උදේ කොළබ ගියා.වැඩ ටික කරගන්නකොට හවස 4 යි.
හදිසියෙ මතක් උනා ගෝල්ෆේස් එකේ ගුවන් සංදර්ශනය.බලලම ගෙදර යනවා කියලා ගෝල් ෆේස් එක පැත්තට ඇදුනා.
මාස කීපෙකට කලින් කොරෝනා කිවම බයෙන් වෙව්ලපු අපේ මිනිස්සුන්ට දැන් කොරෝනා හරියට තමන්ගෙ පවුලෙ කෙනෙක් වගෙ.
කිසි බයක් සැකක් නෑ.මොන මීටරේ පරතරේද.මොන සෞඛ්ය මාර්ගෝපදේශනද.යන්තම් තාම මාස්ක් එක විතරක් වැඩ.
එහෙමම ගිහින් වාඩි උනා පොල් ගස් වට කරල තියෙන බැම්මක. හවස පහට සංදර්ශනය පටන් ගන්න නිසා තාම සෙනග එන ගමන් පිට්ටනියට.
එහා පැත්තෙ වාඩිවෙලා උන්නා වයසක අම්මා කෙනෙක් එක්ක ඩයල් එකක්.
මගෙ වයසම වගෙ ඇති.හොද කඩවසම් පොරක් හැබැයි පිලිවෙලට ඇදල උන්නෙත් නෑ.
කොට කලිසමක් ඇදල පරන ටී ශර්ට් එකක් ඇදල උන්නෙ.
පොඩ්ඩක් බලනකොට දැක්කෙ දාගෙන හිටපු බාට දෙකේ එකක පතුලෙ කෑල්ලක් නෑ.හැබැයි ඇවිදිනකොට ඒක පේන්නෙ නෑ.
යටිපතුලට ඒක වැහෙනවා.
ඒ සෙරෙප්පුවෙ පටිය ගැලවිලා ඒක ආපහු හදනවා ඩයල් එක අම්මා ලග වාඩිවෙලා.
බහුතරයක් කෙල්ලො කොල්ලො කපල් මේක බලන්න ඇවිත් ඉන්නකොට වයසක අම්මා එක්ක ඇවිත් බලන නිසාම පොඩ්ඩක් කතා කරන්න හිතුනා.
මචන් සෙරෙප්පුව ගැල උනාද කියල අහලම කතාවට අල්ලගත්තා.
“ඔව් බන් මේක මේ පෑගුනානෙ ඒ පාරට ගැලඋනා.”
අම්මත් ප්ලේන් වලට ආසයි වගේ නේ ..
” අනේ මන්දා බන් මටත් තේරෙන්නෙ නෑ ඒකනම්.මේක ප්රවෘත්ති වල දැකල බලන්න එක්කන් යන්න පුළුවන් ද ඇහැව්වා.ඉතින් එක්කන් ආවා.”
“ඔයාට මොන ප්ලේන්ද අම්මේ කියල මග අරින්න තිබ්බා ඒත් එහෙම කිවනම් හිත රිදෙනවනෙ බන්.”
“අනික මගෙ අම්මාට බයිපාස් එකක් කරන්න වෙලා තියෙන්නේ “
“ප්රයිවට් කරන්න ලොකු ගානක් යනවා.ඒක දරන්න බෑ මේ වෙලාවෙ.”
“රජයේ ලියාපදිංචි වෙලා දැන් ලිස්ට් එකේ ඉන්නෙ තව අවුරුද්දක්වත් යයි දිනයක් හම්බෙන්න ඔපරේෂන් එකට.”
“පුළුවන් විදියට හැමදවසකම අම්මව සතුටින් තියන්න ඕනෙ බන්.”
“අනික අම්ම කෙනෙක් කවදාවත් දරුවෙක්ගෙන් ලොකු ගනන් වල දේවල් ඉල්ලන්නෙ නෑ”.
“කවදාවත් ලොකු ලොකු තැන් වලින් කෑම අරන් දෙන්න කියන්නෙ නෑ.”
“ලොකු කඩවලින් තෑගි අරන් දෙන්න කියන්නෙ නෑ”.
“දෙමව්පියො අපි වෙනුවෙන් අපි පොඩි කාලෙ ඉදන් අප්රමාණ කැපකිරිම් කරලා මුලු ජීවිතේම අපි වෙනුවෙන් දියකරලා අපේ සතුට වෙනුවෙන් මොන තරම් දුක් විදල ඇතිද.”
“එහෙම එකේ මේ වගෙ පොඩි ඉල්ලිමක්වත් ඉටුකරල දෙන්න බැරිනම් අපෙන් වැඩක් නෑනෙ.”
“දෙමව්පියො සතුටින් තියන්න දරුවන්ගෙන් ආදරනීය වචන හතර පහක් ඇති.”
“එව්ව වයසක දෙමව්පියන්ට මහ මෙරක් වගේ වටිනවා.”
“මට දුක බන් බයිසිකලේ පැය එකහාමාරක් විතර අව්වෙ ආපු එක.ආපහු යන එකනම් අවුලක් නෑ හවසට අව්ව අඩුයිනෙ.”
“ඒ කියපු හැමදේම කොච්චර ඇත්තක්ද.මේ ලෝකෙ දරුවෙක්ට තියෙන වටිනම සම්පත තමන්ගෙ දෙමව්පියො වෙන්න ඕනෙ.
මොන ආර්තික අපහසුතා තිබ්බත් දෙමව්පියො වෙනුවෙන් අප්රමාණ විදියට කැපවෙන
ඒ ඩයල් එක ඇත්තටම බෝසත් දරුවෙක්.”
අපේ රටේ කෝටිපති දරුවන්ගෙ දෙමව්පියො කී දාහක් වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.
මම පොඩ්ඩක් ඉස්සරහට යනව බන් කියල එහෙමම ආව ගෙදර.ගෙදර ආපු ගමන් අම්මගෙන් ඇහැව්වෙ අම්මේ..
“අම්ම්මට යන්න ආස දිහාවක්, බලන්න ආස දෙයක් තියෙද කියලා ….!
උපුටා ගැනීම: Ds Ds