හා හා හරි හාවා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ටිකක් පරණයි. ලංකාවෙ ඉතිං අසහනකාරයො ගොඩයිනෙ. මේක 2005 වෙච්චි දෙයක්. අරයාටයි මටයි 27 වුනා විතරයි.
ඒ කාලෙ ඇහැට කනට පේන කාලෙ සහ යාළු වෙලා අවුරුද්දයි. අරයා උදේම නැගිටලා මාව කෝච්චියේ වැඩට බස්සන්න එනවා…හවසටත් කෝච්චියේ එනවා ගන්න.
ඔන්න එක දවසක් උදේ වැඩට යන්න කෝච්චියෙන් ගිහිං බම්බලපිටියෙන් බැස්සා. ප්ලැට්ෆෝම් එකෙන් බීච් එක පැත්තෙන් එලියට ගිහිං කිලෝමීටරයක් වගේ දුර ඇවිදින්න ඕනි රම්යා පාරෙ වැඩ කරන තැනට.
ඔයා හෙමින් යන්න මං දුමක් අරං එන්නම් කියලා අරයා ලඟ පෙට්ටි කඩයක් ගාවට ගියා. මාත් ඉතිං හෙමින් හෙමින් පිටිපස්සත් බල බලා යන්න ගත්තා. එවෙලෙ මං දැක්කා කොල්ලෙක් ඉක්මන් ගමනින් ඉස්සරහට එනවා. ගනන් ගන්න ඕනිනෑනෙ ඔෆිස් වෙලාවනෙ. ඒත් එක්කම අරයා කඩෙන් එලියට ඇවිත් සිගරට් එක පත්තු කරන් එන්න ගත්තා දකිද්දි මං ගාටන එක නවත්තලා බලා හිටියා. එතකොටම අර ඉස්සරහින් ආපු මනුස්සයා උගෙ ගැජමැටික් එක අල්ලං “මෙ හාවා බලන්න ඕනිද හාවා…” කියලා කිරිපණුවො ලයිව් ශෝ එකක් දුන්නා වගේ ඇඹරෙන්න ගත්තා. අරයත් දැං ලාවට දුවං වගේ එනවා. හාවා පෙන්නන්න ආපු එකාටත් තේරුනා මං උගෙ පිටිපස්සෙ දේකට අවදානෙ දෙන්නෙ කියලා ඌ මාවත් තල්ලු කරං උසේන් බෝල්ට් ට වඩා වේගෙන් ගියා. ඒ දුවනවත් එක්ක අරයා නලාගිරි කුලප්පු උනා වගේ ඇවිත් මගේ දුප්පත් අතත් මිරිකගෙන…
අරයා: කවුද ඒ? දන්න එකෙක්ද? මොනවද ඒ කීවෙ? ඌ කවුද?????
(මුල් කාලෙ ලව් එක අර ප්රේමනීය ශාරුක් ඛාන්ලා වගේ රඟපානවානෙ කොහොමත්)
මම:මන් දන්නෑ අනේ. හාවෙක් පෙන්නන්න ඇහුවා. ඒත් කූඩුවක්වත් තිබ්බෙ නෑ. ඒ මනුස්සයා හාවාව සාක්කුවෙ දාගෙන ආවාද මංදා. පව් අහිංසක සත්තුන්ට ඔහොම වද දෙන්නෙ”
අරයා: උගෙ අ%#%6–@ ට හු@&6–#= න කෝ ඕකා මට පෙන්නහම් කියන්න උගේ ඔය හාවා.
මම: දන්නෑ අයියෝ ඌ දිව්වා. සාක්කුවේ ඉන්න අර හාවා පව්. මැරෙයිද දන්නෙත් නෑ ඒ සතා.
පස්සෙ දවසක තමා අරයා හාවා කියන්නෙ මොකක්ද ඉගැන්නුවෙ. වස විලි ලැජ්ජාවෙ නව නිංගිරාව අමුවෙන් ගිලගත්තා මං. මෙහෙමනෙ මං ලංකාවෙ හැදුනෙ වැඩුනෙ නෑනෙ. කවුද හත්වලාමෙ ඒ කාලෙ එව්වා දැනන් හිටියේ.
උපුටා ගැනීම: Mano Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!