හැල ගෙම්බාගේ කරදරේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“බක බක බක”
මේකනම් පුදුම කරුමයක් අයියේ මෙවුන්ව කොහෙට හරි ගිහින් දාන්න වෙන්නේ. යකෝ මන් මොනා කිව්වත් මේ මනුස්සයට ගානක් වත් නෑනේ.
“අම්බෝ දෙයියනේ අයියේ බලන්නකෝ
ඒත් ඉතින් මගෙ මනුස්සයා නෙමෙයි කටක් අරින්නේ. මේ කරුමක්කාර සෙවල ගෙඩියා පෑගෙද්දී සිරිකිතයි බයයි නොදනී තියේවීයැ. හැමදාම ළමයි දෙන්න නිදිකරවලා කෑම කද්දී ඉතින් රෑ දහය විතර වෙනවා. කෑම කාලා අත සෝදන්න සින්ක් එක ගාවට ආවම ගොඩක් දවසට මේ සෙවල ගෙබි තඩියා පෑගිලා මන් කෑ ගහනවා. ඕක දන්න අපෙ මනුස්සයා මට මහසෝනා ගහලා වගේ කෑ ගැහුවට කවදාවත් කලබල වෙන්නේ නෑ.
ඔන්න ඉතින් දවසක් අපෙ මනුස්සයට මේ ගෙම්බා පෑගිලා කෑ ගගහා ඉද්දී මාත් ගානක් නැතිව හිතින් හොද වැඩේ කියලා හිත හිතා හිටියා.
මේ ගෙම්බගෙන් මට විතරක් නෙමේ ඉතින් අවුරුද්දක්වත් නැති කතාකරන්නත් ඇවිදින්නත් තාම බැරි මගෙ පොඩි ඇම්බාටත් හිරිහැරය. කොල්ලගේ විනෝදාංශයක් තමයි බඩ ගාගන ගිහින් අපේ ගේ ඉස්සරහ තියෙන සපත්තු රැක් එක අදින එක. හැමදාම වගේ කොල්ලා සපත්තු අදිද්දී මේ ගෙම්බා පැනලා යද්දී කොල්ලා ගැස්සුනත් ඌ ගණන් වත් ගන්නේ නැත. දොනියනම් හු කිය කියා කොහේ හෝ බඩ ගාය. ඉතින් දවසක් අපේ අම්මා රෙදි වනන්න සපත්තු රාක්කෙ ලොකු සපත්තු අයින් කරලා සපත්තු රාක්කෙ දීලා. විනාඩියක් වත් යන්න කලින් කෑස් කෑස් චීස් චීස් ගාන සද්දෙට ඇවිත් බැලින්නම් කොල්ලා ගෙම්බා අල්ලාගන දෙපැත්තට අදිමින් උඹ මගෙ අම්මා බය කරනවද ආයේ එහෙම කලොත් බලාගනයි (කොල්ලට තාම කතා බෑ )කියා ඌව බය කරයි. ගෙම්බා අනේ බුදු පුතේ මන් ආයේ උඹේ අම්මා බය කරන්නේ නෑ මාව අත ඇරපන් කියා කෑස් කෑස් ගායි. කිරිඅම්මා ඉක්මනටම මගෙ කොල්ලෝ මොකද උබ ඔය කරන්නේ ඕකා මැරෙයි කියා රෙදි පැත්තකින් තබා ගෙම්බා බේරලා යවා තිබේ. අප්පච්චිට වඩා කොල්ලා ඒ අතින් හීරෝ කෙනෙකි.
ඉතින් කොහොමින් හරි රෑ නිදන්න ලයිට් නිවා දැමු පසු වහින වෙලාවට පොකුණක් ගාව ඉන්නවා වැනිය. දැන් ඒ තරම් ගෙදර ගෙබි ජනගහනය වැඩි වී ගොස්ය. උන් කලට වෙලාවට කසාදයක් කොරන්වත් පිටව ගියානම් අපට කරදරයක් නොමැත. ඒත් ඉතින් කොහෙද පන්නල හුදෙකලා කරලනේ. අනේ උඹලා අපට කරදර නොකර හොරෙන්වත් පැනලා පලයවුකෝ. ගෙම්බෝ අල්ලන වැඩෙත් දැන් මටම කොරන්න වෙයි වගේ නැත්තම් සර්ප පාතාල කල්ලියේ උන් අපේ ගෙදරට කඩා පනින එක අනිවාර්යෙන් සිදුවනවාය.
උපුටා ගැනීම:  Nadeeka Liyanage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!