





අපි කතා කලානේ නින්දක් ලබා ගැනීම මගින් පුද්ගලයෙකුගේ මොලය සම්බන්ධ ක්රියාකාරකම් වැඩි දියුණු වෙනවා කියලා… එහෙනම් සාමාන්ය නින්දක්වත් ලබා නොගත්තොත් නැත්තම් නිදිමරණ පුද්ගලයින්ගේ මොලය සම්බන්ධ ක්රියාකාරකම් වලට තදබල බලපෑමක් එල්ල කරනවා.ඔබ එක දිගටම නිදි මරණ පුද්ගලයෙකු නම් ඔබ වහා කිපෙන , නිතර කේන්තියෙන් සිටින , වහා අමතක වන , දවස පුරාම අලසව සිටින පුද්ගලයෙකු විය හැකිය… එක රැයක් නිදි මරපු පුද්ගලයකුගේ මානසික ඒකාග්රතාවය (concentration ) අඩු වීමත් සිදුවිය හැකිය. එවැනි පසු ආබාධ සිදු වීමට මුලිකම හේතුව මොලයේ අකර්මන්ය ක්රියාකාරිත්වයයි.


අපි නින්දේදී වෙන දේවල් කොටින්ම දන්නේ නැහැ කිව්වොත් එක නිවැරදියි
නින්ද ඇති වන්නේ විනාඩි 90ක් 110ක් ඇතුලත ආවර්ථියව සිදුවන චක්රයක් (recurrence cycle ) නිසාවෙනි.. ඒ වගේම අපිට කොටස් දෙකකට නින්ද බෙදන්න පුළුවන්.

(1) REM sleep සහ
(2) NON -REM sleep ලෙසටයි
මම ඉතාමත් සරලව මේ කොටස් දෙක ඔයාලට කියල දෙන්නම්කො.
(1) REM sleep කියන්නේ rapid eye movement කියන එකටයි.මෙම අවස්තාව ඇති වන්නේ අපි නින්දට ගොස් විනාඩි 70ක් 90ක් අතරදියි. ඔයාල නොදන්නවා වුනාට සාමාන්යයෙන් නින්දකදී REM තුනේ සිට පහක් පමණ වෙනකන් ඇතිවෙන බව සොයා ගෙන තියෙනවා…ඔයාල ඒ වගේම නොදැනුවත්ව ඉන්නට ඇති පුද්ගලයෙකු අවදි වී සිටිනවාට වඩා මොලයේ ක්රියාකාරිත්වය වැඩි මේ අවස්ථාවේදී බව… ඒ වගේම ඔයාල හීන දකින්නෙත් මේ අවස්ථාවේදී බව. රසබර හීන වගේම දුක්බර හීනත් බලාපොරොත්තු ගෙන දෙන හීනත් දකින්න ඇති. සිහින දැකීම සම්බන්ධයෙන් කථා කරන්න වෙන්නේ මනෝ විද්යාවත් එක්කයි (Psychology) සිග්මන් ප්රොයිඩ් ගැන ඔයාල අහල ඇති. ඔහු තමයි මිනිසෙකුට සිත් දෙකක් එනම් උඩු සිත සහ යටි සිත යනුවෙන් ඇති බව සොයා ගෙන ඒ පිලිබදව පර්යේෂණ කරලා සිහින දැකීම සහ යටි සිත අතර සම්බන්ධයක් ඇති බව සොයා ගත්තේ. ඒ සම්බන්ධයෙන් නම් මම කථා කරන්න යන්නේ නැහැ මෙතැනදී මොකද එක වෙනම මාතෘකාවක් නිසා.

(2) NON – REM sleep කලින් මම REM sleep ගැන පැහැදිලි කලානේ එහෙනම් ඉතින් මේ අවස්තාව ගැන ඔයාලට වැටහීමක් ඇති කියලා මම හිතනවා…
මෙහිත් තව අතුරු අවස්ථා හතරක් තිබෙනවා…

stage one – light sleep : මේ අවස්ථාවේදී තමයි පුද්ගලයෙකු නින්ද සහ නොනින්ද අතර ඉන්නේ… ඒ කියන්නේ බාගෙට නිදි පුද්ගලයෙකු ඉන්නේ මේ අවස්තාවෙදියි… පුද්ගලයෙකුට ඉක්මනින් අවදි වීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී තමයි ..
stage two – true sleep : light sleep එකෙන් විනාඩි 10කට පස්සේ පුද්ගලයෙක් එළඹෙන්නේ දෙවැනි අවස්තාව හෙවත් true sleep stage එකටයි. ආශ්වාස ප්රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ටික ටික අඩු වීමටද පටන් ගන්නවා. මෙම අවස්තාව සැලකෙන්නේ පුද්ගලයෙකුගේ නින්දේ වැඩිම වෙලාවක් සමන්විත කොටස හැටියටයි.
stage three and four – deep sleep : තුන්වෙනි අවස්ථාවේදී මොලයෙන් ඩෙල්ටා තරංග ( delta waves ) පිට වීමට පටන් ගන්නවා… එම තරංග විශාල විස්තාරයකින් වගේම කුඩා සංඛ්යාතයකින් සමන්විත වෙනවා… ඒ වගේම මෙම අවස්ථාවේදී ආශ්වාස ප්රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ඉතාම අඩු ප්රමාණයකින් තමයි පවතින්නේ …
හතරවෙනි අවස්ථාවේදී යම්කිසි රිද්මයකට අනුව ආශ්වාස ප්රශ්වාසය සිදුවෙනවා වගේම සීමාසහිතව පේශි ක්රියාකාරිත්වයක් පවතිනවා… මෙවැනි අවස්තාවක ඔබ අවදි වුවහොත් එක් වරම පියවි ලොවට අනුගත වීමට නොහැකි වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අලස ගතියක්, කෝප ගතියක් විනාඩි කිහිපයක් යනතුරු පවතිනවා. කුඩා ළමුන් නින්දෙන් ඇවිදීම වගේ කාර්යන් සිදු කරන්නේ මේ සිවුවෙනි අවස්තාවෙදියි….


අපට නින්ද සඳහා නිශ්චිත කාලයක් නීර්ණය කිරීමට නොහැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. sleep profile අනුකුලව පුද්ගලයින් පැය 5ක් 11ක් අතර ප්රමාණයක නින්දක් ලබා ගැනීමට රුචිකත්වයක් දක්වනවා. එය සාමාන්යයක් ලෙස ගත්තොත් පැය 7.75ක් වෙනවා.

දැනට එක දිගට නොනිදා ගෙන ලෝක වාර්ථාවක් තබා ඇත්තේ දින 11ක් එක දිගට නොනිදපු Randy Gardner 1965 වර්ෂයේදී. පුදුමයි නේද ? මට නම් එහෙම ඉන්න හිතන්න වත් බැහැ 






උපුටා ගැනීම: Suwa arana