔබ සතුව සම්පූර්ණ සේවා නියුක්තිය සහ ඉහළ නිෂ්පාදන එලදායිතාව පවතින බවට ප්රකාශ කරයි. සැබෑ තත්වය වාර්තා කළ පුවත් වාර්තාකරු ඔබ විසින් සිරගත කරයි.
බ්රිතාන්ය සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. උන් දෙදෙනාම උමතුය. (මෙය පිස්සු ගව රෝගය වන්නට ඇත.)
අයර්ලන්ත සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඉන් එකෙකු අශ්වයෙකි.
ස්විට්සර්ලන්ත සංස්ථාව / සමාගම
ඔබ සතුව එළදෙනුන් පන්දහසක් (5000) ඇත. ඉන් එකෙකුවත් ඔබට අයිති නැත. උන් ගබඩා කොට තබා ගැනීම සඳහා ඔබ අයිතිකරුවන්ගෙන් ගාස්තුවක් අය කරයි.
ඉරාක සංස්ථාව / සමාගම
ඔබ සතුව එළදෙනුන් විශාල සංඛ්යාවක් සිටින බවට සියලු දෙනාම විශ්වාස කරයි. ඔබ සතුව එකඳු එළදෙනක් හෝ නොමැති බව ඔබ පවසයි. කිසිවෙකුත් ඔබව විශ්වාස නොකරන අතර ඔවුන් බෝම්බ දමා රට විනාශ කොට ඔබේ රට ආක්රමණය කරයි. ඔබ සතුව තවමත් එළදෙනුන් නොමැති අතර එනමුත් දැන් ඔබට ප්රජාතන්ත්රවාදය පවතියි.
කැනේඩියානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. එළදෙනුන් දෙදෙනාම කනගාටුවෙන් සිටිති.
චෙක් ජනරජ සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. කිසිවෙකු හෝ එම එළදෙනුන් සොරා ගන්නා අතර ඔබ බියර් පානය සඳහා පිටව යයි.
ඕලන්ද සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. උන් කිරි ලබා දීම ප්රතික්ෂේප කරති. උන් ඉදිරියට පමිණ තමන් සමලිංගික එළදෙනුන් ලෙස ප්රකාශ කරති. ඔබ එම එළදෙනුන් දෙදෙනා රැගෙන කෝපිහළක් වෙත ගොස් එක්ව ගංජා පානය කරයි. සාමය, එළදෙන !
හංගේරියානු සංස්ථාව / සමාගම
පක්ෂ සාමාජික / සාමාජිකාවක නොවේ නම් ඔබට කිසිඳු එළදෙනක් නොලැබෙනු ඇත. එනමුදු ඔබට රජය වෙතින් කිරි ලැබෙයි.
සර්බියානු සංස්ථාව / සමාගම
ඔබගේ විදෙස් සමාගම විසින් එළදෙනුන් දෙදෙනෙකු විනිවිදභාවයකින් තොරව පෞද්ගලීකරණයෙන් හා කේවල් කිරීමෙන් රජය වෙතින් අඩු මිලට ලබා ගනියි. වත්කම් සඳහා එළදෙනුන් රඳවන ගොවිපොළේ වටිනාකම එක් නොකරන අතර කිරි දොවන්නන් රැකියාවෙන් නෙරපා නැවත ඔවුන් රැකියාවේ පිහිටුවීමට රජයෙන් පිහිටාධාර ඉල්ලීම සිදු කරයි. කිරි දොවන්නන් විසින් එළදෙනුන් මිය යන තුරු කිරි දොවා ඔබගේ විදෙස් ගිණුම් වෙත එම කිරි ප්රේෂණය කිරීම සිදු කරයි. ඔබ කිරි දොවන්නන් හට වැටුප් නොගෙවා ඔවුන් රැකියාවෙන් නෙරපා දමන අතර ගොවිපොළ පෞද්ගලික ඉඩමක් බවට හරවා එහි සුපිරි වෙළඳසැළක් ඉදි කරයි.
බ්රසීලියානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. කිසිවෙකුත් ඔබව හිටපු ජනාධිපතිවරයාගේ පුත්රයා හා සම්බන්ධ කරන අතර ඔබ මිලියනපතියෙක් බවට පත් වේ. මීළඟ දිනයේ ඔබව සිරගත කෙරේ.
බල්ගේරියානු සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. එම එළදෙනුන් දෙදෙනාටම ඇන්ත්රැක්ස් රෝගය වැළඳී ඇත. ඔබ එම එළදෙනුන් ඝාතනය කර එම මාංශ වෙළඳසැල්වල විකිණීම සිදු කරයි. ගව ඝාතකාගාරය නිළ වශයෙන් වසා දමන අතර මාංශ ඇත්තේ කොතනද යන්න කිසිවෙකුත් නොදනියි. ඔබ තවත් එළදෙනුන් රැගෙන එම ක්රියාවලියම සිදු කරයි.
බෙල්ජියම් සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. නමුත් ඔවුන් සමාන භාෂාවක් භාවිතා නොකරයි.
බල්ගේරියානු සංස්ථාව / සමාගම 1
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ උන්ට විදෙස් රටක අශ්වයින් ලෙස වැඩ කරන මෙන් බල කරයි.
බල්ගේරියානු සංස්ථාව / සමාගම 2
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. යම් හේතුවක් නිසා චීනයෙන් අඩු මුදලට කිරි ආනයනය කෙරෙන අතර ඔබට ඔබගේ නිෂ්පාදනයන් විකුණා ගැනීමට නොහැකි වේ. ඔබ එළදෙනුන් විකුණා දමා වෙනත් රටකට ගොස් එහි කිරි ගොවිපොලක සේවය කරයි.
තුර්කි සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔවුන්ගේ පක්ෂයට විවෘතව සහයෝගය දක්වන බැවින් රජය විසින් තවත් එක් එළදෙනෙකු ඔබ වෙත බදු අය කිරීමකින් තොරව ලබා දෙයි. ඉන් පසු එක රැයකින් ඔබ සහ ඔබගේ මිතුරු මිතුරියන් සියලුදෙනා ද්රෝහීන් ලෙස ප්රකශ කොට සිරගත කර, එළදෙනුන් මරා කිරි සහ ට්විටර් අඩවිය තහනම් කරයි. බිත්තර සොයා ගැනීමට අපහසු මන්ද යන්න සියලු දෙනා පුදුමයට පත් කරන කරුණක් වන අතර ඔවුන් සියලු දෙනා ඩයිනසෝරයන්ට එරෙහිව එක්ව පෙළ ගැසෙයි.
ස්කොට්ලන්ත සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. බ්රිතාන්ය සමාගම ඔබට වැඩිපුර කිරි නිෂ්පාදනය කරන මෙන් දන්වා සිටියි. එනමුදු ඒ වෙනුවට ඔබ ජනමත විචාරණයක් සඳහා යොමු වේ.
යුක්ක්රේන සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. උන්ට එකට ජීවත් වීමට නොහැකි අතර උන් එකිනෙකා හා රණ්ඩු කිරීමට පටන් ගනියි. එබැවින් මුළු ගොවිපොළම විනාශ වී යයි.
වේල්ස් ප්රාන්ත සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ බැටළුවන් දෙදෙනෙකුට කැමැත්ත ඇති බැවින් එළදෙනුන් දෙදෙනා විකුණා දමයි.
ඕමාන සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. එළදෙනුන් දෙදෙනාම වැටුප් වැඩි කරන තුරු වැඩ කිරීම ප්රතික්ෂේප කරයි.
පිලිපීන සංස්ථාව / සමාගම
ඔබට එළදෙනුන් දෙදෙනෙකු ඇත. උන් දෙදෙනාම කිඹුලන් විසින් ආහාරයට ගනු ලැබ ඇත.
කියුබෙක් ප්රාන්ත සංස්ථාව / සමාගම
එංගලන්ත එළදෙන ප්රංශ එළදෙනට වඩා හඬ අඩු කර ශබ්දය නැගිය යුතුය.
ශ්රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය
කෝටි දෙකකට ආසන්න සෑම වර්ගයකටම අයත් ගවයින් එළදෙනුන් සහ පැටවුන් සහිත විශාල ප්රමාණයේ ගව පට්ටියක් ඉන්දියානු සාගරයේ එක්තරා දූපතක පිහිටා ඇත. එහි සිටින වයස අවුරුදු දහ අටට (18) වැඩි සෑම ගවයෙකු හා එළදෙනකට ඡන්ද අයිතිය හිමිවන අතර වසර පහකට (5) වරක් ගව පට්ටියේ අයිතිකරු සහ අධ්යක්ෂක මණ්ඩලය තෝරා ගැනීම සඳහා එම ගවයින් සහ එළදෙනුන් කටයුතු කරයි. එහිදී රස කළ පුන්නක්කු තණකොළ ආදිය ලැබෙන අතර කිරි සියල්ල අයිතිකරු සහ අධ්යක්ෂක මණ්ඩලයට බෙදී යාමෙන් අනතුරුව ඉතිරි වන සොච්චම ගව පට්ටියේ උන්නතිය සඳහා වැය කරයි.
උපුටා ගැනීම: Rakitha Bandara Ratnayaka