හද පවුරු බිද 3 කොටස

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“හරි කෝච්” මන් මෝඩ පහේ හිනාවක් දාලා ආයෙම වැඩට බැස්සා.
*************
” ආව්” කැගැහුනේ කකුල ඇඹරිලා ගිය එකට.රින්ග් එකේ බිම ඉන්ද වුනේ ඒ තරම් කකුල රිදෙන නිසා.

” රූ” කෙනෝල් මන් ළගට දුවගෙන ආවේ කලබලෙන්. ඒ ඇස්වල වෙනදා තිබ්බ ආඩම්බරකම බින්දුවක්වත් ගෑවිලා නෑ.

” මොකද උනේ රූ”

” කකුල ඇබරුනා කෝච්” මන් කීවේ කකුලත් අත ගගා ඒ ඇස් අල්ලගෙන…

“කෝ බලන්න..” කෙනෝල් හරි පරිස්සමට කකුල අල්ලගෙන අතගාලා බැලුවෙ රතු වෙලා තියෙන වලලු කර දිහා..

” තමුන්ලට දැන් ප්රැක්ටිස් නැද්ද මේක දිහා බලන් ඉන්නේ” මට මොකුත් කියන්න කලින් මන් දිහාට වටවෙලා ඉන්න අනික් උන්ට බෙරිහන් දුන්න නිසා කට්ටිය සන් සන් ගාලා වාශ්ප උනේ ප්රැක්ටිස් වලට..

මන් කීවේ පොරට තියෙන්නේ සී සී ටී වී ඇස් දෙකක්.

” ටීෂු එකක් වගේ ඉරිලා ඇත්තේ..යමු… සික් රූම් එකට ඩොක්ටර්ට පෙන්නලා බලමු”

මන් සුවච කීකරු පොඩි එකා වගේ ඔලුව වැනුවා..

මාව ඉනවටේ අතදාලා හේත්තු කරගත්තේ ඇවිදින්න ලේසි වෙන්න.

හෙමීට කොර ගගහා ඇවිදන් ගියේ සික් රූම් එකට…

” ඇඹරුනු විදියට ටිෂූ එකක් ඉරිලා. ඒකයි රිදෙන්නෙ.දවස් තුන හතරකින් හොද වෙයි…මන් ජෙල් එකක් දෙන්නම් උණු වතුරින් තවලා ගාන්න.”
ඩොකා ඇඩ්වයිස් කරා…

“කොහොමද දැන් ගෙදර යන්නෙ රූ”

වෙනදා නැති මුදු හඩකින් කෙනෝල් කියද්දි හිතට දැනුනේ සනීපයක්. මෙයාගේ වොයිස් එක මෙහෙම ඇහෙන්න අතක් පයක් කැඩුනත් මොකෝ සුදූ..හිතුවා විතරයි ..කීවා නම් එහෙම ඌ දෙයි මගේ දත් ටික බල බල ඉන්න.

” යාලුවට එන්න කියන්නම් කෝච්”

” ඕන නම් ප්රැක්ටිස් ඉවර වෙලා යද්දි මන් ඔයාව ඩ්රොප් කරන්නම්”

” ඕන නෑ කෝච්…මන් යාලුවාට එන්න කියන්නම්”
මෙයා එක්ක යන්න උනොත් එහෙම ගෙදරට යන්න කලින් මන් වල පල්ලට ගිහින් ඉදී සතුට වැඩි කමට.මොකද නිකන් දැන දැන අවදානමක් ගන්නේ.

” හ්ම්”

කෙනෝල් බලන් ඉද්දිම රනුල්ට කෝල් එකක් දුන්නේ මෙහෙම බැන්ඩේජ් කරගෙන ස්කූටියේ යන්න බැරි නිසා.

” රනූ”

” රූ …කියපන්..”

” මේ බන් මාව ගන්න වරෙන්කො KI එකට”

” මොකෝ උනේ” රනුල් ඇහුවෙ කලබලෙන්.

” ලොකු අව්ලක් නෑ බන් කකුලේ පොඩ්ඩක් ටිෂූස් ඉරිලා”

” හිටපන් මන් විනාඩි විස්සෙන් ඔතන”
කෝල් එක කට් උනා.ත්රෙවෝන් ළග වැඩට ගිහින් මගේ ජීවිතේට උන හොදම දේ රනුල් වගේ හොද යාලුවෙක් ජීවිතේට ලන් උනු එක.ඌ මාත් එක්ක ඕන දේකට හිටපු එක මට දැනුනේ ලොකු හයියක් විදියට..

කෙනෝල් මන් ළගින් නිහඩවම මන් ළගින් වාඩි උනා.නිහඩයි…ඒත් ඒ ඇස් දිග කතාවක් කියන්න සැරසුනා..

ඒ ආඩම්බරකාර ඇස් කැළබිලා..
මන් කවදාවත් ඒ ඇස්වල එහෙම බැල්මක් දැකලා තිබ්බේ නෑ…
ඒ ඇස් හැමදාම පිරිලා තිබ්බේ පිරිමිකම උතුරන ලොකු ආඩම්බරකමක්.

කෙනෝල් ඇස් මගෙන් අහකට අරන් ලොකු සුසුමක් පා කරා.ලොකු බරක් ඒ හිතේ තියාගෙන විදවන කෙනෙක් වගේ.

විනාඩි කීයක් ගෙවුනද දන්නේ නෑ.සික් රූම් එකේ වින්ඩෝ එකෙන් එළිය බලන් ඉන්න කෙනෝල්ගේ ලස්සන රූපේ දිහා මන් බලන් හිටියේ පිස්සුවෙන් වගේ.

විනාඩි දහය පහලව ගෙවෙද්දී රනුල් වෙනුවට එතනට ආව කෙනා දැක්කම තව පොඩ්ඩෙන් මගේ ඇස් එලියට පනිනවා.

” මායා මොකද උනේ …” කෙනෝල් ඉන්නවා කියලාවත් ගාණක් නැතුව මන් ළගට ආව ත්රෙවෝන් මගේ අතින් අල්ලගෙන ඇහුවෙ මගේ අයිතිකාරයා වගේ.

මන් ඔරවලා බැලුවත් පොර අත නම් මගෙන් අයින් කරේ නෑ.මට තිබ්බ ඇයි රනුල් මෙයාට මන් ගැන කිව්වේ කියන එක.

කෙනොල් ගේ ඇස් තිබ්බේ ත්රෙවෝන්ගෙ සුරත පැටලිලා තිබ්බ මගේ අත ළග. ඒ මූණේ තිබ්බෙ හරිම පරාජිත පෙනුමක්.හරියට මුලු ලෝකෙම එ ඇස් ඉස්සරහ කඩාගෙන වැටිලා වගේ.

” රනූ කෝ”
මන් ඇහුවෙ හිමින් සීරූවෙ මගෙ අත අයින් කරගන්න ගමන්.

” රනුල් එලියෙ ..යමු ”

ත්රෙවෝන් කිවේ මට ඇදෙන් බහින්න උදව් වෙන ගමන් .කෙනෝල් හැමදේම බලන් හිටියත් වචනයක්වත් කීවේ නෑ.හිත රිදුනා.

එතකොට මන් ඒ හිත තේරුම් අරන් තිබ්බේ වැරදියටද.ප්රැක්ටිස් වෙලාවට හොරෙන් හොරෙන් මන් ළග නවතින ඒ ඇස් බැල්ම මන් කියෙව්වෙ වැරදියටද.

මන් හෙමීට කොර ඇන ඇන යන්න ලෑස්ති උනත් ත්රෙවෝන්ගෙ සුරත මගේ ඉන වටේ පටලාගෙන ඒ උස් දේහදාරි සිරුරට වාරු කරගත්තා.

ත්රෙවෝන් ගැන හිතට තරහක් දැනුනත් මේ ඒ කේන්තිය පිට කරන්න හොදම තැන නොවුනු නිසා මන් කරබගෙන හෙමීට ආවා.ගෙදර ගිහින් මන් තමුසෙව අල්ලගන්නම් ත්රෙවෝන්. එහෙම හිතුව.

” අතාරිනවා මාව” ත්රෙවෝන්ගෙ කාර් එක ළගට ආව ගමන් මන් කීවේ දැවෙන හඩින්.

අමුතු බැල්මක් මුවග රදවගෙන ත්රෙවෝන් මන් ළගට ලන් උනා. මූ මොකාටද මේ එන්න හදන්නෙ.

” තමුසෙගේ ඔය සද්දෙට බය උනුත් ඇති ඒත් මන් එහෙම නෙවෙයි..මන් ත්රෙවෝන් දුනුසිංහ..උස්සලා දාගන්න කලින් නගිනවා කාර් එකට ”

තවත් මොකුත් නොකියා දඩබඩ ගාලා කාර් එකට නැග්ගෙ මූ කීව දෙයක් නොකර ඉන්න එකෙක් නෙවෙයි නිසා.

ගෙදරට යනකන්ම කිසිම කතාවක් නෑ.හිතේ දාහක් දේවල් කැරකුනා.කෙනෝල්ගෙ වගේම ත්රෙවෝන්ගෙ හැසිරීමත් මගෙ හිතට වද දුන්නා.

අපි යනකොට රනුල් KI එකේ තිබ්බ ස්කූටිය ගෙනත් තිබ්බ.හෙමින් හෙමින් කාමරේට ගිහින් ඇදට කඩාගෙන වැටුනා. අම්මා ළග වැටිලා හිතේ දුක කෑගහලා කියන්න හිතුනා.ඒත් අසනීපෙන් ඉන්න අම්මව තවත් දුකට ඇදලා දාන්නෙ කොහොමද.

මායා ගිය දිහා බලන් හිටපු කෙනෝල්ගේ ඇස් පියන්වල කදුලු බොද උනා. දැක්ක දා පටන් තමන්ගේ කරගන්න හීන මැව්ව පුංචි සුරංගනාවි වෙන රුවක් හා ඈතට යන දිහා කෙනෝල් බලන් හිටියා.

තව ටික දවසක් වැඩියෙන් ජීවත් වෙන්න බෙහෙත් වල පිහිට පතන ඒ දුර්වල හදවත අසරණයි..ඒ දුර්වල හදවත කොහොම නම් ඈට දෙන්නද.

ඒ ලස්සන ඇස් කියූ කතා..ආ දා පටන් ඔහු ළග නිරන්තරයෙන් ගැවසුණු ඒ සොදුරු මුව නොදැක්කා නෙවෙයි..ඈ තමාගේ කරගෙන ඔහුට ඉක්මනින් යන්න උන දවසක ඈ විදවනවා දකින්න අකමැති තරම්ම කෙනෝල්ගේ හදවත මායා අද්දර සෙනෙහසින් නැවතිලා තිබුනා.
**************
” අම්මා ” සතියකට පස්සෙ ඒ සොදුරු රුව.

” සුද්දි..මැණික” අම්මා ඒ වැහැරුනු දෑත්වලින් මගේ කම්මුලක් පිරිමැද්දා.
අම්මා තවත් ඇදටම වැහැරිලා ගිහින් තිබ්බ.අම්ම දකිනකොට දැනුනේ පපුවම හූරගෙන යන තරමෙ දුකක්.මගේ හුස්ම ටික දෙන්න පුලුවන් කමක් තිබ්බ නම් අම්මා මේ සුද්දි එහෙම නොකර ඉන්නෙ නෑ.

උඩින් හිනාවක් මවන් හිටියට හදවත දහස් වතාවක් වැලපුණා.

” කොහොමද මැණික ජොබ් එක හොදට කරගෙන යනවද..”

” ඔව් අම්මා…කොහොමද අම්මට දැන් බෙහෙත් වලට සනීපද”

අම්මා හිනාවක් පෑවා..ඒ හිනාව ඇතුලේ තිබ්බ වේදනාව.මන් ඒ ඔලුව අතගෑවා…අම්මා සනීපෙට ටිකක් ඇස් වහගෙන හිටියා..

“මට දැන්ම යන්න බෑ සුද්දි…දැන්ම ගියොත් මගේ පැටියා තනි වේවී…කව්ද මන් ගියාම මගේ සුද්දිව බලාගන්නේ”
වහගෙන ඉන්න අම්මගෙ ඇස් අගින් කදුලක් බේරෙද්දි තවත් මේ හිත හයිය කරන් ඉන්න මන් දැනන් හිටියේ නෑ…මේ මායා එච්චර හයිය නෑ අම්මා…

මන් ඒ වැහැරුනු පපුවට තුරුල් උනා.

” අම්මට මොකුත් වෙන්නෙ නෑ අම්මා…මේ සුද්දි අම්මට මොකුත් වෙන්න දෙන්නේ නෑ” මන් කීවේ ඉකිබිදින ගමන්.

අම්මා නිහඩවම මගේ ඔලුව අතගෑවා.

” ඉක්මනට මේ ඔපරේෂන් එක කරන්න වෙයි දරුවො..අම්මා හිතුවට වඩා එන්න එන්න දුර්වල වෙනවා…” ඩොක්ටර් කීවම මගෙ ඔලුව ගිනි ගත්තා වගේ.

” මට තව දවස් හතරක් දෙන්න ඩොක්ටර් මන් කොහොම හරි සල්ලි ටික රෙඩි කරන් එන්නම්”
අම්මව නර්සින් හෝම් එකේ බලාගන්න මීනූ අතටත් මාසෙ පඩිය මිට මොලවලා මන් ආයේ ත්රෙවෝන්ගෙ ගෙදරට ආවා.

ජීවිතේ එක තැනක නැවතිලා වගේ.ජීවිතේ මාව අතෑරලා තියෙන්නෙ කොතනටද කියලා හිතුන.

” සර්” මන් ඒ රූම් එකේ දොරට තට්ටු කරා.

ඇදුනු දොරෙන් මතු උනේ ත්රෙවෝන්ගෙ නිදිබර රුව.

” මොකද්ද ඒ පාර” නිදිමරගාතෙම ඇහුවත් කෙල්ලගෙ සුදුමැලි පෙනුම දැක්ක ත්රෙවෝන්ගෙ නිදිමත වාෂ්ප උනා වගේ…

” උදව්වක් ඕන සර්”

” කියන්න මායා”

” සර් මට ලක්ෂ හතරක් ගන්න පුලුවන් වෙයිද ලෝන් එකක්…සර් ඒක මගේ සැරලි එකෙන් මාසෙට ටික ටික කපාගන්න…” වෙනදා ත්රෙවෝන් එක්ක හරි හරියට කියවගන්න මම ඇයදුවා.

ත්රෙවෝන් පාකරේ කල්පනාබර බැල්මක්.

“මන් මොකටද කියලා ඇහුවොත්”

” සර්…මගේ අම්මා…අම්මගේ ඔපරේෂන් එක..” මොකුත් කියාගන්න බැරිව මගේ ඇස්වල නලියපු කදුලු කම්මුල් දිගේ බේරුනා.

ඒ කදුලුවල බර රිදෙව්වෙ ත්රෙවෝන්ගෙ පපුව.

මේ වෙනකන් රනුල් ඇරෙන්න අම්මගෙ සිටුවේෂන් එක ගැන කව්රුත් දැනන් උන්නේ නෑ..

ත්රෙවෝන්ට මායාව වැලැදගන්න දුක තුනි වෙනකන් එ ඔලුව අතගාන්න ඕන උනත් යන්තම් ඒ කම්මුල් වල තිබ්බ කදුලු පිහදැම්මා.

මන් ඇස් උස්සලා බැලුවා…ඒ ලස්සන ඇස් අමුතුයි…

” දැන් අඩන්න එපා මායා මන් දෙන්නම්…මන් හෙමීට ඒක සැලරි එකෙන් ඩිඩක්ට් වෙන්න හදන්නම්..”

ත්රෙවෝන් කොච්චර සෙල්ලක්කාරකම් කරත් හොද බොස් කෙනෙක්.මන් හිතින් ත්රෙවෝන්ට පින් දි දී කාමරේට ආවත් අම්මව මතක් වෙද්දි නින්දක් අහලකටවත් ආවෙ නෑ.
*************
ත්රෙවෝන්ගෙන් සල්ලිත් අරන් මන් යන්න ලෑස්ති උනෙ ඔපරේෂන් එකට ඕන කරන ප්රෙමන්ට්ස් කරලා එන්න..එතකොට වැඩ ටික පටන් ගන්න විතරනෙ තියෙන්නෙ.

ඒත් ඊට කලින් ආව කෝල් එකට මන් එතනම නැවතුනා.හිතේ තිබ්බ බලාපොරොත්තු බිදිලා යන්න ගියේ එක මොහොතයි…ඇස්වලින් එක සීරුවට වැටෙන කදුලු එක්ක තවත් හිටන් ඉන්න පනක් තිබ්බෙ නෑ. ඇස් පිය වුනා…

මතුවටත් ..

 

-නිල්නෙතු සාරංගා-

 

හද පවුරු බිද (හැඳින්වීම)

හද පවුරු බිද 1 කොටස

හද පවුරු බිද 2 කොටස

හද පවුරු බිද 4 කොටස

හද පවුරු බිද 5 කොටස

හද පවුරු බිද 6 කොටස

හද පවුරු බිද 7 කොටස

හද පවුරු බිද 8 කොටස

හද පවුරු බිද 9 (අවසාන) කොටස

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!