……ජිම්නේසියම්….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ ඇවිල්ල 2015 වගේ මතක…. අම්බලන්තොට වැඩකරන කාලෙ…. ස්ටාෆ් එකේ ක්වාටස් නැවතිලා හිටිය මම ඇතුලු තුන්දෙනෙක්ට තිබ්බ තද ජිම් පිස්සුවක්…. ඔපිස් එකෙං කියල අපිට ලැබුන තට්ටෙයි බඩයි දෙක තියාගෙන ඉන්නවට වඩා අඩුගානෙ බඩ ටිකක් අඩු කරල කෑලි හයක් බඩේ පේස්ට් කරල, අත්දෙක පොඩ්ඩක් පුම්බගෙන ඉන්න හීන මව මව අපි තුන්දෙනා කතාඋනා ඔපිස් වැඩ ඉවරවෙලා ජිම් යමං කියල…. ඉස්සෙල්ලම අපි ගියා ජිම් අයියව හම්බවෙන්න ජිං එකට…. ක්වාටස් එකේ ඉඳල කිලෝමීටර් එකහමාරක් වගේ දුරයි ජිම් එකට…. අපි ඉතිං ඇවිදගෙන යනගමන් කතාඋනා වෝමප් එකට ඇවිදින එක හොඳය…. ඇඟ සෙනික බහීවිය… බඩ බස්සන එක නතිංය කිය කියා ටෝක්ස් ඉශූ කර කර අපි ගියා ජිම් එකට……
පලවෙනි දවසනෙ, ඇතුලට ගියාම ඇතුලෙ ඉන්න එඋං නිකං අපායෙ වධකයො වගේ… පුදුමාකාර දුකක් දෙන්නෙ උංගෙ ඇඟවල් වලට…. හැබැයි ඔක්කොම පතෝල කරල් වගේ චරිත… හයේ හතරෙ ඩයල් එකක් නිලං බයිසිකල් හැඬල් එකක් ගිලපු පිඹුරෙක් වගේ ඉන්නව මේසයක් ලඟ පුටුවක වාඩිවෙලා…. අපි නිගමනේකට ආව ඒ යකා වෙන්නැති ජිම් එකේ අයිය කියල…. අපි කෙලින්ම මෑන්ස් ලඟට ගිහිං කිව්ව අයියෙ අපිට ජිම් එකට එන්න ඕන කියල. ඌ අපි තුන්දෙනා දිහා වෙන් වෙන් වශයෙන් උඩ සිට පහලටත්, පහල සිට උඩටත් බලල කිව්ව හරි මල්ලි හෙට ඉඳල එන්න වෙන වෙනම ශෙඩූල් තුනක් දෙන්නම් මාසයක් විතර ගියාට පස්සෙ, එතකල් ඇවිල්ල අර මැසින් එක පදින්න කියල ඇඟිල්ල දික් කරල මැසිමක් පෙන්නුව…. හිපෝ වගේ එකෙක් දුවනව මැසින් එක උඩ. උගේ සද්ධන්ත දේහය දුවනව නෙවේ නටනව.. ටැප් එක ඇරිය වගේ දාඩියත් හල හලා…. මටනං පෙනුනෙ ඌ නිකං පඩිපෙලකිං පල්ලෙහාට වැටෙන මස්කට් කෑල්ලක් වගේ… හෙල්ලෙනෙ හෙල්ලිල්ලට….. ජිම් එකේ එකාගෙ ටෝක් එකට අපිට සැටිස් මදි…. අපි හිතුවෙ ගිය දවසෙ ඉදං යකඩ උස්සන්න දෙයි කියල…. කමක්නෑ ජිම් එකේ වටේ ගහල තිබ්බ පොටෝ වල බඩවල් කට්ට වැටිල දෙබරු ඇනල වගේ පිම්බුන ඇඟවල් දැක්කම පට්ට මොරාල් එකක් ආවෙ ඒවගේ ඇඟ හදාගන්න…. ඕන එකක් කියල අපි ජිම් එකේ එකාට හාං කිව්ව…
මල්ලී එනකොට අනිවා ශූස් දෙකක් දාං එන්න… ටවල් එකක් අනිවා ගේන්න, වතුර බෝතලයක් ගේන්න.. ඒවගෙම ශෙඩූල් එක කරන්න පටන්ගත්තම සපෝටර් එක්ක ගන්න…. මට ඔක්කොම තේරුනා ඒත් සපෝටර්. ආහ් බර උස්සනකොට සපෝට් එකට එකෙක් නෙහ් කියල ලඟ හිටිය එකාට කිව්ව මට ඉතිං සපෝටර් විදියට උඹ ඉන්නවනෙ කියල…. ඌ ඒක අහල මගේ දිහා රවල බලල යමං තොට සපෝටර් පෙන්නන්න කිව්ව…. යකෝ සපෝටර් කියන්නෙ පටි ජොකාට කියල ඌ මට වැලමිටෙන් ඇනල කියල අනිත් එකා එක්ක හිනාවෙවී හිටිය. එදා තමයි ජිම් එකේ සපෝටර් එක මොකද්ද කියල දැනගත්තෙ…..
අපි ඉතිං කිව්ව විදියට මාසයක් විතර මැසිමෙ දුවල ඔන්න ජිම් එකේ එකා දුන්න ශෙඩූල් එක… පලවෙනි දවසෙ දත කට විකාගෙන සෙල්ලං කරල අමාරුවෙන් ඇවිදගෙන ක්වාටස් එකට ගියා… ආතල්ම වැඩේ පහුවදා උදේ… නැගිටගන්න පන නෑ…. අත්දෙක උස්සද්දි හිනායනව අමාරුව එක්ක කිතිකැවෙනව වගේ සීන් එකක් දැනිල… ඔපිස් එකට ගියා ලෙඩ්ඩු වගේ ඇද ඇද.. නිකං හරියට ජිම් එකේ එවුං එකතුවෙලා පොලු වලින් ගහල වගේ… ඇඟට පුදුම අමාරුවක්…. හොඳමදේ කියන්නෙ කිලෝ තිහක් විතර උස්සල කන බත් පිඟාන උස්සගන්න බෑ හිනායනව අමාරුවට… පඩිපෙල බහින්නෙත් නිකං ගැබිනි මාතාවො වගේ… පැත්තකින් එක අතකින් අල්ලගෙන හිමීට හිමීට කකුල නවන්නෙත් නැතුව… බැරිවෙලා කකුල නැව්නද හිනායනව අමාරුව වැඩිකමට…
ඔහොම මාසයක් විතර ගියා… දැං ඇඟට අමාරු නෑ…. ටික ටික බර වැඩි කරන්න කියල ජිම් එකේ එකා කියපු නිසා අපි තව වැඩියෙන් දාල උස්සනව…. අපේ එකෙක් ඔන්න කිලෝ පහේ පඩි තුනක් පොඩි බාර් එකක එකපැත්තකටත් අනිත් පැත්තට එක පඩියකුත් දාල අගට ලොක් වෙන්න ඒ බාර් එකටම එන නට් එක දාල බෙන්ච් එකේ හාන්සි උනා…. හාන්සිවෙලා මූනට උඩින් උඩ ඉඳන් අත් දෙකට පඩි දාපු බාර් එක අරං ශෙඩූල් එකේ එක පාර්ට් එකක් කරනව… අත් නවන්නෙ නැතුව කෙලින්ම පඩි ටික මූනට කෙලිං උඩටත් එහෙම්ම පහලටත්. (මෙච්චර කරපු එක කියෙව්වෙ ඒකට කියන නම දැං මතක නැති නිසා)
එකපාරට යකඩ ගොඩක් බිම වැටෙන සද්දයක් ආව නිසා ජිම් එකේ ඔක්කොම වැඩ නවත්තල සද්දෙ ඇහුන පැත්ත බැලුව… ටහුඩු අපේ මූන උඩට පඩි උස්සපු එකා ඉන්නව බෙන්ච් එකෙං බිම වැටිල පැත්ත
දාගෙන.. උගේ වටේට කිලෝ පහේ පඩි ටික…. මං උස්ස උස්ස හිටිය යකඩ ගොඩත් පැත්තකට දාල දුවං ගියා උගේ ලඟට.. ජිම් එකේ ඔක්කොම එතනට වට උනා.. අරූ මූන යටට හිටින විදියට වැටිල… මූන ලඟින් බිම දිගේ ලේ බේරෙනව… ඒක දැක්කම කටේ කෙල හිඳූන… යකෝ මොකෝ මේ කියල ජිම් එකෙ අයියත් ඇවිල්ල ඌව අනිප්පැත්ත හැරෙව්වෙ… නහය නිකං මැලේසියන් ජම්බු ගෙඩිය වගේ රතු පාටවෙලා… නහයෙන් ලේ එනව ලෙසටම… එකෙක් කියනව මුගේ නාස් ඇටේ කැඩිලලු… බලද්දි පඩි තුන බාර් එකට දාල මූ නට් එක බාගෙට තද කරල.. මූන උඩට කිලෝ පහලව ගෙනාවම පඩි තුනම මූන උඩට කෙලං හැලිල…. කරන්න දෙයක් හිතාගන්න බෑ ඌට කලන්තෙ… ජිම් එකට ආපු එකෙක් කෑගැහුව මූව උස්සන් යමන් ඌ ආවෙ ත්රීවීල් එකක කියල… මූව දෙකට නවල ත්රීවීල් එකේ ඔබාගෙන මමයි අනිත් එකයිත් නැගල අපි ගියා අම්බලන්තොට හොස්පිටල් එකට… රෑ 9 විතර වගේ වෙලාව. හොස්පිටල් එක නිකං වහලදාපු කනත්තක් වගේ. මෙලෝ බල්ලෙක් නෑ… ත්රීවීල් එකෙන් පැනල මං ඇතුලට ගිහිල්ල ඇටෙන්ඩන් කොල්ලෙක්ට සීන් එක කිව්වම ඌ ට්රොලියක් තල්ලු කරං ආව… අපේ එකාව ඒකට දාගෙන වාට්ටුවට අරංගියා…. එක ලෙඩෙක් නෑ වාට්ටුවෙ. වාට්ටුවටම අපි විතරයි…. නෙද්දකිං ඒවගේ ඉස්පිරිතාල….. මිසීල දෙන්නෙක් බර කයියක වාට්ටුවෙ කොනකට වෙලා… අපේ එකා ට්රොලියෙ පතබෑවිලා ඉන්නව කෙඳිරියක්වත් නෑ. මැරිලද දන්නෑ කියල බයේ මං සෙනික ගිහිල්ල මිසීට කිව්ව සීන් එක. එක මිසී කෙනෙක් ට්රොලිය ලඟට ගියා. අනිත් මිසී ලෙඩාව ඇතුල් කරන්න පෝම් එක අරං පුරවන්න ගත්ත…… මම බාරකාරය… උන සිද්ධිය කෙටියෙන් ආයෙ කිව්ව මම. ප්රශ්න වැලයි ඒ ගෑනිගෙං. කොහේ ජිම් එකද ඔය, මෙච්චර රෑ උනේ මොකද, මොකේද ගියේ, උදේ කෑවෙ මොනවද, ඇඳලද ඉන්නෙ, හැම රෙද්දම අහනව…. අරූ මැරිල වගේ හෙල්ලෙන්නෑ…. මේ ගෑනි ඒ අස්සෙ මගෙං ප්රශ්න වැලක් අහනව…. මට මලම පැන්නෙ ඔයාල මෙයාට ගැහුව නේද කියල ඇහුවම…. මට ආව කුනුහර්ප ටික දෙපාරකට ගිලල අනේ මිස් අරූට හොඳටම අමාරුයි කිව්වම, ආ ඔයා ලෙඩා ලඟට යන්න මම බේත් අරං එන්නං කිව්ව….. ටිකකින් ගෑනි බැන්ඩේජ් රෝලක් අරං ඇවිල්ල මුගේ මූන පිහිදාල බේත් දැම්ම නහයට…. යාන්තං ලාවට කෙඳිරියක් ආව… යන්තං ඇති මූ මැරිල නෑ. මටයි අනිත් එකාටයි පට්ට සැටිස්…
බෙහෙත් දාල ගිය මිසී ආයෙ ආව සුදුපාට පෙත්තක් අරගෙන… අරං ඇවිල්ල මට දීල කියනව මේ වේදනාව අඩුවෙන්න දාන එකක් මේක අරූගෙ පිටිපස්සෙන් ඇතුල් කරන්න කියල… මට හික් ගෑඋනා… උණ්ඩෙ වගේ මේ පෙති පොලු කෑල්ල පිටිපස්සෙන් ඇතුල් කරන්න… මේ මම…. ඒවගේ අසරණ වෙලා නෑ මම කවදාවත්. මම අනිත් එකා දිහා බැලුව මට බෑ කියන මූඩ් එකෙන්.. වල් පරය…. ඌ නිකං අපි එක්ක ආව එකෙක් නෙවෙයි වගෙ ඉන්නව… කරකියාගන්න දෙයක් නෑ. මේ දෙබස උනේ ට්රොලිය උඩ පැත්ත වැටිල හිටපු අපේ එකාට පිටුපාගෙන… ඒකියන්නෙ මගෙ පිටිපස්සෙ ඌ මැරිල වගේ ට්රොලියෙ… දෙයියො සිහිකරගෙන මිසී මිසිං වෙනකල් ඉඳල පෙත්ත විසිකන්න හිතාගෙන මම ට්රොලිය පැත්තට හැරුන විතරයි… හෙණ ගහපු කෙහෙල් කඳ වගේ ට්රොලිය උඩ පතබෑවිලා හිටි එකා මේං ලිස්සන ගහ වගේ කෙලිං වෙලා…. ඌට කොහෙං ආපු සිහියක්ද දන්නෑ… ඔක්කොටම වඩා මට පුදුමාකාර සතුටක්… මොනව උනත් උගේ ………. ඇඟිල්ල ගහන්න පුලුවන්ද මට…ඇතුල්කරන්න දීපු පෙත්ත ඇඟිලි දෙකෙං අල්ලං මම ඌ දිහා බලාගෙන හිනාඋනා…. ඌ පැනල මෙහෙ දියං ඕක කියල උදුරල ගත්ත…. මූට හීනෙං වගේ ඇහිල මට පෙත්ත බස්සන්න කියපු එක… ඒකෙ බයට මූට ඉබේ නැගිට්ටුනාලු…. මූ පෙත්ත අරං මේක බිව්වට කමක්නැද්ද අනිප්පැත්තෙන්ම ඕක දාන්න ඕනද කියල අහනව… එතන හිටපු ඇටෙන්ඩන්ට් කොල්ල ඒක ඇහිල ඌ කුනුහර්පයක් කියල ග්ලවුස් එකක් දාගෙන ආව විකාර නැතුව ට්රොලියෙ හාන්සි වෙලා කලිසම පාත්කරන්න කියාගෙන.. අපි අහක බලාගත්ත. යස අගේට පෙත්ත පස්චාත් ගත කරගෙන අපේ එකා ඉන්නව නිකං ඌ පෙත්ත ඇටෙන්ඩන් ගෙ පස්සෙං දැම්ම වගේ… ටික වෙලාවක් යද්දි අපේ එකාට හොඳයි…. නාස් ඇටේ කැඩිල නෑලු. තැලුන නිසා ලේ ඇවිල්ල කියල ඩොට්ට කෙනෙක් ඇවිල්ල බලල කිව්ව… තුවාල වේලෙන්න බේතුත් අරං කොල්ලගෙ ටිකටුත් කපං පාන්දර එකට විතට අපි ක්වාටස් එකට ආව. පෙත්තෙ සීන් එක අපි තුන්දෙනාගෙන් පිට කාටවත් නොකියන්න අපි වගබලාගත්ත….
එදායිං පස්සෙ ජිම් පිස්සුව හොඳ උනා.. යකඩ දැක්කත් බය උනා.. සික්ස් පැක් බඩ අතෑරල වන් පැක් බඩට ආදරේ කරන්න පටංගත්ත…
උපුටා ගැනීම: Kasun Gimhana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!