ජැකට් එකට බොටම දාගෙන කැප් එක දාගත්ත.හෙමීට ප්රැක්ටිස් රූම් එක ඇතුලට රින්ගුවෙ ඒ ඇස්වල නොගැටෙන්න වග බලාගන්න ගමන්.
එදා මළගෙදර දවසෙ මන් කරපු වැඩේ නිසා ඒ මූණ දිහා බලන්න දැනුනේ අපහසුවක්.ප්රැක්ටිස් මුලු වෙලාවෙම මන් ඒ ඇස් මගෑරලා ඉන්න උත්සහ කරා.
ඒත් ඉවර වෙලා කඩාගෙන බිදගෙන යන්න හදපු මගේ ගමන නැවතුනේ මන් ඉස්සරහ නැවතුනු ඒ රූපේ නිසා.
” ක්…කෝච්”
“රූ…මගෙන් මොකක් හරි වැරුද්දක් උනාද”
” න්න් නෑ කොච්” මන් ඒ මූණ දිහා බැලුවෙ ප්රශ්නාර්ථයක් එක්ක.
” එහෙනම් රූ මාව මගාරින්නේ ”
” සොරි කෝච් එදා උන දේට” මන් යන්තම් තිබ්බ ගට්ස් අන්තිම බින්දුවත් දාලා කියාගත්තා.
” ඒක හිතන්න එපා දරුවො …ඔයා හුගක් වැටිලා හිටපු වෙලවක් ඒක..කාගේ හරි වාරුවක් ඔයාට ඕන වෙලා තිබ්බ වෙලාවක් එක්ක.”
එතකොට කෙනෝල් මට අනුකම්පා කරා විතරද..ඇස් වලට කදුලු ආවෙ කෙනෝල් ගැන මේ හිතේ තියෙන හැගීම් මතක් වෙලා.
මගේ ඔලුව ලාවට පිරිමැද්ද කෙනෝල් බැග් පැක් එකත් දාගෙන යන්න හැරුනා…
” කොනෝල්” කෝච් නොකියා මන් නම කියලා කතා කරා.කෙනෝල් හැරුනේ පුදුමෙන්.
” රූ”
” ඔයා මට කවදාවත් එතකොට ආදරේ කරේ නැද්ද කෝච්..මන් ඔය ඇස්වල දැකපු දේ එතකොට බොරුවක්ද”
මන් ඇහුවෙ බිදුනු හඩින්.
ඒ ආඩම්බරකාර ඇස් සැලුනත් ..මගේ ඇස්වල ඒ ඇස් රුන්දුවා.
“මන් ඔයාට ආදරේ කරේ නෑ රූ..ඔයාගේ තත්වෙ එක්ක මන් ඔයාට අනුකම්පා කරා…අනික මගේ දක්ෂම ගෝලයෙක් ඔයා…ඔයා මට විශේෂයි එච්චරයි.එතනින් එහාට දෙයක් නෑ”
පැහැදිලි හඩින් කියපු කෙනෝල් රූම් එකෙන් නික්මුනා.හදවත මැරිලා වැටුනා නම් මීට වඩා හොදයි.ගොඩක් රිදුනා.අම්මා දාලා ගිය දවසේ වගේම වේදනාවක්..
අදුරු හිස් කාමරේ මන් තනි වෙලා..හිතට වගේම දෙපයටත් පණක් නැති වෙද්දි මන් බිම ඉදගත්තා…
කකුල් වල හිස හොවාගෙන ඔහේ හිටිය.
” මායා ” ඇස් උස්සලා බැලුවෙ ඒ කටහඩට. මන් ළග හිටියෙ ත්රෙවෝන්.
” සර්”
” ඇයි මේ මායා”
” මොකුත් නෑ සර්” මන් හෙමීට නැගිට්ටා.මගේ තැවෙන හදවත කාටවත් විවර කරලා පෙන්නන්න ඕන උනේ නෑ
” එහෙමද..එහෙනම් යමු”
කල්පනාවෙන් පිරුණු බැල්මක් හෙලපු ත්රෙවෝන් එහෙම කියලා යන්න හැරුනම මන් ඒ පස්සෙන් වැටුනා.
“රනුල් ක්ලබ් එකට දාපන් “මාසෙකට විතර කාලෙකට පස්සෙ ත්රෙවෝන් එහෙම කියද්දි මන් විතරක් නෙවෙයි රනුලුත් ගැස්සිලා ගියා.
” සර්”
” ඇයි උඹට ඇහුනේ නැද්ද බ්ලු හෙවන් එකට යමන්”
ත්රෙවෝන්ගෙ කෑගැහිල්ලට රනුල් කාර් එක හරවගත්තා.
බ්ලු හෙවන් නයිට් ක්ලබ් එක ළග නැවතුනාම ත්රෙවෝන් ගියේ අපි දෙන්න එතන හිටියද කියලා ගානක්වත් නැතුව.
අපිත් ටක් ගාලා ඇතුලට ගියේ ත්රෙවෝන්ගෙ පස්සෙන්.
අපි යද්දිත් ත්රෙවෝන් වැඩ පටන් අරන්.වෙනදා වගේ භාගෙට හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් ළග නැති උනත් තිබ්බ බොට්ල් එකේ හැටියට නම් අද කරටි කැඩෙන්න ගහන්න යන පෙනුමක් තිබ්බෙ.
මට හිතාගන්න බැරි මේ මොක්ද්ද මේ මනුස්සයාට හදිසියේම මේ උනේ කියලා.
රූ එකොළහ…ඊළගට දොළහත් පහු උනා..පොරට ගානට වැදිලා කියලා තේරුනේ ග්ලාස් එක අල්ලගන්නවත් බැරි තරම් වැදිලා නිසා.
” මොකද බන් උනේ හදිසියේම ” මන් ඇහුවෙ රනුල් දිහා බලලා.
” දන්නෙ නෑ බන්..මේ තව ටිකක් හිටියොත් මුගේ අක්මාව අපිට අතේ අරන් යන්න වෙන්නෙ ඒ නිසා පොරව බලෙන් හරි අරන් යමු.”
රනුල් කියපු දේට මාත් ඔලුව වනලා අපි ගියේ ත්රෙවෝන්ව එතනින් අරන් එන්න.
” සර් අපි යමුද” රනුල් හඩ නැගුවා.
” හ්…මොකද්ද බන් ත..ත්ව ටිකක් ඉමු”
” ඔය බීවා ඇති සර් යමු” ත්රේවෝන්ව නැගිට්ටවන ගමන් රනුල් කීවා.
උසට උසේ ඉන්න ත්රෙවෝන් වෙරිමතේම ඔහේ වැනෙනවා.
” යමු සර්” රනුල් එක පැත්තකින් වත්තම් කරගද්දි මන් අනෙක් පැත්තෙන් අත දාලා අල්ලගන්න බැලුවට පොර මගෙ අත ගසලා දාලා රනුල් එක්ක ඇවිදන් යන්න උනා.
රනුල් එක්කම එළියට ආව ත්රෙවෝන් කාර් එකේ වාඩි වෙලා ලොකු හුස්මක් ගත්තා.රනුල් ඩ්රයිව් කරන් වෙහිකල් එක පාරට දැම්මා.
” දන්නවද බන් රනුවා..”
” මොකද්ද සර්”
” මන් ළගදි ඉදන් එක කෙල්ලෙක්ට ආදරේ කරන්න ගත්තා…ගොඩක් ලස්සනයි …ලස්සන මායාකාරියක්…මගේ ඇස් ඉස්සරහට ආපු දවසෙ ඉදන්ම මාව පිස්සු වැට්ටුවා එයා…
ඒත් එයා ආදරේ වෙන කෙනෙක්ටලු…ඒක දැනගත්තම මට පිස්සු වගේ බන්…උඹ …කියපන් මන් මොනාද කරන්න ඕන..ආ..
මගේ ලස්සන මායාකාරිව එයාට දෙන්න ඕනද බන්…ආ…බෑ බන් මන් ආත්මාර්ථකාමීයි…ගොඩක්…මගේ විතරයි එයා ..මගේ මායාකාරි”
ත්රෙවෝන් සිහි විකලෙන් වගේ කියපු දේවල් නැවතුනේ හිතේ. එතකොට ත්රෙවෝන් ආයෙම මේ බීගෙන පිස්සු නටන්නෙ මන් නිසාද.හිතේ ත්රෙවෝන් ගැන තැවරුනේ දුකක්.
රනුල් මන් දිහා බැලුවෙ උඹ ගැන තමයි මේ කියන්නෙ වගේ. මට සමාවෙන්න සර් මන් කිව්වෙ හිතින්. බැදීම් එක්ක මන් ගොඩක් හති වැටිලා ඉන්නෙ.
***************
” සර්” හිටපු ආරක්ෂක ලේකම් රේවත දුනුසිංහගේ ඒ කියන්නෙ ත්රෙවෝන්ගෙ සීයගෙ ආගමනයත් එක්ක දැනුනේ කලබලයක්.
” සිට් සිට්” ඒ රේවතගේ ගැඹුරු හඩ.
අපි ඉස්සරහින් වාඩි උනා.
“සර් හදිස්සියේම”
” මන් ආවේ වැදුගත් දෙයක් කියන්න”
” මොකද්ද සර්”
” කෙවින් නිදහස් වෙලා ඇවිත්”
අපි දෙන්නගෙ කටවල් බාගෙට ඇරුනා.
” සර් එහෙම”
” කෙවින් කියන්නෙ ලොකු පොලිටිකල් කන්ටෑක්ට් තියෙන කෙනෙක් අපි නොදන්නවා උනාට පුදුමයි ඌ එච්චර කල් හිරේ හිටියත්..ඌව බේරගන්න ලොකු අතු ඉන්නවා..මට කියන්න තියෙන්නෙ මෙච්චරයි සෙකියුරිටි එක ඔයාලා ස්ට්රික්ට් කරන්න…පුතාට මොකුත් වෙන්න දෙන්න බෑ තේරුනානේ”
රේවත කීවෙ දැඩි හඩින්.
” ඕකේ සර්”
ටික වෙලාවක් ත්රෙවෝන් එක්කත් කතා කර කර හිටපු රේවත ගෙදරින් ගියාට පස්සෙ තමා අපි දෙන්නට හුස්මක් වැටුනෙ.
” මොනාද බන් සීයා කීවේ”
” කෙවින් කාරයා නිදහස් වෙලාලු සර්”
” ශිට් ”
” ඉස්සරහට ගොඩක් පරිස්සම් වෙන්න වෙයි සර්. ඌ ආව වෙලේ ඉදන් ප්ලෑන් නොකර ඉන්නෙ නෑ සර්ට මොනා හරි කරන්න”
“ඌට ගිය රටනෙ බන්…අපි බලමුකො”
ත්රෙවෝන් නොහිතුවට ඉස්සරහට වෙන්න තියන ඉරණම ගැන හැමෝටම දැනුනේ මහ මූසල හැගීමක්.කෙවින්ගෙ නිදහස එක්ක ප්රශ්න ගොඩක ආරම්භයක් අපේ ජීවිත වලට කඩාගෙන වැටිලා තිබ්බ.
මතුවටත්…
-නිල්නෙතු සාරංගා-