ගොඩක් අය කියයි කෙල්ලෙක්ට කරන්න පුලුවන් මොනවද කියලා ……
මගේ ජිවිතේ හැරිලා බලද්දි…







පොඩි කාලේ ඉඳලා මගේ හීනේ වුනේ bank එකක වැඩ කරන එක.මොකද මගේ තාත්තී වැඩ කලේ Hatton National Bank එකේ.එ ආසාව නිසාම මම හොඳට ඉගෙනගත්තා..ශිෂ්‍යත්ව විභාගය,සාමාන්‍ය පෙළ ඔක්කම පාස් උනා..මම උසස් පෙළ ලිව්වේ ගණිත අංශයෙන්.bank එකක වැඩ කරන්න ආසාව තිබ්බ නිසා commerce කරන්න ඕන කිව්වට අපේ ගෙදරින් ඒකට ඉඩ දුන්නෙම නෑ..අදටත් මම ඒ තීරනේ ගැන දුක් වෙනවා..මොකද මම ආස දේ මම කැමති දේ ගෙදර අය නිසා මට වෙනස් කරන්න සිද්ද උනා..
මගේ මුල්ම පාසල වත්තේගම බාලිකා මහා විද්‍යාලය.උසස් පෙළ ලියන්න මම ගියේ ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලයට.
උසස් පෙළ ලියන්න මාස තුනක් වගේ තියෙද්දි අපේ තාත්ති රස්සාවට යන්න බෑ කියලා නතර උනා..ජීව්තේ කණපිට හැරෙන්න පටන් ගත්තේ එතනින්.ආදායම් මාර්ගයක් නැති උනාම අම්මි රට ගියා.නන්ගිලා දෙන්නවත් බලාගෙන එතන ඉදන් හැමදේම මම කරගත්තේ තනියම.පොඩි කලේ ඉඳලා කිසි දුකක් නැතුව හැදුනට එතනින් පස්සේ අපි අම්මි එවන මාසේ පඩියෙන් හැමදේම කරගත්තා…ඉස්කෝලෙ යන ලමයි තුන් දෙනෙක් ගේ වියදම් අම්මිට දරන්නම අමාරු උනා.
A/L ඉවර උන ගමන් මම ජොබ් එකකට ගියා.bank එකක නොවුනත් ආස කරපු විදියටම accounts සම්බන්ධ job එකක් හම්බුණ නිසා ආසාවෙන් කලා.ඒ අතරේ මම aat කරන්න පටන් ගත්තා.කොච්චර ආසාවෙන් කලත් මට දිගටම එතන ඉන්න බැරි උනා.
මම රස්සාව කලේ කොළඹ.නන්ගිලාව බලාගත්ත ආච්චි අම්මා නැති උනාට පස්සේ මට දිගටම එතන ඉන්න බැරි උනා..
ගෙදර ඇවිල්ලා මට කරන්න දෙයක් නැතිම තැන මම කම්මැලි නිසා dreamron college එකේ beauty culture course එක කලා.හිතුවෙවත් නැති විදියට හැම exam එකම පාස් උනා.අන්තිම bridal show එකේදි මම මුලු ලංකාවෙන්ම හොඳම 10 දෙනාට තේරුනා.අනික් හැමෝම කලින් ඉඳලම සැලෝන් කරපු අය.මම විතරයි පොඩි කෙනෙක් ට හිටියෙ.මට ආසාව ඇති උනේ එතනින්..
ඉගෙන ගන්නේ නැතුව දෙයක් පටන් ගන්න අකමැති නිසා මම දිගටම beauty culture එක ගැන ඉගෙනගත්තා.NVQ LEVEL 4 කරලා එතනිනුත් ඉහළින්ම පාස් උනා.
ඊට පස්සේ පොඩියට සැලෝන් එකක් දැම්මා.එක පුටුවයි එක කණ්නාඩියයි.තවම ඒ දෙක මගේ ලග තියනවා.කොච්චර අලුත් බඩු ගත්තත් මම ඒ පුටුවටයි කණ්නාඩියටයි තවම ආදරෙයි.
හැමෝම බැන්නා.ඉගෙන ගෙන සැලෝන් එකක් දාන්න පිස්සුද කියලා.මම සැලෝන් කරනවා කියලා කියන්න ලැජ්ජා උනා ගෙදරින්.ඒත් මම පලවෙනි පාර කරපු වැරැද්ද කලේ නෑ.මට ඕන දේ මම කලා.
අවුරුදු දෙකක් යද්දි මම නුවරින් තව සැලෝන් එකක් open කලා.ගොඩක් ලොකුවට..සැලෝන් වැඩ වගේම මම සාරි working පටන් ගත්තෙත් ඒ අතරෙමයි.අවුරුදු 26ක් වෙද්දි මම මට පුලුවන් උපරිම තැනට ආවා.ගෙදරිනුත් පවුලෙනුත් ලොකු පිලිගැනීමක් ආවා ඊට පස්සේ.
කාගෙවත් යටතේ වැඩ කරනවට වඩා ඒක හරිම නිදහස්.කෙල්ලෙක් උනාම තමන්ගේ දෙයක් තියෙන්නම ඕන.නැත්නම් කරදරයක් උනාම කිසි කෙනෙක් නෑ..ඒක මම අත්දැකීමෙන් කියන්නෙ.
මිනිහෙක්ට හොද වගේම නරක කාලවල් එනවා කියලා කතාවට අහලා තිබ්බට එච්චර නරක දේවල් වෙන්න පුලුවන් කියලා මට හිතුණෙම නෑ.ජීවිතේ එක තැනක් ආවා මාව නැගිටින්නම බැරුව වැටුණු තැනක්.අදටත් මම ඒක මතක් කරන්නවත් අකමැති නිසා ලියන්න කැමති නෑ.කෙල්ලෙක්ට එච්චර දේවල් දරාගන්න පුලුවන් කියලා හිතන්නවත් බැරි තරම් කරදර ගොඩක් ආවත් මම හැමදේකින්ම ඈත් වෙලා අවුරුදු 2ක් ම හිටියා.මම ගොඩනඟාගත්ත නම,බිස්නස් එක හැමදේම නැති උනා.එහෙම වෙනවත් එක්කම මගෙ වටේ හිටපු නෑයොත් ඈත් උනා.ගොඩක් යාලුවෝ ඈත් උනා.ඒත් හැම කරදරේදිම ලඟින් හිටපු යාලුවෝ දෙතුන් දෙනෙක් හිටියා.අදටත් ඉන්නවා.
බිංදුවටම වැටිලා ඉද්දි රවට්ටන්න ආව අය නම් එමටයි..අදටත් සතුටු වෙනවා මම කිසිම හේතුවකට ඒවාට අහු නොවිච්ච එකට.
මගේ ජීවිතේ හොදම කාලේ පටන් ගන්නේ ඊට පස්සේ.හිතුවෙවත් නැති විදියට ආව මැසෙන්ජර් රිප්ලයි එකකින්.
මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බ app එකක් හදන්න.සැලෝන් එක දාපු මුල් කාලේ සල්ලිත් තිබුන නිසා මම idea එක දෙන්න කෙනෙක් හොයද්දි ලසන්ත අයියා ගැන මගේ යාලුවෙක් කිව්වා.එෆ් බී බලලා මම මැසේජ් එකක් දැම්මා අයියේ මට ඇප් එකක් හදාගන්න ඕන ගණන් කොහොමද කියලා.අවුරුදු 2 හමාරක් ගිහිල්ලාවත් බලලා තිබ්බේ නම් නෑ..මටත් ඒක එහෙමම අමතක වෙලා ගිහින් තිබ්බේ ප්‍රශ්නත් එක්ක.එත් හදිසියෙම රිප්ලයි එක ආවා හරි නන්ගි,හදලා දෙන්න පුලුවන්.requirement එක කියන්න කියලා.එත් මම ඒ වෙද්දි ඇප් එකක් හදන්න සල්ලි තියන මට්ටමේ හිටියේ නෑ.මම ඇත්තම කීවා මට දැන් නම් හදන්න විදියක් නෑ අයියේ කියලා.ඒත් bussiness එක ගොඩ දා ගන්න advice එකක් දෙන්න පුලුවන් ද කියල.පස්සෙ මම එයාගේ ආටිකල් කියෙව්වා,වීඩියෝ බැලුවා..මම හැමදේම අලුතින් හිතන්න පටන් ගත්තා.ඉස්සල්ලම කලේ හිතන විදිය වෙනස් කරන එක.හැමදේම දිහා හොද විදියට බලන්න පටන් ගත්තා.තමන් ආස කරන දේ..මට ඕන ජීව්තේ මොකක්ද කියලා මම ම හිතුවා.අමාරුවෙන් හරි ආයෙත් සැලෝන් එක අලුතින්ම කරන්න හිතලා මුල ඉදලම පටන් ගත්තා.මට කලින් හැදිලා තිබුන නමවත්,බිස්නස් එකවත් කිසි දෙයක් මට නැතිම වෙලේ ලසන්ත අයියගේ වචන ටික පුදුම විදියට දැනුනා.දියුණු වෙන්න ආස හිතෙන විදියට එකින් එක කියලා දුන්නා.ඒ වගේම තවත් සුන්දර මිනිස්සු කිහිපදෙනෙක්ම මට අදුරගන්න ලැබණා.ඒ අයව ආශ්‍රය කරද්දි දන්නෙම නැතුව මම ඉන්න තැනින් උඩට ආවා.ඒ අය හිතන විදිය,කරන දේවල්, ඒවාට ආස නිසාම මමත් ඒ විදියටම හිතන්න පටන් ගත්තා.නොදැනුවත්වම මම හිතාගන්න බැරි දුරකට ඇවිල්ලා.නැති වෙලා හිටපු මාව ආයෙත් ඉපදිලා වගේ දැනෙනවා.
අද වෙනකොට මට සැලෝන් දෙකක් තියනවා.
ඒ වගේම ladies,gents දෙගොල්ලොන්ටම treatments කරනවා.
Brissbella saree gallery එකෙන් high quality bridal සාරී හදනවා.
Brissbella luxury wedding cars service එකත් පටන් අරන් තියෙන්නෙ..
ලඟදීම brissbella photography පටන් ගන්නවා.
pink club පේජ් එකෙන් ස්වභාවිකව ලස්සන වෙන ආයුර්වේද ක්‍රම ගැන මම කියලා දෙනවා.
ලඟදීම pink club hair and beauty academy එකත් පටන් ගන්නවා.
App ekak හදන හීනේ තවම හිතේ තියනවා.මේ හැමදේම කලාට පස්සේ ඒ හීනෙත් මම හැබෑ කරගන්නවා.
මට දැන් අවුරුදු 29.ගොඩක් දේවල් වලට මුහුණ දීලා මම ඉගෙන ගත්ත දේවල් වයසට වඩා වැඩී.
කෙල්ලෙක් උනත් කිසිම වෙලාවක වැටෙන්න එපා.හිත හයිය කරගන්න.අදටත් මම මෙහෙම ඉන්නෙ මගේම කියලා දෙයක් මම ඉගෙන ගත්ත නිසා.ගෑණු ලමයෙක් රස්සාවක් කලත් දෑතේ දෙයක් ඉගෙන ගන්නම ඕන.මොන දේ නැති උනත් ඒ දේ කාටවත් අපෙන් ගන්න බෑ.හැමදේම නැති උන වෙලාවට අපිට තියන එකම දේ ඒක වෙන්න පුලුවන්.තනියම ජීවත් වෙන්න බය වෙන්න එපා.කාගෙන්වත් යැපෙන්න හිතන්නවත් එපා.කෙල්ලෙක් තනියම ඉද්දි ප්‍රශ්න එනවා කියලා බොරු මායාවක් සමාජේ විහින්ම හදලා කෙල්ලෙක්ට තනියම ඉන්න බෑ කියලා බය කරලා තියෙන්නෙ.ඒක බොරුවක්.තනියම නැගිටින්න.තමන්ට පුලුවන් දේ කරලා.ගාමන්ට් ගිහින් හරි සල්ලි හොයලා තමන්ගේ දෑතේ රස්සාවක් ඉගෙනගන්න ලැජ්ජා වෙන්න එපා.
මම බිංදුවටම වැටිල ඉද්දි මගේ යාලුවෙක් කීව වචනයක් මතක් උනා.
මාශි උඹ යකඩ ගෑනියෙක්.උඹට වෙච්ච දේවල් අපිට උනා නම් අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා.වැටෙන්න එපා.තනියම නැගිටපන්..
මං කියන්නෙ පුලුවන් නම් ඔයාලත් යකඩ ගෑනියෙක් වෙන්න.තැලුවත් මුවහත් වෙනවා මිසක් මොට වෙන්නෙ නෑ.
Mashi
Mashi Nehansa
.