මම වෘත්තීය ව්යායාම් උපදේශිකාවක් විදිහටනෙ වැඩ කරන්නෙ . ඉතිං මේක උනේ මම රැකියාව පුහුණු වෙන කාලේ . ඒ කියන්නෙ හරියටම අවුරුදු දහයකට කලිං.
ඔන්න මම පුහුණුවීම් කලේ කොළඹ හතේ තිබුන ලක්සරීම ජිම් එකක. මේකේ මාස හයක ලොකු පුහුණුවක් තිබුනා. ඒ කාලේ මාව දැක්කම කාට හරි හිතෙන්නෙ මේ ළමයා මාස ගාණකින් පාන් කෑල්ලක් වත් දැකලා නෑ කියල . ඒ තරමට කෙට්ටුයි. කිලෝ තිස් අටයි . හරි මගේ බර පැත්තකින් තියලා කතාවට එමුකො.
මේ පුහුණුවීම් මැද්දෙ අපිට විභාග තියෙනවා . ප්රැක්ටිකල් වගේම තියරිත්. ඉතිං මේක ලොකු ජිම් එකක්නෙ , එන්නෙ ඔක්කොම මහා සල්ලිකාරයො. සමහරු නම් පුදුම හොදයි, තවත් සමහරු යන්නෙ උඩිං. මෙයාලා ජිම් ආවා කියල නෑ. අතේ කනේ කරේ දාගෙන එන්නෙ දියමන්ති, සුදු රත්තරං, ඔය වගේ වටිනාම දේවල් . ඊට පස්සෙ මැරෙන්න හදනව මගේ අහවල් එක නෑ, මේක නැති වෙලා, අපොයි දෙය්යනේ පුක කැඩිච්චි කඩියො වගේ අපි හොයන්න ඕනි.
මෙන්න මේ වගේ අමුතු ජීවී මනුස්සයෙක් ජිම් එකට ආවා දවසක් . නම රොසබෙලා. ( මේක දැක්කොත් මරයි මාව ) මේ මනුස්සයා ඉතිං කිලෝ අසූවක් විතර බරයි. එදා මෙයාව ෆ්ලෝ එකට දාලා අතපය අදින්න කියල මට මැනේජර් කිව්ව. අර කටුස්සා වගේ මම ඉතිං හති දාගෙන මේ ගෑනු මනුස්සයගෙ අත පය අදිනව. (ස්ට්රෙච් කරනවා ). ඉවර උනාට පස්සෙ දැන් මගේ හිතේ මම හොදට මේක කලා කියල අනේ නෑ රොසබෙලාට දැනුනෙවත් නෑ නිර්මාල් (මැනේජර්) පව් පොඩි කෙල්ලනෙ කියල නක්කල් හිනාවකුත් දාගෙන ඔලුවත් අතගාගෙන ගියා . මට ඉතිං පොළව හාරං වැලලෙන්න හිතුනා .
දැන් එදායිං පස්සෙ සතියක් විතරම රොසබෙලා නෑ. සතියකට පස්සෙ මේ ගෑනි ඇවිත් කියපි ” බලන්න නිර්මාල් ඔයාගෙ අර අලුත් පොඩි ගර්ල් මාව ස්ට්රෙච් කරලා මගේ කකුලක් මොකක්ද වෙලා මට ඇවිදින්න බැරුව හිටියා සතියක් කියල . දැන් මාව වෙව්ලනවා බයේ.
මැඩම් එදාම අඩි උස සෙරෙප්පු දාගෙන ක්ලබ් ගිහින් නටලා සෙරෙප්පු පැටලිලා වැටිලා කොන්ද ඇනුනා කියල තමයි අපිට නම් මැඩම් එක්ක ක්ලබ් ගිය අය කිව්වෙ කියල කිව්ව විතරයි මැඩම් ගියපු තැනක් හොයා ගන්න බෑ.
උපුටා ගැනීම: Nithu S Rathnayake