ගොඩයා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා බාල කාලයේ පාසැල් ගියේ හිරිපොකුන ගමේ පල්ලියෙ ස්කෝලෙට.එවකට ඉතා පිටිසර ඒ පාසලේ අට වසරට පමනයි පංති තිබුනෙ.අටේ පංතියෙ හිටියෙ ලමයි පහයි.
ගුරුවරයෙක් වුනු මගෙ ඥාති සහෝදරයෙක් ගෙ දැඩි උවමනව නිසා මට හලා/මාදම්පෙ ම.ම.ව්ද්යාලයට ඇතුල් වෙන්න ලැබුනා.එස්.එස්.සී ප්රෙප් ප්ංතියට.කලා,විද්යා,වාණිජ කියලා අංශ තුනට බෙදනවා.ලමයින්ව ඔහේ ප්ංති වලට දානවා.
මාදම්පෙ සැන්ට්රල් කොලීජිය කියලයි කිව්වෙ.කොලීජියකට ගැලපෙන ඇඳුම් පැලදුම් මට නෑ.සපත්තු සෙරෙප්පු මොකුත් නෑ.අද ඉන්න ලමයි මේක පිලිගනීවිද සැකයි.ගමේ පාසැලේ ලමයි පාවහන් දැම්මෙ නැහැ.ඇන්දෙ පාට් පාට ඇඳුම්.මම නිතරම ඇන්දෙ අය්යලාගෙ පරන ඇඳුම්.අච්චු පොත් ලබුනෙ එයාලග පරන ඒවා.අලුත් පොත්වල සුවඳ මම වින්දෙ අනුන්ගෙ පොත්වලින්
මාදම්පෙ යන්නෙ හෙට කියල තමයි සපත්තු හෙව්වෙ.අම්මා තාත්තට දොස් කිව්වා.අම්මා කිව්වා “උඹේ ලොකු අය්යලා දෙන්නට උගන්නන්න තාත්තා ගොඩාක් සල්ලි වියදම් කලා.ඉල්ලන ඔක්කොම අරන් දුන්නා.අර බලපන්” කියලා ඇඳ යට,දූවිලි වලින් වැහුන ඉන්ග්රීසි අකුරු තියෙන යතුරු ලියනය පෙන්නුවා.”උන් සල්ලි කෑවා.විබාග පේල්.තාත්තාගෙ බලපොරොත්තු කඩවෙලා .ඉගැන්නිල්ල එපාවෙලා”
තරහ පිටවුනෙ මගෙ පිටින්ද මන්දා.
අම්මා ඇඳයටින් පරන පකිස් පෙට්ටියක් ඇද්දා.ඒකෙ තිබිල ඇදලගත්තා ලොකු අය්යගෙ දුඹුරු පාට හොඳටම ගෙවුනු,ජොන් වයිට් සපත්තු බානක් .මට හොඳටම ලොකුයී.රෙදි පාන්කඩ ඔබලා මට ගානට හදා ගත්තා.ඊලඟට බැලුවා ලේස් නැහැ.පෙට්ටියෙ පතුලෙ තිබුනා පයිල් ටැග් දෙකක් කොලපාට .
ඒක අමුනලා මේස් හෙව්වා නෑ.අම්මා ඕනාම අපදාවකදී අදින්නෙ ඔය පෙට්ටිය.
සපත්තු කකුලට පුරුදු වෙන්න ගිහින් කකුල් කැපුනා.හැම දේටම අම්මට උත්තර තියෙනවා.සපත්තු හම් පොල්තෙල් පෙගෙව්වා.මම ටිකක් උඩ පැන පැන තමයිබස් එක ල්ඟට ගියෙ.
මේක කියවන අය සමහරවිටහිතයි අපි හරිම දුප්පත් කියලා.අපි දුප්පත් නෑ.තාත්තා මාස්පඩි කරයෙක්.ඔක්කොම පොල් අක්කර දාහතරක්.,තිබුනා.උලු සෙවෙලි ගෙයක් .එහෙනම් මොකද මේ,ඔබ අසාවි.
ඒ අපේ ගැමි ගතියෙ හැටි තමා.
* * * * *
පලවෙනි දවසෙ, මං වගේම ගොඩේ අප්පුල ටික දෙනෙක් දැකල හිතට හය්යක් ආවා.වැඩි දෙනෙක් නාගරික ලමයි.උන් සපත්තු මේස් දාල මැදපු ඇඳුම් ඇඳල හිටියෙ..එයලගෙ කතාබහ අමුතුයි.ඉන්ග්රීසි වචන හරියට.මට කතා කරන්නත් සැකයි.
ටික දොහකින් තාත්තා මාව මාදම්පෙ ගෙදරක බෝඩිං කලා.එතනට ගියාමයි දැනුනෙ මම කොච්චර ගොඩයෙක්ද කියලා.ඒ ගෙදර කලින් සිට හිටපු ලමයි තුන් දෙනෙක් හිටියා.
ඒ ලමයි ගෙදරටත් කමිස දාල සෙරෙප්පු දාල ඉන්නෙ හරියට ගමන්ක් යන්න ලෑස්ති වෙලා වගේ.මම ගෙදරදි දත් මැද්දෙ අඟුරු වලින්.මාදම්පෙ යනකොට හරි නැති නිසා අම්මා මට සත දහයක් දුන්නා ගෝපාල් දත් කුඩු පැකට් එකක් ගන්න.උන් පෙන ජාතියකින් කට පුරෝගෙන බුරුසුවෙන් මදිනවා.මම ඇඟිල්ලෙන්.
ඒ ලමයි ඇස් ලොකු කරගෙන බලා හිටියට සිනහව්වට මාව ලක් කලේ නෑ.මගෙ ගල්ටික් ඇඟට බයවෙලා වෙන්නත් පුලුවන්.
* * *
මාදම්පෙ ගෙදර නාගරික උනාට ඉතාම අප්රසන්න වැඩේ තමයි වැසිකීලිය.ගෙට තරමක් ඈතින් තිබුනෙ බාල්දි වැසිකිලියක්.එහෙම ජරාවක් මමදැකල වත් අහලවත් තිබුනෙ නැහැ.ඒක නම් පුදුම කරුමයක්,ඒ අයට පුරුදු වෙලා.
මේ වෙනකොට මේවෙනකොට මගෙ වයස 13 යි.තුන් දෙනෙක් එක කාමරේ.ඒගෙදර නැන්දා ( ඇන්ටි) පාන්දර නැගිටලා අල්මාරිය උඩ තියෙන වයර්ලස් එකෙන් පිරිත් දානවා.”
“ආඋනෙය්යෝ ,පාඋනෙය්යෝ ,දකිනෙය්යෝ,අංජලි කරනෙය්යෝ අනුත්තරන්…………..”ටික දවසක් යනකොට මට කට පාඩම්.මම කතෝලික ලමයෙක් උනාට.මගෙ පාඩම් වැඩ වලට වඩා හොඳට පිරිත් පාඩම් හිටියා.
කට්ටිය පන්සල් යනකොට මමත් යනවා.මාදම්පෙ පල්ලියයි පන්සලයි මූනට මූන.මට තනියම යන්න බැරි නිසා කට්ටිය එක්ක පන්සලටම සෙට් උනා.පන්සලේ සුවඳට මම ආසයි
* * * *
කලක් යනකොට මමත් ටික ටික පොශ් වෙන්න ගත්තා.ඒත් ” කැලේ මාරු උනාටකොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කිව්වා වගේ,මගේ සමහර ගොඩේ පුල්ලි මාරු උනේ නෑ”
එතන වටපිටේ හිටපු ලමයිගෙන් පොල් ගහකටනගින්න මාදම්පෙ වැවේ එගොඩ පීනන්න පූවන් මට විතරයි.ඒ වෙලාවට මගේ ගොඩේ කම වීර කමක් මෙන් පෙනුනා.
ඇන්ටි හොඳයි.කුස්සියෙ උයන බීටක්කා හොඳා……….යි.බීටක්කයි මමයි දෙන්නම ගොඩේ.ඉඳහිට බත් වලට යට කරල බිත්තරයක් එහෙම එනවා.
අවුරුද්දකට පස්සෙ සති අන්තවල ගමට යනකොට ,පටි සපත්තු දාලා මැදපු ඇදුම් ඇඳලා යනකොට ,මිනිස්සු හැරිලත් බැලුවා
අවසානය………
උපුටා ගැනීම: Antony Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!