ගොළු වූ පෙම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔහු මට මුලින්ම හමුවන්නේ පුස්තකාලයේ දී. කීපවතාවක්ම මං දිහා හොරෙන් බලලා අහිංසක විදියට හිනාවුනා. සතියක්…….දෙකක්….. නෑ… මාසෙකට වඩා මේ අහිංසක හිනාව මං දැක්කා . ඈත ඉදන් හිනා වුනාට ඔහු කවදාවත් මං ලගට ආවෙ නැහැ . ඒත් දවසක් , පුදුමයි , එයා මං දිහාවට එනව!!.
මාව පහු කරල අඩි දෙකක් විතර ගිහින් නැවතිලා හැරිල බැලුවා . ඒ වෙද්දි මාත් ඔහු දිහාමයි බලන් හිටියෙ. මට පේන්නම මේසෙ උඩින් පොත තියල ඔහු යන්න ගියා.
ඔහු ගියත් එක්කම ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටල, වේගෙන් දුවල ගියේ “ඒ පොත මොකක් ද?” බලන්න. දුවද්දි මේසෙ කකුලක මගේ පාදයේ ඇගිල්ලක් හැපිල ඇදුම් දෙන්න ගත්තත් මං වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ මොකද , ඔහු තියල ගිය පොත බලනතුරු මට ඉවසිල්ලක් තිබුන් නැති නිසා.
“ලියුම කොහෙද?… ලියුම කොහෙද?” මගේ හිත මිමිනුවා. පොතේ පිටු වේගෙන් පෙරලුව. මං බලපොරොත්තු වුනේ ලියුමක් . නවකතා පොත් වල මං කියවල තියනවා , පෙම්වතා තමන්ගෙ පලමු හසුන පෙම්වතියට දෙන්නෙ පොතක පිටු අතරෙ හංගලා!.
‘ඒත් කෝ මේ ලියුම?’
පොතේ පිටු පීරල හෙව්වත් ලියුමක් තිබුන් නැහැ . හිතේ තිබ්බ බලපොරොත්තු නැති වුනත්, ඔහු තියල ගිය පොතත් අරගෙන තමයි මං එදා ගෙදර ගියේ.
නමුත් ඊළඟ දවසෙ ඔහුට කලින් පුස්තකාලයෙන් පිට වෙන්නෙ මං. ඔහු මුල්ම දවසෙ පොත තියපු තැනම ඔහුට පේන විදියට පොතක් තියලා මං එතැනින් පිට වුනා.
සති කීපයක් මේ විදියට පොත් හුවමාරු කර ගත්තත්, මට ඔහුගෙ පලමු හසුන හමුවුනේ “සකායි” හි පිටු අතරින්.
” හිනාව නම් හැඩයි ළමයගෙ, කටහඩත් අහන්න තිබුන නම්………”
ඔහු එක ලියුමක මෙහෙම ලියල තිබුනේ.
” මට…… කතා කරන්න බැහැ නේ.පුංචි කාලෙ ඉදලම…..”
එයට පිලිතුරු ලෙස ලියපු ලිපිය මං ඔහු අතටම ගිහින් දුන්නේ ගොළු හදවත පිටු අතරෙ තියල.
මං හිටුවෙ එදායින් පස්සෙ ඔහු මං ගැන දක්වපු අවධානය නැතිවෙලාම යයි කියල. ඇත්තටම මං බලාපොරොත්තු සේරම අතෑරල දැම්මෙ එදා ගෙදර එන ගමන්මයි.
ඒත්……..
හරියටම සතියකින් ඔහු මට පිලිතුරු ලිපියක් දුන්නා. ඒකෙ මේම ලියවිල තිබුනා.
” කටහඩ ගොළු වුනාට හදවත ගොළු නැහැ නේ? බැරිද මටත් ගොළු භාෂාව කියල දෙන්න?”
ඉහේ මලක් පිපුනා. නෑ …නෑ….. හදවතේ පුරාම මල් පිපුණා.
“එක අතකට, මට කනක් ඇහිල ඉන්නවත් පුලුවන් වෙයි නෙහ්?” ඔහු කියපු ඒ කතාව මතක් වෙද්දි අදටත් මගෙ මූනට සියුම් හිනාවක් එනව……….
එදා ඉදන් මගෙ සිතුවිලි වචන කලේ ඔහු. ඔහු මගේ උපන්දිනයට පවා දුන්නෙ පොත්. පොත් කියන්නෙ ,අපේ ආදරේ සංකේතය වුනා .
‘ වදනින් නොවුනු’ අපේ අදරය කාලයක් නිසලව ගලාන ගියා.
” මේ පෝයට මං එන්නම්. පන්සල් යන්න ලෑස්ති වෙලා ඉන්න.”
අවසාන වතාවට මාව බලන්න ඇවිත් යද්දි ඔහු කීවෙ ඒමයි.
ඔව්, මං සුදු දිග සායකුයි , සුදු කමිසයකුයි ඇදන් ඔහු එනතුරු දවසෙම බලාන හිටිය මතකයි.
2004/12/26 , උදුවප් පෝය දවසෙ , නෑ……….. ඔහු ආවෙ නෑ…….. ඒ වෙනුවට සුනාමියේ රුදුරු රැල්ලක් ඔහුව අරගෙන ගිහින් තිබුනා.
මහ ඉස්පිරිතාලෙ ඔහුගෙ මිනිය අදුරගත්තෙ ඔහුගෙ අම්මයි, මමයි. මගේ ජීවිතේ මට විදින්න සිදුවුන වේදනාකාරීම වෙන්වීම!.
” මේ අපේ ළමය ඔය ළමයට දෙන්න කියාල තියාන උන්න ගවුමක්.”
දවසක් ඔහුගෙ අම්ම ඇඩූ කදුලින් කහ පාට දිග ගවුමක් මං අතේ තිබ්බ.
එදා ඉදන් හැම ඉරිදම, හැම පෝයටම මං යනවා ඔහුව බලන්න, ඔහුව රැගෙන ගිය මුහුද ළගට. ඈත ක්ෂිතිජය දිහා බලාන ඉන්නවා ඔහේ……
මුන නොගැහෙනවා නොවෙයි මිනිසුන් , නමුත් ගොළු කෙල්ලෙකුට හිමි වේද ප්රේමයක්?
“ගොළු හදවතකට කොහෙන්ද ආයෙත් එහෙව් ප්රේමයක්?”
උපුටා ගැනීම: Amadi Bandara Niriella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!