ගිලින්නේ නැතිව බත් කන්නා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා තුරුණු වියේ එක්තරා සොදුරු යුවතියක් මට බොහෝ සෙනෙහස ඇති
ආදරයක් ඇති බව කීවාය .ඒ අතරම ඇය මට කිවේ මා පිළිබද ඇගේ සැමියා වෙත ඇති
හැගීමෙන් නම් කිසිවිට ඇති නොවන බවය
මට එවිට මතක් වුයේ සොයා මීට් හා කුකුල් මස් ය
මා කුකුල් මස් ,කරවල ,මාළු ආදිය මිලට ගෙන නිවසට ගෙන යන්නෙමි .
ඒ බිරිද දරුවන් ඒ අනුබව කරන නිසාය .ඒ ඔවුන් ඉතා රසවත්ව පිළියෙළ කර
ආහාරයට ගත්තාට මා අනුබව නොකරනවා පමණක් නොව ඒ රසයි සිතා කටට
කෙල එන්නේද නැත .
ඒ නමුත් සෝයා මීට් අනුභව කරන්නේද කුකුල් මස් නැතුවාට ඒ රස තලු
ගසමින්ද නොවේ
මෙලෙසින් මා කියන්නට යන්නේ රස තෘෂ්ණාව පිළිබද අපුරූ රෝගියෙකු හා
සබැදි කතාවකි
මේ රෝගියා නැවත මතක් වන්නට වුයේද තවත් එවැනිම අසාධ්ය තත්වයේ රෝගියෙකු
ජිවිතයේ අවසන් භාගයේ කියන්නට වූ කරුණක් නිසාවෙනි
ඔහු දරුණු පිළිකාවකින් පෙළිණි .ජිවිතේ තරුන වියේ බොහෝ සැප සම්පත් ,දැසි දස්සන්
මෙන්ම දිනපතා ප්රණීත ආහාරයෙන් කිසි අඩුවක් නොවිණි ,මෙරට නොකෑ කෑමක් නොවිණි .
පිටරට හොදම හෝටල් වලින්ද අනුබව කර තිබුණි .
නමුත් පසු කාලයේ නහයෙන් දැමු බටයකි න් කිරි ,කැද සුප් පමණි .අන්තිම කාලයේ
මොහු නිතර සිහිනෙන් අඩන්නට විය .ඒ ගැන විමසු විට කියවුනේ සිහිනෙන් ඉතා රසවත්
ආහාර පෙනෙන බවත් ලගට යද්දී නොපෙනී යන බවත්ය .
මිට අවුරුදු විසි තුනකට පමණ එහායින් මා ආධුනික වයිද්යවරයෙකු කාලයේ මට රස
තෘෂ්ණාව කියා දුන් මැදිවියේ රෝගියෙකි
ඔහුට තිබුනේ පිළිකාවක් නම් නොවේ ,ටිකක් දුර්ලභ රෝගයකි . ඔහුගේ ආහාර මාර්ගයේ මුල් කොටස වූ
අන්නස්රෝතයේ ක්රියාව දුර්වල වීමකි
බෙහෙතින් ඊට ප්රතිකාර අසාර්ථක වී තිබුණි .
ගිලින්නට බැරිකම ,වමනය ,තද දැවිල්ල ආදිය නිසාවෙන් ,ශල්ය කර්මයක් කලද ,එයද කිසියම් කර්මයක් නිසාදෝ
මුළුමනින් අසාර්ථක වී තිබුණි .
දැන් ඔහුට ආහාර ගැනීමට කෙලින්ම ආමාශයට රබර් බටයක් දමා .එහි කෙලවර ටිකක් ලොකු සිරින්ජරයක්
සවිකර තිබුණි
මෙසේ කල තිබුණු නිසා ඔහු ඔහු විසින්ම ආහාර බටය දිගේ දමා ගන්නට පුරුදු වූ රෝගියෙකි .
එනමුත් දමා ගත හැක්කේ දියර ආහාර පමණකි .
විටින් විට මොහු රෝහලට පැමිණ නේවාසික ප්රතිකාර ගන්නා අවස්ථා තිබේ .ඒ බෙහෙවින්ම මේ දමා ඇති බටයේ
අතුරු ආභාධ සදහා ප්රතිකාර පිණිසය
මේ පැමිණෙන අවස්තාවල ඔහු ඉල්ලන්නේ දියර ආහාර පමණක් නොවේ .හේ අන් සියලු ආහාර කොහෙන් හෝ ලබා ගනී
එසේ ලබා ගන්නා මස් ,මාළු ,බත් .ආප්ප ,ඉදි ආප්ප ,හකුරු ,පලතුරු සියල්ල ඔහු අප පරිදිම විකයි ,විකන අතරේ බටයට
කිරිද දමා ගනී .එනමුත් ගිලින්න බැරි නිසා ලොකු ප්ලාස්ටික් බදුනකට විකු ආහාර දමා පසුව විසි කරයි
මේ දකින බොහෝ දෙනා එක්කෝ උපහාසයෙන් ,නැතිනම් දුකින් ,නැතිනම් අප්රියාවෙන් බැලුවත් මේ ගැන බොහෝ
කල්පනා කරද්දී අපද කරන්නේ මෙවැනිම දෙයකිය යයි හැගුණි .
අපද බොහෝ වෙහෙසී උපයන්නෙමු .ඉන් බොහෝ මිහිරි ආහාර සොයා ගන්නෙමු .මිහිරි රසින් උයන්නෙමු
අන්තිමේ අගල් දෙකක තරම් දුරක සුළු රසයක් විදින්නෙමු .පසුව බඩ පිරෙන බව පමණක් දන්නෙමු , අවසාන
සිරුරෙන් පිට වූවාම පිළිකුල් කරමු .
ඉදින් විකා රස විද විසිකර ,බඩ පෝෂණයකින් පුරවා ගත්තත් බෙහෙවින් කනවා වගේම නොවන්නේද ..?
එනමුදු මේ රෝගියාට දිනෙක වැරදීමක් සිදුව තිබුණි .සිහි මුර්ජා වී වාට්ටුවේ වැටි සිටි අතර බොහෝ වෙහෙසී
සිහිය ගත්තෙමු
අවසානයේ අසන්නට ලැබුනේ ඉදි ආප්ප විසි ගණනක් විකීමෙන් පසු මෙය සිදුව ඇති බවය් .
ඔහු ඉදි ආප්ප මස් හොදි සමග එක එක විකා බදුනට දමා ඇත .ඒ අතර ඔහුට දිනපතා දුන් බිත්තරය බැගින්
විසි ගණනක් එකතු කරගෙන තිබී .ඉන් එක එකද බඩට යවාගෙන ඇත .
අමු බිත්තර විසි ගණනක් ගිල්ලොත් නයෙකු උවත් සිහි නැති වනු නොවන්නේද ..?
උපුටා ගැනීම: Premanayake Cyril

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!