නිර්මලයි මායි දෙන්නම හිටියේ එක ඔෆිස් එකේ. නිර්මලා එයාගේ වැඩ පට්ට සීරියස් ගන්න කෙනෙක්. එයා ඇසිස්ටන්ට් අකවුන්ටන්. දන්නවනේ ඔය අකවුන්ට්ස් ඩිවිශන් වල බුවාලා. පස්ස ඉරාගෙන වැඩ කරන උන්නේ. විශේෂයෙන් මාසෙ මාරු වෙනකොට. ඉතින් නිර්මලත් එහෙමයි.
උඹලට මතකද එක්දාස් නමසිය ගනන් වල තිබ්බ කොම්පියුටර්? ලැප්ටොප් තිබ්බෙ ඉතින් කලාතුරකින්නේ. අර තඩි සී පී යූ එකයි, තඩි මොනිටර් එකයි? නිර්මලාගේ කොම්පියුටර් පෙට්ටියත් තිබ්බේ එයාගේ ඩෙස්ක් එක යට. ලොකු මොනිටර් එකට මේසෙන් බාගයක් යන හින්ඳා මම හැමෝගෙම සී පී යූ එක තිබ්බේ මේසෙ යට. නිර්මලාගෙයි මගෙයි අන්යෝන්ය (දිවත් හැපුන යකෝ) සම්බන්ඳයක් ගොඩ නැගෙමින් ඇස් වලින් කතා කරන කාලෙ ඇවිත් මිත්රවරුනි ඔය කාලෙ වෙනකොට! මට ඉතින් දේවල් ගොඩක් කල් හිතේ තියන් ඉන්න පුලුවන් එකෙක් නෙවෙයි. ගුටි කන්න හරි අහන්න ඕනෙ හිතට එන දේ. දවසක් ගෝල් ෆේස් එකේ බීලා පොලිසියෙන් ඇවිත් යන්න කියපුවාම මම ‘ඒ කොස්සට මොකද බන් අපි මෙතන බීපුවාම’ කියල කියන එක පොලිස් රාලාමිට ඇහිලා ඩින්ගෙන් කොස්සක් ඇරන් පොලිසියම අතු ගාන්න වෙනවා!
ඉතින් කතාවට එමුකෝ..
නිර්මලා එයාගේ ගෑනු ඉඟි බිඟි ටිකාක් විතර පෙන්නමින් හිටියට හරියටම කියන්න බෑ මාව ඇක්සෙප්ට් කරලද නැද්ද කියලා. මොකද ගෑනු වෙලාවකට ‘දැන් ආවොත් දැන් දෙනවා’ වගේ නලාව පිම්ඹට තව පැයකින් සම්පූර්නයෙන් ගනන් ගන් නැතුව ඉන්න පුලුවන් ජාතියක්නේ. ඒ ඉතින් ඒ ගොල්ලන්ගේ හැටි වෙන්න ඇති. අපිනන් ඉතින් ‘දැන් දුන්නොත් දැන්’ පොරවල්නේ. ඕන් ඉතින් මාත් ෆුල් ට්රයි මෙයාගේ ඇටෙන්ෂන් එක ගන්න. මෙයාගෙත් කොම්පියුටරේ නිතොරම වගේ කැඩෙනවා ආයුබෝවන්. මම හිටියේ එහා ඔෆිස් රූම් එකක. ඉතින් මෙයා මට කෝල් කරලා කියනවා. මම යන්නේ නීල් ආම්ස්ට්රෝන්ඟ් හඳට ගියාට වැඩි වේගෙකින් එයාගේ ඩෙස්ක් එක ලඟට. යන්න කලින් කොන්ඩෙත් හදා ගන්නවා ඇයි ඉතින් පීරගෙන එන්න අමතක වෙනවනේ ඒ කාලේ. ඔන්න ගිහින් ඉතින් මොකාක් හරි කතාවකට පටලව ගන්නව මම එයාව. නිර්මලා එච්චරම කතාවට රුචි කෙනෙක් නෙවෙයි. ඒ මදිවට එයාට මන්ත් එන්ඩ් වැඩ. මල් හිනාවක් දාන් අහන දේට විතරක් විනීතව පිලිතුරු දෙනවා. උඹල දන්නවනේ ඉතින් ගෑනු බඳින්න කලින් පුදුම විනීතකමක් ලැජ්ජාවක් පෙන්නනනවා කියලා. එයත් එම.
ඔන්න එදා එයා කිව්වා. ‘ප්රින්ට් වෙන් නෑ සුසන්ත’ කියලා. අනේ කොච්චර දෙයක්ද කියල මම හිතෙන් හිතාන බොරුවට ආයෙත් ප්රින්ට් කරන්න ගියා. මටත් ඕනෙ ඉතින් පුලුවාන් තරන් වෙලා ඇර ගන්න. ඔන්න බලල බලල දැන ගත්තා ප්රින්ට් වයර් එක ගැලවිලා කොම්පියුටරෙන් කියලා. දැන් ඉතින් ඕක ගහන්න ඩෙස්ක් එක අස්සෙ රින්ගපියකෝ. ඒ මදිවට නිර්මලා අඳින්නෙත් සාරි. ගවුමක්වත් ඇඳන් වරකෝ මට ඩෙස්ක් එක අස්සට රින්ඟන්න තියන දවසට! ඕන් මිත්රවරුනි මහන්සි නොබලා රින්ඟුවා සුසන්ත පෙතියාගොඩ ඩෙස්ක් එක යටට. ඇයගේ ඇත්දල මෙන් චූටි පාද මට පේනවා. ඇඟිලි දහයෙම ලා රෝස පාට ඔලිව් ඇන්ඩ් ජූන් කියුටෙක්ස් ගාලා. ඇන්කල් එකට හීනි රත්තරන් පාට – රත්තරන්ද දන් නෑ – චේන් එකක් දාලා. ලා රෝස පාටම පටි තියන සෙරෙප්පු. බ්රෑන්ඩ් එක පේන් නෑ බන්. සාරිය ඇන්කල් එක ලඟටම වැහිලා හින්ඳා ඉන් උඩ පෙනුන් නෑ නිර්මලාගේ වාසනාවට. ඉතින් වයර් එක ගහන ගමන් නිකමටෝ සුකමුටෝ කියල හිතිලා ලාවට වගේ මගේ වටිනා දකුණත ගෑව්වා එතුමියගේ වම් කකුලේ ආයුබෝවන්. ඒකෙන් මා සලලෙක් වෙන් නෑනේ. අනික මල මගුල ගෑව්වෙත් ඇඟිලි හරියේ. මෙන්න යකෝ නිර්මලා කකුල ගස්සපු පාර කෙලීන්ම අර බුද්ධි බතික් සාරියෙන් වැසී තිබූ, මා එවකට හීනෙන් පමනක් දැක තිබූ, ඇගේ සුකොමල දනිහ වේගෙන් විත් වැදුන කියහන්කෝ මගේ අහින්සක හක්කේ! වැදුනේ සුලු පහරක් වුනත් දනිහ මගේ මූන සොයා ආ ඒ වේගෙට බය වුනු මම ඔලුව ගන්න හැදුවා අහකට. අම්මට හුඩු! ඔලුව වැදුනා ටාන් ගාලා මේසෙ යට දාරේ. යට ලීයෙන් නාරි ලතා මල් පීදීගෙන ආවා වැදුන පාරට. දනිහ වැදුනන් කොච්චර සනීපද. දාරෙ හදල තිබ්බේ යකඩ ෆ්රේම් එකකින් හින්ඳා ඉතාම සුවයක් ඔලුවට දැනුන මිත්රෝරුනි. නිර්මලා හොඳටම කලබල වෙලා නැගිට්ටා. මාත් එලියට ආවා හුඹහෙන් එලියට එන තලගොයා වගේ. ‘අනේ ඔයාගේ ඔලුව වැ..’ කියමින් නිර්මලා අතින් කට වහ ගත්තා. මම ඔලුව අත ගාමින් යන්න ගියා.
මේ රටේ කිසිම කෙනෙක් අද වෙනකන් මගේ හක්කට වුනු දේ ඇහුවේ නෑ ආයුබෝවන්ට. ඒකයි මට කනගාටු..
උපුටා ගැනීම: Susantha Pethiyagoda