පිටකොටුවෙ, තොග හාල් කඩේකට නාට්ටාමි කෙනෙක් ඕනි වුණා, මුදලාලි කටින් කට ආරංචිය යැව්ව. (ඔව්වට ඉතින් TV ඇඩ් දාන්නෙ නෑනෙ ආයිබොවං).
ඉතිං ආරංචියට ‘ඉන්ටර්වීව්’ එකට කෙසඟ කොල්ලෙක් ආවා. මුදලාලි මෙයා දිහා බලලා සතුටු වුණු බවක් පෙනුන්නෑ. “කුඩ්ඩෙක්ද කොහෙද” තනියම හිතුව.
ඊට පස්සෙ ඌට කිව්ව “බලපං උඹේ ඇඟේ හැටි, උඹල ගත්තහම අපි පඩි ගෙවනවා විතරයි, උඹලට මහන්සි වෙලා වැඩක් කරන්න බෑනෙ” කියල.
“අනේ නෑ මුදලාලි; මං මහන්සි වෙලා වැඩ කරන්නම්” මූ කිව්ව.
“හොඳයි, බලපං අර කිලෝ පනහෙ හාල් ගෝනි දිහා, උඹට එක පාරට ඔව්ව කීයක් උස්සතැහැකිද?” මුදලාලි ඇහුව..
“දහයක් විතර” මූ කියාපි. “දහයක් පුළුවන්, යකෝ එක ගෝනියක හාල් කිලෝ පනහ ගානෙ, කිලෝ පන්සීයක් නෙ, උඹට මඤ්ඤං ද” මුදලාලි කෑ හැහුවා. කඩේ වැඩ කරන අනෙක් නාට්ටාමිල දෙන්නත් මූ දිහා බැලුවෙ ඔලුව අප්ෂැට් වෙලා.
“ආ… මුදලාලි කියන්නෙ ගෝනි වල හාල් තියෙනකොට ද” මූ බායාදු විදිහට ඇහුවා.
උපුටා ගැනීම: Dineth Prabash