ගිනි පත්තු උන සිද්දි කීපයක් මට මතක් උනේ දවල් වරුවේ ඇති වූ ගිනි රස්නෙ නිසාය. කමක් නෑ කතාවට බහිමු.සරලව මෙහි සදහන් කරන සිදුවීම් මට පෞද්ගලිකව සහ මම මූලික කරගෙන ඇති වූ සිදුවීම් වන අතර ගින්නෙන් මා වටා ඉන්නවුන්ට කරදර ඇති කරනු ලැබූ දේවල් ය.
පලමු ගින්දර.
එය මීට අවුරුදු 20 කට පමන පෙර වූවකි. මතකයේ පරිදි අම්මා වත්ත අතුගා ගිනි ගොඩක් ගසා ඇති අතර නන්ගී සහ මම ගිනි නැටුම් දමමින් සිටින්නට විය. ගින්න වටේ අරහෙට මෙහෙට දුව දුව. වරෙක ගින්නේ දැල්ල ටින් ටින් හේ රොකට්ටුවේ ගිනි දැල් වලට සමාන කරමින් මාත් වෙනම ආතල් එකක් ගනිමින් සිටින්නට විය. මන් මොන්ටිසෝර් යන වයසේ වූ බවට ලාවට මතකයක් ඇත. මා අතේ යෝ යෝ වක් විය. අර පොඩි රබර් බෝලයක් ඉලාස්ටික් එකකින් වගේ එකකින් ගැට ගහල ගැහුවහම විසික් වෙලා ආයි අතටම එන එක. ඕක මට වැඩිය බැරි නිසා මන් එය උඩ දමමින් විනෝද වන්නට විය. හුටා උඩ දාපු යෝ යෝ එක වැටුන නේද ගිනි ගොඩට. පටාස් ගා සද්දයක් පැමිනි අතර ඒත් සමගම නන්ගී බෙරිහන් දී අඩන්නට විය. මලා යෝ යෝ එක ගින්නට වැටී පුපුරා එහි උනු වූ රබර් කොටහක් නන්ගීගෙ ඇගට විසික් වී තිබුනි. වාසනාවකට එය ඇගේ උදරය ප්රදේශයට විසි වී තිබු අතර පිච්චීම නිසා අම්මා සහ මම වහා දනි පනි ගා ඇයව දොස්තර මහතකු කරා රැගෙන ගිය අතර මාගෙ නොදැනුවත්කම නිසා ගුටි නොලැබුනි. එය එයින් ගියා මැදැයි.
දෙවන ගින්දර.
මේ නම් ඉස්කෝලේ යන කාලෙ එනම් 2 වසරේ සිද්දියකි. රූපවාහිනියේ ගිය යමක් බලා පොඩි අත්හදා බැලීමක් කරන්න සිතුනි. කඩදහි රොකට්ටුවක් සාදා එය පිටුපසට ගිනි පත්තු කර ගමන් ගන්නා ආකාරය බැලීමට ආසාවක් ඇතිවුනි. ගත්ත කොලෙ. හැදුව. දැන් ගිනි පත්තු කරන්නයි රොකට්ටුව යවන්නයි දෙකම එක පාර කිරීමට මට බැරිය. කුස්සියට ගොස් අම්මාගෙන් උදව් ලබා ගත්තේ ගිනි පත්තු කිරීමටය. සියල්ල සූදානම්. ඔව් පත්තු කරා. ඕන් මන් උපරිම බලය යොදා රොකට්ටුව ගුවන් ගත කරා. ශා මාර ලස්සනට ඒක ලස්සන පථයකට ගමන් කර අපේ කුස්සිය පැත්තේ වූ ඉටි කොල වලින් වහලය ආවරන කරන ලද දර මඩුවට ගොඩ බැස්සුවේ මාගේ අත් හදා බැලීම සාර්තක වූවක් ලෙසය. හුටා. වහලේ ඉටිකොලය. ඇතුලේ වේලුනු දරය.ඕන් පත්තු විය. වහලේ ඉටිකොල ගිනිගෙන ඉටි වැටෙන අයුරු හොද වෙලාවට අම්මා කලින්ම දුටු නිසා සහ ඇය ඉවත්ව නොගියේ වෙලාවටය. යන්තන් වතුර බාල්දි කීපයක් ගසා එදා ගින්න නිවා ගත්තේය. අම්මලා ආදරේ පුතාලාටය. ගුටි නැත.
තෙවන ගින්දර
මෙය නම් මේ ඊයේ පෙරේදා වූවකි. පසුගිය කොරෝනා සමයේ , රැලි අංක 1 මට මතක පරිදි. ගෙවතු වගා සංග්රාමය පටන් ගත් කාලයේ. ඕන් අපි ගෙදර 4 දෙනත් වත්තට බැස්ස පොඩ්ඩක් මොනා හරි කරන්න හිතන්. වත්ත පහල මදුරු ආකරය නිසා මන් මදුරු කොයිල් කෑල්ලක් පත්තු කරන් ගියේ පොඩි හෝ ආරක්ශාවටය. කොයිල් කෑල්ල ගැසීමට හරි හමන් දෙයක් අතට අහු නොවූ නිසා පහල වූ අපේ හතු මඩුවේ තිබූ පොල් ලෙල්ලක අටවා තැබීමට මන් කටයුතූ කලේ යන විට නිවා දැමීමේ අරමුනිනි සහ ඕක ගහන්න කැටයම් යොදන්න ඇති කම්මැලිකම නිසාය. යන්තන් සන්තන් පැය බාගයක් පමන මොන මොනාදෝ කල මම සහ නන්ගී නමුත් සිරාවටම වැඩේට බැස සිටි තාත්තාත් 12.30 ප්රවෘත්ති බැලීමට ගෙට ගියේ මදුරු කරදරේ ඉවසන්නම බැරි නිසාය. පැය බාගයක් කිසිදු හැල හොලමනක් නැතිව ගතවුනි. එක් වරම අම්මා කෑ මොර දෙන හඩක් ඇසුනු අතර ගිහින් බැලින්නම් ආන් අපේ හතු මඩුව පත්තු වෙනෝ. මගේ මදුරු කොයිල් කොටහ පත්තූ වී අඩියටම ගොස් පොල් ලෙල්ලෙ පොල්මුඩු වල හුලගත් සමග ඇවිලී තිබුනි. එතැන තිබූ තවත් පොල් ලෙලි ගෝනි කීපයක් හා ඉටිකොල, පරන ප්ලාස්ටික් පුටුවක් දැවි ගොස් ගින්න විශාලෙට ඇවිලෙන්න ඔන්න මෙන්න තිබියදී අම්මා දැකීම නිසා යාන්තන් තාත්තා දිව ගොස් ගින්න නිවා තිබුනු අතර මට කෝචෝක් බැනුම් රැසක් වූයේ පොල් ලෙලි වල මදුරුකොයිල් ගහන්නෙ මොලේ නැත්දැයි අසමිනි. දැන් ගුටි දී හදන්න තරම් පොඩි නැත

උපුටා ගැනීම: Janodha Rajapaksha