අදටත් ලොව පුරා, අංක විද්‍යාවේදී භාවිතා වෙන ශුන්‍යය අර්ථ දක්වන “0” සලකුණත්, ශුන්‍යයයේ කාර්‍යත් පැහැදිලි කරන්නේ ඉන්දීය ගණිතඥයකු වෙන බ්‍රහ්ම ගුප්ත විසිනුයි. ඒ ක්‍රි.ව.628 දී.
ලෝකයේ කැළෑ සිංහයින් වගේම කොටි යන දෙපිරිසම ස්වභාවිකව ජීවත් වන එකම රට ඉන්දියාවයි.
ලෝකයේ සමස්ථ රත්‍රන් සංචිතයෙන් 11% ක් ඉන්දියානු ගෘහනියන් සතුව පවතිනවා. එය ඇමරිකාව, ජර්මනිය සහ චීනයේ රත්‍රන් සංචිත වල එකතුවටත් වඩා වැඩි ප්‍රමාණයක්!
1972 දී බ්‍රසීලයෙන් දියමන්ති හමුවෙන තුරුම, ලෝකයටම දියමන්ති සැපයූ, දියමන්ති කැනීම් සිදු කල එකම රට ඉන්දියාවයි.
ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය වූ “තක්ෂිලා” විශ්ව විද්‍යාලය ඉන්දියාවේ ආරම්භ වුණා. ඉන්දියාවෙන් පසුව වෙන් වී ගිය පාකිස්තාන භූමියේ අද එය දැකගන්නට පුළුවන්.
අද වෙන විට රුසියාවේ ජාතික ක්‍රීඩාව වන චෙස් ක්‍රීඩාව මුලින්ම හඳුන්වා දෙන්නේ ඉන්දියානුවන් විසින්. ඒ “චතුරංග” නමින්.
අඟහරු කක්ෂයට ඇතුල් වෙන්නට උත්සාහ කළ දුසිම් ගණනක් රට වල, ඒ සඳහා ප්‍රථම උත්සාහය සැම විටම අසාර්ථක වුණා. නමුත් ඉන්දියාව පළමු උත්සාහයෙන්ම කක්ෂයට ඇතුල් වෙන්නට සමත් වුණා. අඟහරු කක්ෂයේ අභ්‍යවකාශ යානාවක් කක්ෂගත කක්ෂ ගත කරන්නට සමත් වුණු ලොව සිව්වැනි ජාතිය විදිහට ඉන්න ජාතිකයින් සැලකෙනවා.
ලොව වැඩිම ගණනක් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් බිහි කළ රට ඉන්දියාවයි. ඉන්දියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වුණු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් සංඛ්‍යාව 9,50,000 කට වැඩියි.
ඉන්දියාවේ පිහිටා ඇති Golden temple හෙවත් රත්‍රන් විහාරය එක් දිනකට 50,000 අධික ජනකායකට ආහාර වේල සපයනවා. ඒ ජාතිය ආගම සහ කුලය ගැන කිසිවක් නොසලකමින්.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සාම සාධක මෙහෙයුම් වලට භට කාණ්ඩයන් වැඩිම සංඛ්‍යාවක් සහභාගී වන රට ඉන්දියාවයි. එලෙස සාම සාධක මෙහෙයුම් 49 කට අධික සංඛ්‍යාවකට ඉන්දියාවෙන් සහභාගීවන භට කාණ්ඩයන් සංඛ්‍යාව 2,40,000 කට වැඩියි.
ලෝකයේ උසස්ම භාෂාවන් බොහෝමයකට මාතෘ භාෂාව වූ බව සැලකෙන ඉන්දියානු “සංස්කෘත” භාෂාව මේ හේතුව නිසා “Computer coding language” එකක් ලෙස භාවිතා කරන්න පුලුවන් බව විශේෂඥයින් අදහස් පළ කරනවා.
අද ලොව පුරා ස්නානයට භාවිතා කරන “ෂැම්පු” මුලින්ම නිපදවන්නේ ඉන්දියාවේ. ඒ “චම්පු” නමින්. චම්පු යන්නෙහි තේරුම ‘සම්බාහනය’ යන්නයි.
සඳ මත ජලය ඇති බව මුලින්ම සොයා ගන්නේ ඉන්දියාවයි. ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් 2008 වර්ෂයේදී අභ්‍යවකාශගත කළ චන්ද්‍රයාන්-1 යානාව විසින් සඳ මත ඝණ ජලය ඇති බව මුලින්ම තහවුරු කළා.
ශාක සාර පිරිසිදු සහ පිරිපහදු කර “සීනි” නිපදවීමේ තාක්ෂණය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දියාවටයි. ලොව පුරා විශේෂඥයින් ඒ ගැන අධ්‍යයනය කරන්නට ඉන්දියාව කරා ඇඩී ආවා.
ලොව විශාලතම න්‍යෂ්ටික ඉන්ධන සංචිතය පවතින්නේ ඉන්දියාවේ. ඒ ලෝක න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිශතයෙන් 25% ක්!
ලොව අඩුම දික්කසාද ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඒ විවාහ සියයකට එක් දික්කසාදයක් ලෙස ඉතාම අඩු සංඛ්‍යාවක්.
විෂ්ණු දෙවියන්ට පිදීම් සිදුකරන ඉන්දියාවේ අංකූර් විහාරය ලොව විශාලතම ආගමික ස්ථානය ලෙස සැලකෙනවා.
1600 කට අධික භාෂා ගණනක් පවතින ලොව එකම රට ඉන්දියාවයි. එයින් 850කට වැඩි සංඛ්‍යාවක් අදටත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යවහාරයට ලක්වෙනවා.
හිමාලයානු කඳු වැටි ආශ්‍රිත ද්‍රාස් සහ සුරු අතර ඇති ද්‍රෝණියට ඉහළින් පිහිටා තිබෙන “බාලි” නම් පාලම ලොව උසින්ම පිහිටා ඇති පාලම ලෙස සැලකෙනවා. 1982 දී ඉන්දියානු හමුදාව අතින් එය නිර්මාණය කෙරුණා.
ඉන්දියාවේ දුම්රිය මගින් දිනපතා ප්‍රවාහනයේ යෙදෙන ජන සංඛ්‍යාව ජනසංඛ්‍යාව මිලියන 25 කට වැඩියි. එය, සමස්ත ඉන්දියානු ජනගහනය ඔස්ට්‍රේලියාව මේද සංක්‍රමණය කළා හා සමානයි.
ලොව විශාලතම තැපැල් ජාලයට හිමිකම් කියන ඉන්දියාව සතුව 2011 මාර්තු මාසය වන විට තැපැල් ස්ථාන 1, 58, 866 ක් තිබුණා. ඒ අතරින් 90% ක්ම ගම්බද ප්‍රදේශ වල පිහිටා තිබෙනවා.
ලොව වැඩිම තෙතමනයක් සහිත භූමිය ඉන්දියාවේ “මාසින්රාම්” ප්‍රදේශයයි. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 1140cm ක ට වැඩියි.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.