ගෙඩිය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එතකොට මට වයස අවුරුදු 4ක් විතර ඇති. අම්බලන්ගොඩ පුන්චි කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවෙ අපි ගියා පෙරහැරක් බලන්න.
ඔන්න ඉතිං මන් අපේ පුන්චිගෙ අතින් අල්ලගෙන පෙරහැර බලන්න පාර දිගේ ඇවිදගෙන යනවා…
එතකොට මගෙ වයසෙම වගෙ ලස්සන කොන්ඩෙ කොටට කපපු sweet කෙල්ලෙක් එයගෙ අම්මගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ආවා. මන් දැක්කා එයා මොකද්ද ගෙඩියක් කනවා. මං ජිවිතෙට දැකපු නැති ගෙඩියක්. ඒ කෙල්ල පහුවෙද්දිම මන් දැක්කෙ එයා ඉස්සරහ දත්වලින් ඒකේ කෑල්ලක් කඩා ගන්න විදිය…
මං පස්ස හැරි හැරි බල බල ගියා…
“එක රතු පාට දිග ගෙඩියක්. රතුම රතු පාටයි… මටත් ඕනෙ ඒ ගෙඩියක්…” ගෙදර ආපු වෙලාවෙ ඉදං මං අම්මලාට දුන්න ෆුල් සොමියක්… හිතන්නකො අවුරුදු 4ක එකෙක් නමක් දන්නෙ නැති ගෙඩියක් ඉල්ලලා අඩද්දි කොහොමද සොමිය…
“පුතෙ මේකද එ ගෙඩිය” අපේ පුන්ච් ජම්බු ගෙඩියක් පෙන්නලා ඇහුව…
නෑ මේක නෙමෙයි. මට ඕනෙ අර ගෙඩිය. මං ආපහු ඇඩුවා.
“ඔය කියන්නෙ පිනි ජම්බු වෙන්න ඇති.” අපෙ සීය පත්තක ඉදං පන්ඩිත විදියට කිවුවා. පස්සෙ සීයා පිනි ජම්බු ගෙඩියක් ගෙනාවා.
නෑ මේකත් නෙමෙයි. මට ඕනෙ අර ගෙඩිය. මං ආයෙ ඇඩුවා.
තාත්තා හිතුවෙ මේ කියන්නෙ ලොවි කියලා… එයා ලොවි ගෙනාව. අම්ම හිතුවෙ මෙ කියන්නෙ මිදි කියලා… එයා මිදි ගෙනාවා. ආච්චි හිතුවෙ මෙ කියන්නෙ උගුරැස්ස කියලා ආච්චි ඒවා ගෙනාවා. අයියෝ මේවා නෙමෙයි, මට ඕනෙ අර ගෙඩිය…
එයාලා කාටවත් බැරි උනා ඒ ගෙඩිය හොයා ගන්න. පවුලට තව පොඩි උන් එකතු වෙද්දි එයාලගෙ මට තිබුන අවධානය අඩු උනා. එයාලට ඒක අමතක උනා.
ගෙඩිය නැතුවම මං ලොකු උනා… 🙁
ලොකු උනාට පස්සෙ මං නුවරඑළිය ආවා යලුවො එක්ක ට්රිප් එකක්. එතකොට මට 22. ඔය අබේවෙල පැත්තට යද්දි මෙන්න යකෝ අර ගෙඩිය තියනවා. 😃
“නවත්තපන් යකෝ වාහනේ. අර ගෙඩිය” මං පාර පැන්නෙ දෙපැත්තවත් බලන්නෙ නැතුව.
“අන්කල් මෙයින් ගෙඩියක් දෙන්න. ටක් ගාලා දෙන්න” මං ටක් ගාලා දෙන්න කිවුවෙ ගමනට පරක්කු වෙන නිසා නෙමෙයි. මේ ගෙඩිය කන්න අවුරුදු 17ක් විතර පරක්කු උන නිසා.
මං නික්මට වගේ ඇහුවා මොකද්ද මේ ගෙඩියෙ නම කියලා.
“තක්කාලි” කඩේ අන්කල් දීපු උත්තරෙන් මට ෆුල් අවුල් ගියා.
යකෝ මන් අවුරුදු ගානක් හොයලා තියෙන්නෙ තක්කලි ගෙඩියක්ද… 😕
“නෑ එපා” ඒ ගෙඩිය ගැන මට ආවෙ එපාවීමක්. ගෙඩිය ගන්නෙ නෙතුවම හැරිලා ආවා.
………..තවත් අවුරුදු පහකට පස්සෙ…………….
දැං මට 27යි. මං මේ කතාව යාලුවෙකුට කිවුවා.
යාලුවා : ඉතිං උබ ඒ ගෙඩිය කෑවෙ නැද්ද ?
මම : පිස්සුද බං. මොන ලැජ්ජ නැති වැඩක්ද ජිවිතෙ අවුරුදු ගානක් තක්කලි ගෙඩියක් හෙවුවා කියන්නෙ. මගේ බල්ලවත් කන්නෙ නෑ ඔය ලබ්බෙ තක්කලි ගෙඩිය.
යලුවා : ඔය ගෙඩිය කොයි වගේද කියපං හරියටම.
මම : ඒක බං අර ඉස්සර බුදු පිලිම ඉස්සරහ දාන්නෙ ගැහෙන ලයිට් එකක්. අන්න ඒවගේ දිගටි රතු ගෙඩියක්.
යාලුවා : යකෝ ඒකට මෙහේ කියන්නෙ ගස් තක්කලි කියලා. ඒ උනාට එක පලතුරක්. පට්ට රහයි.
මට ආපහු ගෙඩිය ඕන උනා.
හොයලා හොයලා හෝයාගත්තා යකෝ ඒ ගෙඩිය… ❤
මේ තියෙන්නෙ ඒ ගෙඩිය. සිරාවට ඒක පට්ට රහයි. හරියට නිකං මගේ ජීවිතේට තේරුමක් ලැබුනා වගේ රහයි… මං ඒ ගෙඩියම තනියම කෑවා.
“මේ ඒක නෙමෙයි, දැන් අර කෙල්ල මොනවා කරනවද දන්නෙ නෑ නේ?”
ගෙඩිය කාලා ලෙල්ල විසි කරන ගමන් මං මගෙන්ම ඇහුවා.
උපුටා ගැනීම: Senuri Ahinsa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!