ගොලු කෙල්ල (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදාත් මම පුරුදු විදිහට හවස බෝදි පූජාවට ඕන මල් කඩන්න ගිහින් හිටියේ .. අපේ පන්සලේ වැඩට ඉන්න කමල්
සහන් මහත්තයා සහන් මහත්තයා
කියලා උස් හඩින් කතා කරපු නිසා මම බැලුවා ..
මහත්තයා මහත්තයට කෝල් එකක්..
ම්ම්ම්..මට කතා කරන්න ඉන්නේ එකම කෙනය්.එයා විතරයි මම මෙහෙ ඉන්න බව දන්නේ .
හොදය් මම එනවා කමල්.
මම ආවස ගෙට ගිහින් දුරකතනය අතට ගත්තා ..
හලෝ
හලෝ කොහොමද සහන් දැන් හොදය් නේද .මට ලොකු හාමුදුරුවෝ කිව්වා
ඔව් නිසල්..මම හොදින් ..ඔයාට කොහොමද
මමත් හොදින් මචන්.. මම එන්නද ඔයාව අරන් යන්න සෑහෙන කාලෙකින් ගෙදර ගිහින් නෑනෙ .
ස්තුතිය නිසල්.අවශ්ය නැහැ .මගේ අදහස දිගටම මෙහේ ඉන්න
මම කිව්වා
ඒත් සහන් ගෙදර.ඒක ඔයාගෙ නමට නේද තියෙන්නේ .
කමක් නෑ නිසල්. එයාලා මම නැතුව දැන් සෑහෙන කාලයක් හිටියානේ. එහෙමම ඉදීවි..
අනේ මන්ද .මට ඕන වෙලාවක කෝල් එකක් දෙන්න එහෙනම් ..මම එන්නම් ගන්න .
ස්තුතිය නිසල් .තෙරුවන් සරනය් .
ඇමතුම හමාර වෙලා මම පන්සල් වත්තේ කොනේ වෙල යායට මුහුන ලා තිබුනු ඇල පාර ලගට ගිහින් ගලක් උඩ වාඩි උනා. අදුර වැටෙන්න පටන් අරන් . දවස පුරාම අහසේ ඉගිලුනු කුරුල්ලන් රන්චු පිටින් උන් හිටි තැන් බලා පියා බන්න පටන් අරන්. මට මගේ ජීවිතේ පහුගිය කාලෙ සිහිපත් උනා.
මම ජීවත් උනේ කොලොබට නුදුරු නගරයක .මට හිටියේ මව්පියන් හැරුනාම සහෝදරයන් දෙදෙනෙක් පමනය් .ඔවුන් දෙදෙනාම විවාහ වී සිටි අය. මම මව්පියන් සමග ජීවත් උනා . පෞද්ගලික ආයතනයක තමය් රැකියාව කලේ.
බොහොම සාමකාමීව නිස්කලංක ජීවිතයක් ගත කල මගෙ ජීවිතය වෙනස වෙන්න මුල් උනේ ගෑනු ලමයෙක්.ඒකත හරි අහම්බයක්.
අපේ ගෙදරට යන පාරේ තියෙනවා මැටියෙන් හදපු පොඩි ගෙයක් .ඒ ගෙදර හිටියේ වයසක ආච්චි කෙනෙකුය් එයාගෙ ආබාධිත මිනිපිරියය් විතරයි . ඒ ආච්චි අහල පහල ගෙවල් වල කෑම උයන්න යනව පොඩි වැඩ කරනවා.එහෙම තමය් ඒ පව්ල ජීවත් උනේ.
මේ ගෑනු ලමයා පොඩි කාලෙම එයාගෙ තාත්තා හා අම්ම මෙයාව දාලා ගිහින් . මුලු ගමම දන්නවා ඒ විස්තර . ඒ ලමයාට කතා කරන්න බෑ. නමුත් සිරියාවන්ත පෙනුමක් තිබුනා .වයස ඒ කාලෙ අවුරුදු පහලොවක් දාසයක් වගේ ඇති .
මම හැමදාම වැඩට යන්න ප්රදාන පාරට ගියේ පය්න්. ඒ ගෑනු ලමයාගෙ ගෙදර පහු කර ගෙන .ඉතින් මම වැඩට යද්දි මේ ලමයා ඉන්නව පාර අය්නට වෙලා .සමහර වෙලාවට එයා මිදුලේ පිච්ච ගසින් මල් කඩනවා පහන තියන්න ඒ වෙලාවට .එයා පුදුම අහිංසක විදිහට හිනා වෙන්න පුරුදු වෙලා හිටියේ මමත් එක්ක .මටත් ඒක පුරුද්දක් උනා .
සමහර වෙලාවට මට එයා කඩමින් ඉන්න මල් දික් කරනවා ආආඅ.කියමින්. මමත් හිනා වෙලා ස්තුති කරලා යනවා.එයා පේන්නේ නොසිටියොත් මම ආච්චි අම්මට කතා කරලා අහලා බලන්න පුරුදු වෙලා හිටියා . අසනීප වෙලා නම් වගේ බෙහෙත් ගන්න කීයක් හරි දීලා යනව. මගේ හිතේ ඒ දෙන්නා ගැන පුදුම අනුකම්පාසහගත ආදරයක් තිබුණේ .
ටික කාලෙකින් එයා මම වැඩ ඇරලා එන වෙලාවටත් පාරේ බලා ඉන්න පුරුදු උනා.මම කඩෙන් ගන්න පොඩි රසකැවිල්ලක්, බනිස් එකක් එයාට එන ගමන් දෙනවා . එතකොට එයාගෙ ලස්සන ඇස් දිලිසෙනවා. ස්තුතිය කියලා එයාට කට ඇරලා කියන්නේ බැරි උනාට ඒ ඇස් දෙකේ ඒක පිරිල තියෙනවා . අමාරුවෙන් ආඈහෑතී කියලා කියනවා .
මුලු ගමෙන්ම එයාට එහෙම සලකන එකම කෙනා මම වෙන්න ඇති . ගොඩාක් කොල්ලෝ ලමය් ඒ ලමයට විහිලු කරන බවත් එයා ඒ වෙලාවට අඩන බවත් ආච්චි මට කියලා තිබුනා . එයා කේන්ති ගිහින් වතාවක් දෙකක් ඒ ලමය්ට ගල් ගහලා ඒ ලමය්ගෙ දෙමාපියන් මේ ලමයට ගහන්න ඇවිත් ආච්චි නොවදිනා වැදුම් වැදලා බේරා අරන් තිබුණේ .
අපේ අම්ම උනත් මට බනිනව
ඇය් උබ අර කෙල්ලට ඕවා මේව අරන් දෙන්නේ .ගමේ මිනිස්සු කතා හදය් ඕවට. උබට තෑගි දෙන්න ඕනෙ නම් වෙන කෙල්ලෙක් හොයා ගනින්
කියලා .
ගමේ මගෙ යාලුවොත් විහිලු කරන්න පුරුදු වෙලා හිටියා
උබ අර ගොලු කෑල්ලට ලය්න් නේ
කියාගෙන .
මම ඒව හිතට ගත්තේ නැත්තෙ මගෙ හිත ගැන මම දන්නා හින්දා .
ඔහොම කල් ගිහින් ඒ මූසල දවස උදා උනා.මම එදාත් වැඩට යන්න පාරේ ඇවිදගෙන ආවා . එන අතරෙ මම දැක්කා අර ගෙදර ලග පොලිසියේ ජීප් එකක් නතර කරලා තියෙනවා .මිනිස්සු වට වෙලා හිටියා .මට අමුත්තක් දැනුනා . මම ඒ ගෙදර ඉදිරියෙන් යන කොට අර ගෑනු ලමයා වට කරගෙන කට්ටිය මොනවාද අහනවා දැක්කා .
එක පාරටම මාව දැක්ක ඒ ලමයා මන් දිහාට අත් දික් කරා.හැමෝම මන් දිහා බැලුවා
ඔහොම නවතිනවා .
පොලිසියේ නිලදාරියෙක් මට කිව්වා .
මම නැවතුනා .
ඇය් රාලහාමි .
මෙයාද
මාව පෙන්වලා ඒ නිලධාරීයා ඒ ලමයාගෙන් ඇහුවා .
ආආඈඅඕඕ.
ඒ ලමය මට මොනවාද කියන්න හදනවා වගේ මට දැනුනා .
ආ මේ ඉන්නේ . තමුසෙ කොහේද ඉන්නේ . ඊයෙ රෑ කොහේද හිටියේ
ඒ නිලදාරියෙක් මගෙන් ඇහුවා .
ඊයේ රෑ මම යාලුවෙක්ගෙ ගෙදර ගිහින් රෑ ආවෙ.
ඔය තියෙන්නේ .එහෙනම් මූ තමය් මේක කරලා තියෙන්නේ .
මොකක්ද රාලහාමි වෙලා තියෙන්නේ .
මොකද වෙලා තියෙන්නේ .උබ බබා පාට් එපා. පොලිසියට යමන් මන් කියලා දෙන්න .
ඒ නිලදාරියා මගේ අත් දෙකෙන් අල්ලලා ජීප් එකට නැග්ගුවා මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා..
මෙයා මේ ලමයට කාලයක් තිස්සේ තෑගි එහෙම දෙනවා අපි දැකලා තියෙනවා .
ලග ගෙදරක පදින්චි හේරත් අන්කල් කිව්වා . එයා අපේ තාත්තා එක්ක තරහින් හිටපු කෙනෙක් .
ඔව් අපිත් දැකලා තියෙනවා . අපි හිතුවෙ මනුස්සකමට කියලා කව්ද දන්නේ දෙය්යනේ රවටන්න දෙනව කියලා .
වටේ පිටේ රැස් වෙලා හිටපු ගෑනු කෙනෙකුත් කිව්වා .කෙල්ලගෙ
ආච්චි අම්මත් අඩාගෙන හිටියේ .
මම හිතුවෙ නෑ මගෙ කෙල්ලට මෙහෙම අපරාදයක් කරය් කියලා දෙය්යනේ . මමත් රැවටුනානේ මූට . හෙන ගහනවා තෝ කර අපරාදෙට.
මම කිසි දෙයක් දන්නේ නෑ . මොකද වෙලා තියෙන්නේ .මම වැඩට යන ගමන්..
යමන් පොලිසියට වැඩ පෙන්නනම්
මාව දාගත්තු ජීප් එක කෙලින්ම පොලිසියට ආවා .
කෙලින්ම මාව ගෙනිච්චේ ඕ අය් සී ගේ කාමරේට .
ආ. මූද වැඩේ කරලා තියෙන්නේ . බලපන් මූ දහයට ගනින්න බෑ වගේ ඉන්න හැටි.
ඔව් සර්.කෙල්ල කිව්වා මූ තමය් කියලා .
චටාස් .
මහ හඩින් කම්මුල් පාරක් මට වැදුනා . විසි වෙලා ගිහින් පුටුවක වැදුනා .
පර බල්ලා.
මේකව කූඩුවට දාන්න . විස්තරේ අහල ලියා ගන්න.
මෙතන ලොකු වරදක් වෙලා තියෙනවා සර් මම මේ මුකුත් දන්නේ නෑ .
මම මගෙ නිර්දෝශීභාවය කිව්ව. ඒ වැදුනු කම්මුල් පාරට මට කදුලු ඇවිත් තිබුණේ .
උබ බබා. ඒ කෙල්ල මොකද උබ විතරක් පෙන්නුවෙ. උබ ඒකි රවට්ටලා අනාත කරපු හැටි ආච්චිත් කිව්වේ .
සාජන් මූව කූඩුවට දාන්න .
උන් මාව අරන් ගිහින් ගද ගහන් අන්ත අපිරිසිදු කූඩුවට දැම්මා . එක නිලදාරියෙක් පැමින මගේ ගෙදර විස්තර ටික ලියන් ගියා .මගේ මුලු ලෝකෙම අදුරු වෙලා ගියා .සිදුවීම ගලපාගන්න මම උත්සාහ කලා.
කව්රු හරි පාහරයෙක් අර අසරණ ගොලු කෙල්ල අනාත කරලා .මට පුදුම කේන්තියක් දුකක් දැනුනා .මම නම් බේරෙය්.ඒත් ඒ අහිංසක කෙල්ල ඒක කොහොම දරා ගන්න ඇද්ද . මට එයා අඩමින් කියන්න උත්සාහ කලේ ඒක වෙලා ඇති .පව්. ඒ අපරාදේ කල එකා මරාගෙන මැරෙන්න තරම් ආවේගයක් මට ආවා.
අනේ සුදු පුතේ මොකක්ද මේ උනේ.
අම්ම කූඩුව ලගට ආවෙම හය්යෙන් අඩාගෙන .තාත්තා ඈතට වෙලා හිටියේ .
අනේ අම්මේ මම මේ මුකුත් දන්නේ නෑ .
ඔව් පුතේ .මන් දන්නවා උබ වරදක් කරන්නේ නෑ .ඒත් මන් කිව්වා උබට ඒ කෙල්ලට ඇගෑලුම්කම් එපා කියලා .බලපන් උනුදේ .
හරි අම්මේ මන් වරදක් කරලා නෑ .මන් ඉක්මනට ගෙදර එන්නම් .කෝ අය්යලා.
අය්යලට හොදටම කේන්ති ගිහින් පුතේ .අපිට එන්නත් එපා කියලා බැන්නා.
හා.හා ඇති .දැන් යනවලා.උසාවිට එනවලා උසාවි දැම්මාම .
නිලදාරියෙක් පැමින අම්මලාට යන්න කිව්වා .
අනේ පුතේ පරිස්සමෙන් ඉදපන් .සර් මගේ දරුවා ඉක්මනට ගෙදර එවන්න .
අම්ම ඒ නිලදාරියාට අත් දෙක එකතු කරලා කිව්වා .මට දරා ගන්න බැරි වේදනාවක් දැනුනා .
හා හා යනවලා.ඉක්මනට .
හවස නිලදාරියෙක් පැමින මාව කූඩුවෙන් එලියට ගෙන උඩ තට්ටුවෙ කාමරයට අරන් ගියා. මේසයක් එක පුටුවක් හා පුටුවට ඉහලින් සමීපව එක විදුලි බුබුලක් දැල්වෙමින් තිබුනා.
පුටුවේ මම වාඩි කලා.
ඕ අය් සී සහ තවත් නිලදාරියෙක් කාමරේට ආවා.
ඇත්ත කියපන්. මොකක්ද උනේ
ඒ නිලදාරියා මගෙ මූනට ලන්වී තියුණු ලෙස ඇහුවා .
මම දන්නේ නෑ සර්.
උබ දන්නේ නෑ . අර ගොලු කෙල්ල දූෂණය කරා උබට මතක නෑ .
අනේ නෑ සර්.
චටාස් .චටාස්
මග කම්මුල් හරහා දරුනු පාරවල් දෙකක් වැදුනා .
අපි සේරම හොයාගෙන තියෙන්නේ .උබ බබා ටෝක් දෙන්න හදන්න එපා .උබ ඒකිට දීපුවා සල්ලි දීපුවා සේරම අපි දන්නවා .
උබ රෑ ගෙදර ගියපු වෙලාව සේරම දන්නවා
මම යාලුවෙක්ගෙ ගෙදර පාටි එකකට ගිහින් ආවෙ සර්.
උබ ආව ගිය වෙලාවන් අපි දන්නවා . උබ දැන ගෙන හිටියා එදා කෙල්ල තනියම ඉන්නේ කියලා . උබ විතරයි ඒක දන්නේ .ඒකිගෙ ආච්චි උබට කිව්වේ නැද්ද උබ උදේ යද්දී කතා කරාම එදා රෑට ලග ගෙදරක දානට යනවා කියලා .
ඔව් ආච්චි එහෙම කතාවක් උදේ කිව්වා බව මට මතක් උනා .
ඔව්.ආච්චි කිව්වා සර්
කියද්දිම නැවත මගේ හරහා පාරක් වැදුනා .කට ලෙය්න් පිරුනා වගේ තේරුනා .
උබ හන්ගන්න හැදුවට අපි සේරම දන්නවා . කෙල්ල උබේ පොටෝ පෙන්නලා අහද්දී උබව අදුර ගත්තා .උබට කියන්න බැරි නම් අපි දැන ගන්න දන්නවා.
ඒ වෙන්න ඇති මම සිහියෙන් අහපු අන්තිම වචන කීපය..උන මාව පරාලෙක එල්වා පහර දුන්නා . නිරුවත් කොට විවිධ වදහින්සා කලත් මම දැනගෙන හිටිය එකම උත්තරේ මම දන්නේ නෑ කියන එක විතරයි .
මට සිහිය නැති උනා.
සිහිය එන කොට මම හිටියේ රෝහලක ක ඇදක් උඩ . මගේ හිසේ වෙලුම් පටි දාලා තිබුනා . දනහිස ලගින් නවන්න බැරි බව තේරුනා ..නර්ස් කෙනෙකුගෙන් මම විස්තර ඇහුවත් මිත්රශීලී බවක් දැනුනේ නැහැ .රෝහලේ අයත් මන් දිහා බලුවෙ අපරාදකරුවෙක් දිහා බලනවා වගේ . පොලිස් නිලදාරියෙක් ඇද ලග මුරට හිටියා . දවල් අම්ම ආවා මාව බලන්න .
අනේ පුතේ මේ මොකක්ද කර ගත්තේ . උබට මන් ඕක කිව්වා නේද කලින්ම .
මගෙ වරදක් නෑ අම්මේ .
මන් දන්නේ නෑ පුතේ .ගමේ උන්ගෙන් බේරිලා ඉන්න අමාරුයි .උන් ගෙට ගල් ගැහුවා කීප සැරයක් .තාත්තා හොදටම හිතේ අමාරුවෙන් ඉන්නේ .අය්යලා මට එන්න දෙන්නෙත් නෑ පුතේ .උන්ට හොරෙන් මන් ආවෙ.
මගේ හදවතට ලොකු කුලුගෙඩි පාරක් වැදුනා වගේ දැනුනා .මම නොකල වරදකට අපි හැමෝටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ .
අම්මේ අම්ම ආයෙත් එන්න එපා .මන් හොද උනාම ඉක්මනට එන්නම්.
දැන් යන්න යන්න .
ලග හිටපු නිලදාරියා අම්මට යන්න කිව්වා .
මගේ පුතාට තෙරුවන් සරනය් .
දවස් දෙකකින් මගේ ටිකට් කැපුවා. පොලිසියෙන් මම උසාවියට දැම්මා .උසාවියෙන් ඇප ලැබුනා.මට ඇප දෙන්න කෙනෙක් හොයා ගත්තේ ගොඩාක් අමාරුවෙන් .අන්තිමට මගෙ යාලුවෙක් ඇප් දෙන්න ආවා.
ඇප ලැබිලා මම ගෙදරට යන්න ආවා . බස් එකෙන් බැහැලා ගෙදර පාර ඇවිදගෙන එන විටම වගේ විශාල පිරිසක් පැමින මට නැවත පහර දෙන්න ගත්තේ දූෂකයා.කාලකන්නියා. බල්ල ආදී ලෙස පරිභව කරමින්.ගැහැනු මගේ මූනට කෙල ගසමින් බැන වැදුනා.මට බේරීමක් තිබුණේ නෑ .මන් දිව්වා පුලුවන් උපරිම වේගයෙන් දිව්වා. මට මරන බය දැනුනා . උන් ගහපු ගල් මුල් ප්රහාර මැදින් දිව්වා .පාරේ මම අදුර ගත්තු ත්රීවීලර් රියදුරෙක් මම ඔහුගෙ රතයෙන් රෝහලට ගෙනවිත් දැම්මේ මගෙ හිස තුවාල වී තිබුනු නිසය්.
ගේට්ටුව ලග මා බස්සවා ඔහු වේගයෙන් ගියා.
මම එතනම බිම හිද ගත්තා . කිසිවෙකු පැමින මා ඔසවා ගෙන ගිය බව මට සිහිනයෙන් මෙන් දැනුනා .
එදායින් පසු මා රෝහලෙන් පිටකොට මුල්ලේරියාව මානසික රෝහලට යොමු කොට තිබෙන්නේ මට මානසික රෝග තත්ත්වයක් හට ගෙන තිබුනු නිසා. එහිදී මා වසර දෙකක පමන ප්රතිකාර වලට යොමු කොට තිබුනා. එහි ප්රතිකාර අවසානයේ මා රෝහලෙන් නිදහස් කලා . නමුත් මට යන්න තැනක් තිබුණේ නෑ . ගමට යන්න ලොකු බයක් තිබුනා . එසේම මම නිසා නැවත මා අදුරන අයට කරදරයක් වේ යය් සිතේ ලොකු බයක් තිබුනා .මට මගේ මව්පියන් සහෝදරයන් ගැන හැගීමක් තිබුනු නෑ .
මම ඉබාගාතේ යන්න පුරුදු උනා. කිසිවෙකු යම් දෙයක් දුන්නොත් කන්න පුරුදු උනා. මෙසේ යම් කලක් ඉද්දී දිනක මම පාරෙ ඇවිදිමින් සිටියදි රතයක් මා අසල නතර කලා.
ඉන් බැස ආ අයෙක් මට කතා කලා.
සහන්
අවුරුදු ගනනාවකින් පසු කෙනෙක් මගේ නමින් කතා කරා.
මම අදුරන්න පුලුවන්ද .මම නිසල්
ඔහු මගේ පාසල් මිතුරෙක්. ඔහු මගේ විස්තර අසා මාව කැදවාගෙන ගියා.ඔහු තමය් මම ස්රී සුදර්මාරාමයේ විපුල ලොකු හාමුදුවන්ට භාර දුන්නේ .ඒ හිමියන් සුලු මානසික ආබාධ ඇති අට පන්සලේ නවතාගෙන ප්රතිකාර කොට සනීප කරන උතුම් හිමි නමක්. දැන් මම මේ පන්සලට පැමින මාස හයක් පසු වෙලා .
මේ ලෝකයේ කාත් කව්රු වත් නැති වෙලා හිටපු මට ජීවිතයේ නියම නිසසාරත්වය ගැන අවබෝධය ලැබුනා . එදා සෑම අයෙකුටම අනුකම්පාසහගත ලෙස ජිවත් උනු මා අන්ත අපරාදකරුවෙක් ලෙස හන්වඩු ගසා මා ජීවිතය ගැන උපරිම ආකාරයට කලකිරී ජීවිතය අහිමි කර ගන්නා මට්ටමට ගෙන ආවෙත් මේ සමාජයය්.
නිසල් පසුව පැවසූ ලෙසට අදාල ගොලු දැරිය දූෂණය කොට ඇත්තේ දේශපාලන හය්යක් තිබුනු අයෙකුගේ පුතෙකු විසින්. රස පරීක්ෂණ වාර්තාව මගින් මගෙ නිර්දෝශීභාවය තහවුරු උනත් එයට මාස ගනනක් ගොස් තිබෙනවා . ඒ කාලය වන විට සමාජය මා අපරාදකරු ලෙස හන්වඩු ගසා අවසන් . මාගේ අසරණ මව්පියන් දෙදෙනාම අභාවප්රාප්ත වි ඇත්තේ සමාජයෙන් ආ විරෝධය අවමාන දරා ගත නොහැකිවය හිත් තැව්ලෙන් . මට උරුම වී තිබුනු නිවසට ලොබ බැදි මගේ සහොදරයන්ගේ බිරිදෑවරුගෙ බස් අසා මගේ සහොදරයන් පවා මාව වරදකරු කොට පව්ලෙන් ඉවත් කරන්නට කටයුතු කොට තිබෙනවා .
ඉතින් මට මේ ලෝකයේ කිසිම බැදීමක් ඉතින් වී නැහැ . මා ප්රාර්ථනා කල සිහින ලෝක මා ඇස් ඉදිරිපිටම සුනු විසුණු වී අවසන්. නමුත් මාගේ ජීවිතයේ උපරිම සැනසීමක් ලැබුවේ පසුගිය මාස කීපයේ මේ සුදර්මාරාමට පැමින පසුවය්. ජීවිතයෙ නියම අර්ථය මට වැටහෙන්න පටන් ගත්තා . මාගේ ජීවිතයේ ඉදිරි කාලය ජීවිතේ නියම අරුත ලබමින් ශාසනයෙම ගත කරන්නට මම අරමුනු කොට ගෙන හමාරය . ගෙවුණු ජීවිතේ සිදුවූ කිසි දෙයක් ගැන මගේ කිසිම පසුතැවීමක් නැහැ . මා විසින් කල යුතුව තිබූ වන්දී ගෙවීමක් හමාර කල බවක් මට දැනෙනවා . බොහොම නිරාමිස සුවයකින් මම දැන් ජීවිතය ගෙවනවා .
කලුවර වැටිලා උනත් සවස් පැමිනි සැදැහැවතුන් දැල්වූ පහන් ආලෝකයෙන් පන්සල් වත්ත පිරිලා..ඒ පහන් ආලෝකයෙන් මම කුටිය කරා යෑමට පියවර තැබුවා …
උපුටා ගැනීම: ලලිදු ලියනගේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!