අහලා තියනවනෙ ග්‍රීස් යක්කු, සමහරු දැකලත් ඇති, කොහෙන් ආවද කවිද කින්ද මන්ද මොකුත් නොදන්න ග්‍රීස් යක්කුන්ගේ උද්භිද විද්‍යාත්මක නාමය තමයි පබ්ලික් වැන්කර්ස් නොහොත් එක්සිබිෂනිට්ස් කියන එක පුරාණ පුෂ් කොල පොත් වල ඕක ලියැවෙන්නෙ ප්‍රදර්ශනය කාමය හැටියට. ග්‍රීස් යක්කු නිසා සෑහෙන අලකලංචි උනා නෙව.
වතාවක් දවල්ට බත්කාලා කනමතේ ඇලට් එකක් ගහපු ඇන්ටී කෙනෙක් එකපාරටම ඇහැරලා බැලින්නම් කවුද දොරට තට්ටු කරනවලු. ඇන්ටිට මතක් උනේ එක පාරටම ග්‍රීස් යක්කු … ඒකත් මහා හද්ද පට්ට දවාලේ ගිනි ගහන අව්වේ තුනට විතර. ඇන්ටිගනී නිකං හිටියේ නෑ ඩී ජේ පැෂ්බරා වගේ ෆුල් වොලියුම් ඇරලා, වොයිස් එක බේස් කරලා කෑගැහුවා…
“බුධු අම්බ්බෝඃ…. භේර ඝනියෝ…. මිනී මරණවෝ… අයියෝහ්හ්…. ඉදලා ඉවරයිහ්… මෙහේ වරෝ…. මෙන්න ග්‍රීස් යඛ්ඛු පැනලෝ…. හෞයියෝ… හූ..හූ…හූ… ඉහි…ඉහි…ඉහි… බක,බක….. අඛ්ඛේ…. වරෝ…. භුහූ….භුහූ….”
දුටුගැමුණු රජතුමා විජිතපුර සටනට සේනාව රැස් කරන්න ගහපු රණබෙර හඬ ඇහිලා මිනිස්සු අතට අහුවෙන අයුද අරන් දුවගෙන ආවා වගේ… වගේ ඇන්ටිගේ අඳෝනාව අහපු ගමේ මිනිස්සු අතට අහුවෙන කොහු ඉඳල් හිරමණ, වැටකොලු වම්බටු, පොල් බෑවල් ලාඩප්පා පොලු, ඉඳිකටු, පාං කපන පිහි අරගෙන දුවගෙන එද්දි…කවුදෝ එකෙක් ලැට් බාල්දියකුත් හදිස්සියේ උස්සන් දුවගෙන ඇවිත් තිබ්බේ කලිසම ලැට් එකේ දොරේ තියෙද්දිම. තව පොඩ්ඩෙන් ග්‍රීස් යක්කු නෙමෙයි ,සිහියෙන් ඉන්න යක්කුත් දුවනවා මනුස්සයා ආපු ඒම දැක්කම. තුන්දෙනෙක් විතර කලන්තේ දැම්මලු හැපූ…හයියෝහ්….අඤේ අර.. කියාගෙන.
කොහොමින් හරි සංගීත තරඟවලට සමූහ ගායනා පුරුදු වෙන ආධුනික ගායක ගායිකා රැලක් වගේ ගමේ මිනිස්සු එක,හඬින් ගණ පිහිටුවලා, ස්වර සප්තක,අලංකාර යොදලා…සුත්රිය අල්ලලා… තාලෙට කුනුහරුප පාලි සංස්කෘත කියාගෙන ග්‍රීස් යකා හෙවීම හරිම අහ්ලාද ජනක,ජුගුප්සාජනක කටයුත්තක්… කොටින්ම තාලෙට කිව්ව කුණුහරුප ටික ඇහුන නම් නදීක ගුරුගේට මෙන්න මෙහෙම ෆීඩ්බැක් එකක් දෙනවා ශුවර් එකටම
“ගම් වැසි තරුණයා … ඔබලා විසින් ඒ යෙදු ස්වර,සප්තකයෙහි කුප්ප තුච්ච අලංකාර ,මනෝරාජික..ගලගණ්ඩනීය…සංස්කෘත කව් ගී ගායනා ඇසූ ව්ට….. මා හුදෙක් කල්පිත සත්වයකු පමණක්,නොව සංගීත සුයාමයක මනෝරාජික කල්පිත සත්වයකු ග්‍රීස් යකෙකු සමඟ යහන්ගත වීම දක්වා රැගෙන ගියා… ඔබට ජය තරුණයා…”
අන්තිමේදි කට්ටියම එකතුවෙලා හොයද්දි ග්‍රීස් යකෙක් වෙනුවට පරාණ බයෙන් ගැහි ගැහි ලන්දක් අස්සෙ ඉඳලා හම්බ උනේ ගෙයින් ගෙට ගිහිල්ලා පුංචි පුංචි විදුලි උපකරණ විකුණන කොල්ලො දෙන්නෙක්. හොඳ වෙලාවට උන්ට ගුටි ගහලා නෑ කවිරුවත් උන් දෙන්නව අඳුරගත්ත නිසා. තවත් ගමක ඔන්න ග්‍රීස් යකෙක් මූණ සම්පූර්ණ වහගෙන ගෙදරකට කොකං පාද්දි ගමේ මිනිස්සු වටවෙලා කොටු කරලා. ග්‍රීස් යඛා කොහොමත් ලිස්සන සුලු නිසා ඌ මූණ විතරක් වහගෙන අමු නිර්වස්ත්‍රාභරණයෙන් සැරසිලා ගමේ උන්ද්ලා ගෙන් බේරිලා කැලේ කඩා ගෙන ඉලුක් ගාලක් අස්සෙන් පැනල ගිහිල්ලා.
එක,ඇන්ටී කෙනෙක් පර සක්වල ගහලා කියනවලු… ඔය වෙන කවුරුවත් නෙමෙයි ගඟෙන් එගොඩ අහවල් ගමේ අහවලාම තමයි කියලා… එතන උන්න පොඩි එකෙක් අහන්ඩ දෙයක් නැති කමට ඇහුවලු
“ඇන්ටි කොහොමද මූණ වගගෙන දුවපු එකා… ඒ මිනිහමයි කියලා අඳුනගත්තෙ ?” කියලා..,ඇන්ටි අතුරුදන් වෙච්ච පාර අතුරුදන් වූවන්ගේ කොමිසමෙ අයටත් හොයාගන්න බැරි උනාලු. ඔය පොඩි පරයන්ටත් ඕන නැති ප්‍රශ්න නේ අප්පා. මිනිස්සු අමාරුවෙ වැටෙනවනේ එහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇහුවම. කොහොමින් හරි කොයිබින් හරි ඒකත් ඉවරවෙල ග්‍රීස් යක්කු වඳවෙලාම ගියා. වඳවෙලා ගියා,නෙමෙයි ආමි එකෙන් ටීම් එකක් බැස්සා කියන ආරංචියට යක්කු විමාන දාලා ග්‍රීස් හෝදගෙන දිව්වා.
ඊලඟ ආවේ රිලව් බයකරන කලු පාට වෙස්මූණ. රිලව් බයවුණාද…නැත්නම් ඒ මූණ දිහා බලන් ඉන්න බැරුව මාරු උනාද කියලා දන්නෙ රිලව්ම තමයි. කොහොමින් හරි කජු පොල් අන්නාසි සාරෙට වැවෙන රිලව් වඳුරො ඉන්න පලාතක ,අපේ හිතාදර මිත්‍රයෙක් ගේ වත්තක් තිබ්බා.ඒකෙ පොඩි කටු මැට්ටෙන් වතුර පාරක් අයිනේ හඳවලා තිබ්බ පුංචි පැල්කොටේ ට අපි හරිම ආසයි. හිතේ නිදහසේ පරණම මිත්‍රයන් ටික එක්කාසු වෙන තැන. මාස කීපෙකට කලින් අපි ඔතනට ගිහිල්ලා, සිසිල් සුලං රැල්ලේ, මඳ පවනේ ,ආගිය කතා කියමින්, බෙලිමල් එක්ක රණවරා හකුරු කමින් බොහොම අවුසදීය ගුණයෙන් යුතු පානයක් බොමින් ඉන්න වෙලාවක… ඒබරං ආතගේ කුඹුරු උන්න කලු ඉටිරෙදි ගහලා හිටි පඹයා ට පණ ඇවිල්ලද කොහෙද කලු වෙස්මූණකුත් දාගෙන ….කඩා බිඳගෙන හූ තියාගෙන වාත වේගයෙන් ආපු ගමන් පුංචි ගේ අස්සට පැන්නෙ නැතෑ. තත්පර දෙක තුනකින් වෙච්ච සිද්දියක් නිසාම අපිට සිහි එලවගන්න තවත් තත්පර පහක් හයක් ගියාම තමා තේරුණේ අහක යන ගෝරි මන්දයෙක් අපේ රෙද්ද,අස්සෙ රිංගලා බවට…
මෙන්න යකඩෝ ඒ කලු යකා සිංහලෙන් කතා කරනවා………අපේ යාලුවට. අනේ මහත්තයෝ…මං හැට එකේ කෑල්ලේ මුරකාරයා. සයිමන් ….සයිමම්… අනේ මාව හ්ංගලා තියාගන්න මං විස්තරේ කියඤ්ඤං” කියල කියද්දිම ස්කූටර් බයිසිකල්, මෝටර් බයිසිකල්, ත්‍රීවීල, වීල් බැරක්ක, කොලපොත්, මෝටාර් බෝට්ටු වල නැඟුන මහා ජන ගඟක් සෙත් ශාන්ති කරමින් අපි උන්න වත්තේ මායිමෙන් නතර උණා. හරියට වෝකින් ඩෙඩ් එකේ සොම්බි ටික ගමකට පැන්නම ගම දාලා යන රංචුවක් වගේ උන් ටික. ස්කූටර් දෙකක් අපි උන්න බව දැකලා වත්ත ඇතුලට රුං ගාලා ආවා.. ආපු එකෙක් ගේ හෙල්මට් එක ලොකුයි ස්කූටර් එකට වඩා.. ඌ නිකං ජම්බෝලෙකට ඉරටු ගහලා හදපු මොහොඬෙක් වගේමයි. අනික් ස්කූටරේ උන්න් හෙනම හීන්දෑරි ප්‍රමාණයෙන් ගංගා බීඩියක් තරම් සයිස් එකේ පොඩි උන් දෙන්නා බැහැලා ආවා.. ශුවර් එකටම සාමන්‍ය පෙල ලියලා ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න උන් දෙන්නෙක්.හයියෙන් උන්ට පඩයක් ගියොත් උන්ගෙම පඩේ වේගෙට උන්ම ඉස්සරහට විසි වෙනවා හැතැම්මක් විතර.. ඒතරම් සයිස් එක.
බොහොම රෞද්‍ර විලාසෙන් උන් අපි දිහා බැලුවා.
“මේ බ්‍රෝ…මේ පැත්තට ආවද $-%-#-#=%=2 කන බල්ලෙක් කලු ඇඳගෙන වෙස් මූණක්,දාගෙන..?”
ඌ,අහපු විදියට මට මැරෙන්න හිනා… ඇයි වලාමේ නිකං මොන්ටිසෝරි එකෙක් ඒලෙවල් එකෙක්ගෙන් කොහොමද බ්‍රෝ කියලා ඇහුවා වගේනේ… පස්සෙ බැලින්නං උන් උපන් අවිරුද්දෙ අපි ඒ ලෙවල් ලියලා තියෙන්නෙ…
” නෑ පුතා…,මෙහෙට ආවේ නෑ කවුරුවත්.. ඇයි මොකද්ද ප්‍රශ්නේ?”
“අපේ ඇන්ටි කෙනෙක් පාරේ යද්දි කලු ඇඳගත්ත මිනිහෙක් රෙද්ද උස්සලා පෙන්නලා …කපනවා,අහු,උනොත් ඕකගේ -%-%-%*&-#=#(((@=%-=-%-“
දැන්,පොඩි උන් සේරම නිකන් දෙවනි ඉනිමේ සෝබන චන්ඩි වගේ.. කතා වෙලා ගහගන්න,උන්ද මන්දා.. කොහොම හරි පොලිසියට කියන්න නිකං,මිනිසුන්ට ගහන්න කපන්න කොටන්න උම්මා දෙන්න යන්න එපා අමාරුවෙ වැටුනම මොකෙක්වත් නෑ කියලා අපි උන්ට කිව්වට, උඹලා මොක්කුද ඩෝ අපිට උපදෙස් දෙන්න…වගේ බැල්මක් දාලා උන් ගියා. ඒ තමයි වර්තමාන තාරුණ්‍ය
අන්තිමේ ගේ අස්සෙ උන්න මුරකාරයා ගේ කතාව මේකයි .කලටි කන්න එන,රිලා වඳුරු වසංගතෙන් බේරෙන්න මිනිහ රිලව් එලවන වෙස්මූණක් දාගෙන කලු ඉටිරෙදි ඔතාගෙන වත්ත පුරා,හක්කොලං,කරලා. ඔහොම යද්දි එක මායිමක හොරෙන් වත්තට පැන්න ගෑණු දෙන්නෙක් රිටක් බැඳන් පොල් කඩනවලු පැල ගහක.මිනිහට තමන්ගේ වෙස්වලා ගැනිල්ල අමතක වෙච්ච පාර, එතනට කඩන් පනිද්දි පැනල දිව්ව ඉස්තිරික්ක ජෝඩුව කතාව බ්‍රේකින් නිව්ස් දාලා ටෙලිකාස්ට් කලේ…. කලු ඇඳගෙන,සුදු ඇවිදින්…සොරි…කලු ඇඳගෙන හෙලුවෙං ඇවිඳින් කියලා. මුරකරුවා අහිංසක බව දනිතත්.මිනිහා එක්ක අදාල ස්ථානය අපි ගිහින් බලද්දි පොල් කඩපු කෙක්ක, හතරට පහට නවපු පෝර කවරයක් එක්ක පොඩි ෆෝන් එහෙකුත් තිබ්බ. ෆෝන් එකේ අයිතිකාරිට කතා කරලා ෆෝන් එකත් කවරෙත් කඩපු පොල්ගෙඩි ටිකත් දීලා සිද්දිය අහද්දි…තමන් බයට දිව්වා මිසක නිරුවත පෙන්නපු කතාවක් එලියට ආවෙම නෑ .අපි ඇහුවත්…එහෙම නෑ කියලම කිව්වා.
මං තාම කල්පනා කරන්නෙ මිනිහා අහුවුනා නම් …අර පුංචි මැරයො දෙන්නට… ඇටකඩන්න තාම ට්‍රයි කරනවා ඇති කියලා. අනික් අතට ඒ ආපු සෙනඟ අහු උනාම මිනිහා මැරෙන්නත් ඉඩ තිබ්බා.
ඉතිං හිතවතුනි. කරුණු හරි හැටි නොදැන රැල්ලට,ගැම්මට වීරකමට චණ්ඩි කමට මිනිසුන්ට ගහන්න කරන්න යන්න හොඳ නෑ..මොකද තනියම කූරු ගනින්න උසාවි යන්න,උනාම තමා තේරෙන්නෙ කරාපු ගොංකම.
රිලව් එලවන වෙස්මුහුණු ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි