හෘදය කියන්‌නේ මිනිස් ශරීරයේ ඇති සුවිශේෂිම අවයවය වේ. හෘදය තුලින් මිනිස් ශරීරයට ඉටු කරන කාර්යය අති මහත්ය. හදෘයට වන විවිධ රේගී තත්ව නිසා බොහෝ මිනිසුන් අපහසුතාවයට පත් වන අතර මීට පිළියමක් ලෙස වෛද්‍ය විද්‍යාවේ සහය ලබා ගනී. මිනිස් හෘදය අවහිරතා නිසා පීඩා විදින බොහෝ රෝගීන් පිරිසක් සිටින අතර එම හෘදයේ අවහිරතා හදුනාගෙන එම අවහිරතා මග හරින්නට හැකි අපුරු නිමැවුමක් අපේ රටේ විද්වතකෙු සමත් වනවා. ඔහු ගැනයි මේ විස්තරය.
ඔහු නමින් ආචාර්යය බන්දුල විජේරත්න මහතා වේ. උසස් පෙළ සමත් වෙනකොට පූර්ණ ශිෂ්යත්වයක් ලැ ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්යාලයේ ඉගෙනුම සදහා යන මෙතුමා රසායන ඉංජිනේරු තාක්ෂණය හදාරනු ලබනවා. 1974 ආචාර්ය උපාධිය සම්පූර්ණ ඇමෙරිකාවට යන මෙතුමා දකුණු කැලිෆෝනියා විශ්වවිද්යාලයේ රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය ද ලබා ගැනීමට තරම් දස්කම් දක්වනු ලබනවා.

පසුව 1979 වසරේදී එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කරන අතර ඔහුගේ පර්යේෂ ඒ.එතැනි සිට ආරම්භ කරනු ලබනවා. හෘදය වස්තුව පිළිබඳ වැඩි උනන්නදුවක් නොතිබු මෙතුමා නිරායාසයෙන්ම හෘදය හා සම්බන්ධ විවිධ පර්යේෂ වලට යොමු වන අතර කාලේ හෘදයේ ධමනි වල අවහිරතා සිදු වීම ගැන පර්යේෂන සිදු කරන්නට වනවා.
එම පර්යේෂන අනුව එතුමා විසින් හෘදයේ නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට හැකි විශේෂ උපකරණයක් නිපදවනු ලබනවා. මේ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට හැකියාව ඇති තිබෙන උපකරණකි. මෙය හදුන්වනු ලබන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් ලෙසයි.

මෙය හෘදය කරා යැවීමට අවශ්‍ය රුධිර පොම්පය ද නිර්මාණය කරන්නේ මෙතුමා විසින් වේ. ලෝකයේ සියලුම වෛද්‍ය ක්ෂේත්‍රයන්ට අදාළ මෙම නිර්මාණ දෙකෙම පේටන්ට් අයිතිය ඇත්තේ ආචාර්යය බන්දුල විජේරත්න මහතාටම වේ. ලෝකයේ හදවත් මිලියන ගණනක් වෙනුවෙන් ඔවුන්ගේ ස්පන්දනය වෙනවා වටිනාම සොයා ගැනීමක් කළ මෙතුමා අපේ රට වීම අපට ආඩම්භරයක් වාගේම හදවත් රැසක් ජිවත් කරවීමට සමත් මෙවැනි වටිනා උපකරණයක් නිර්මාණය කිරීම ගැන අප එතුමාට කෘතඥ විය යුතුය.

උපුටා ගැනීම: Made In Sri Lanka