කෘතිමව නිෂ්පාදනය කරන හැඩ මතක ආචරණය (shape memory effect)සහිත බහුඅවයවික ප්‍රථමයෙන්ම සොයා ගනු ලැබුවේ 1940 දී ය. මෙම බහු අවයවික වලට එහි හැඩය මතක තබා ගත හැකි අතර වෙනත් තාවකාලික හැඩයක් බවට පත්වේ. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම එම ද්‍රව්‍යයන්ට තමන්ගේ හැඩය මතක තබාගත හැක. ආලෝකය, තාපය වැනි බාහිර උත්තේජනයක් යෙදවූ විට මෙම ද්‍රව්‍යය ඉබේම මතක තබා ගත් මුල් හැඩය බවටම පත් වේ. ලෝකයේ දියුණුවෙමින් පවතින කේෂ්ත්‍රයක් ලෙස හැඩ මතක ආචරණය සහිත ද්‍රව්‍යයන් හැඳින්විය හැකි අතර ෛද්‍ය, කර්මාන්ත, ඉලෙක්ට්‍රොනික, රෙදිපිළි ආදී ක්ෂේත්‍ර ගණනාවකම මෙහි යෙදුම් භාවිත වේ. මෙම ආචරණයන ඇතැම් මිශ්‍ර ලෝහ වලද දැකගත හැකිය. උදා: Nitinol
මෙම ද්‍රව්‍ය තාවකාලික හැඩයක් ගත් පසු තාපය ආලෝකය වැනි බාහිර උත්තේජනයන් වලට ප්‍රතිචාර දක්වමින් මතකයේ තබා ගත් ස්ථිර හැඩය බවට ස්වයංසිද්ධවම හැඩ ගැසෙයි. එම බාහිර උත්තේජනය නිසා බහුඅවයවක සෑදී ඇති බහු අවයවික දාමයන් එන්ට්‍රොපි ක්‍රියාවලියක් මගින් දිවෙන දාමනයන් අතර පවතින සම්බන්ධයන් සහ ආකාර අතර වෙනස්කම් (conformational changes)සිදු කරයි. මෙලෙස දාමයන්ගේ ගලා යාමේ ප්‍රතිඵලයක් සහ දාම අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල නිසා මතක හැඩ ආචරණය සිදුවෙයි.
තවත් උදාහරණයක් ලෙස ආලෝකයට ප්‍රතිචාර දක්වන මතක හැඩ හැඩ මතක බහුඅවයවිකවල දී එක් විශේෂිත තරංග ආයාමයක් සහිත ආලෝකය යෙදූ විට බහුඅවයවික දාම අතර පවතින බන්ධන කැඩී යයි, වෙනත් විශේෂිත තරංග ආයාමයක් සහිත ආලෝක කිරණයක් යෙදූ විට නැවතත් දාම අතර බන්ධන සාදයි (Photocrosslinking). ගොඩනැගිලි තාක්ෂණය, වෛද්‍ය උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, අභ්‍යවකාශ යානා සඳහා හැඩ මතක ආචාර්ය සහිත ද්‍රව්‍යය භාවිතා වේ. ජීවී පද්ධති තුළත් මෙම හැඩ මතක ආචරණය දැකගත හැක.
video source: https://www.youtube.com/watch?v=abGAVzueSUc
උපුටා ගැනීම: කේලියම්