ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්රාන්තයේ විලබි (Willoughby) නම් කුඩා නගරයට ඇය පැමිණියේ මන්දැයි කිසිවෙකු දැන සිටියේ නැත….
ග්රේ හවුන්ඩ් සමාගමට අයත් බස් රථයකින් පැමිණි ඇය හැඳ සිටියේ දීප්තිමත් නිල්පැහැති ඇඳුම් කට්ටලයකි.ඈ අත තිබූ පසුම්බියද නීල වර්ණයෙන් යුතු විය.
ඒ 1933 වසරේ දෙසැම්බර් මස 23 වෙනිදා විය.මඟ තොටදී හමුවූ කෙනෙකු ගෙන් විමසා දැනගත් නවාතැනකට ගොස් .තමන්ගේ නම “කේට්” බව නවාතැන් පාලිකාවට පැවසූ යුවතිය, එම ස්ථානයේ නතර වූවාය…..
පසුදා උදෑසනම නවාතැන් පාලිකාව හමුවූ නිල් ඇඳුමින් සැරසුණු යුවතිය උදාවෙන නත්තල වෙනුවෙන් සුබ පැතුවාය…
ඉන්පසුව ඇය නගරය දෙසට ඇවිදගෙන යන අතරේද තමන්ට හමුවූවන්ටද නත්තල වෙනුවෙන් සුබ පැතූවාය….
නිල් පැහැති ඇඳුමින්ම සැරසී සිටි යුවතිය, දුම්රිය පාර දෙසට ගමන්කර, එකවරම තමන් දෙසට වේගයෙන් පැමිණි දුම්රිය ඉදිරියට පැන්නාය..
බොරළු ගොඩක් මත පතිත වී තිබූ සිරුරේ බාහිර තුවාල හෝ රුධිර වහනය වීම දක්නට නොතිබුනද ඇය මියගොස් සිටියාය…
මියගිය යුවතිය සතුව තිබුණු පසුම්බියේ තිබුණේ ඩොලර් ශත 90 ක් සහ යාබද පෙන්සල්වේනියා ප්රාන්තයේ Corry නගරය වෙත යාමට අවසර ඇති දුම්රිය ප්රවේශපතක් පමණි.ඇයගේ අනන්යතාවය හඳුනා ගත හැකි කිසිදු ලේඛනයක් හමුවූවේ නැත.
නගර බලධාරීන් විසින් අවමංගල්ය ශාලාවක මල සිරුර තැන්පත් කර ඇය කව්රුන්දැයි හඳුනා ගැනීමට ජනතාවට ඉඩ කඩ සලසා දුන් අතර කිසිවෙකු ඇයව හඳුනා ගත්තේ නැත…
කෙසේ වුවත් මෙම නොහඳුනන යුවතිය නිගරු ලෙස මිහිදන් කිරීමට නගර වැසියන් ඉඩ හලේ නැත.සුසාන භුමියේ වූ එකම මල්බෙරි ගස පාමුල ඇයව මිහිදන් කල ඔවුහු ඇය වෙනුවෙන් සොහොන් ගලක්ද ස්ථාපනය කලහ.
එහි Girl in Blue,Killed by a train
December 24, 1933
Unknown but not forgotten යනුවෙන් සටහන් කෙරුණි…
සැබවින්ම ඇයව අමතක කරන්නට කිසිවෙකුට නොහැකි විය.ඇයව මිහිදන් කල ස්ථානයේ නිතිපතා කැලෑ මලකින් හෝ සැරසිණි….
ඇගේ මරණයෙන් වසර 60 ක් ගතවූ 1993 වසරේදී ඇය කවුරුන්දැයි හෙළිදරවු විය.නමින් Josephine Klimczak.වූ ඈ පෝලන්තයෙන් සංක්රමණය වූ යුවලකගේ දියණිය වුවාය.1912 වසරේ මෙලොව එලිය දැක තිබු ඈ මියයන විට 21 හැවිරිදි වියේ පසුවිය….
අනන්යතාවය හෙළිදරවු වීමෙන් පසුව ඇයගේ සොහොන් කොත පාමුල ඇගේ නම සටහන් කල පුවරුවක් ස්ථාපිත කරන්නට තරම් නගර වැසියන් කාරුණික විය…

උපුටා ගැනීම: Chaminda Jayasena