වැටි වැටි නැගිටපු ස්මිත්..
2010 දි australia national team එකට එන ස්මිත් 2015 වෙද්දී කැප්ටන් වෙනවා. 2010 දී පා දඟ පන්දු යවන්නෙක් විදිහට ටීම් එකට ආවට 2015 වෙද්දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක එකට එන්න ස්මිත්ට පුළුවන් වෙනවා..
ක්‍රිකට් ලෝකේ අසමසම පිතිකරු ඩොන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවනි කෙනා විදිහට තමා හැමෝම ස්මිත්ව හදුන්වන්නේ. ස්මිත් කියන්නේ වැඩ්ඩෙක් කියන්න මීට වඩා කතා ඕනේ නෑ.
2018 දී දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ මැච් එකේදි බෝලය පළුදු කිරීම නිසා ස්මිත්ට අවුරුද්දක් තරඟ තහනම් වෙනවා. එතකොට ස්මිත් තමයි ටීම් එකේ කැප්ටන් ඒ වගේම ස්මිත් ඒ වෙද්දී ලෙජන්ඩ් කෙනෙක්. ඒ නිසාම මේ සිද්ධිය ක්‍රිකට් වලට කළු පැල්ලමක් එකතු කලා කිව්වට වරදක් නෑ.
තරඟ තහනමෙන් පස්සේ ස්මිත් ආයේ 2019 මාර්තු වල ක්‍රිකට් වලට එනවා. ඒ ඉන්නේ වීරයෙක්.විදිහට නම් නෙමෙයි ස්මිත් ආපහු එන්නේ වංචාකාරයා කියන ලේබල් එකත් එක්ක. ඒ එද්දී කවුරුත් හිතන් නෑ කලින් හිටපු සුපිරි බැටා ආයේ එලියට එයි කියලා. 2019 ලෝක කුසලානේ පළවෙනි තරගෙදි ස්මිත් ඇෆ්ගනිස්තානෙට ලකුණු 18 කට දැවී යනවා. ඒ වගේම ඉන්දියාව එක්ක මැච් එකේදී ප්‍රේක්ෂකයෝ වංචාකාරයා කියලා කෑ.ගහනවා. ඒ වෙලාවේ කෝලි ස්මිත් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම මාධ්‍ය ඉස්සරහ කෝලි මෙහෙම කතාවක් කියනවා. “මිනිහෙක්ට වරදකට දඩුවම් දෙකක් තියෙන්න බෑ. එක දඬුවමයි. ඔහු ඒක වින්දා. කරුණාකරලා ඔහුට කලින් කෙනා වෙන්න ඉඩ දෙන්න.”
ලෝක කුසලානෙන් පස්සේ ඔස්ට්‍රේලියාව අළු බඳුන තරඟාවලියට සහභාගී වෙනවා. මේක තමයි තරඟ තහනමෙන් පස්සේ ස්මිත් සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරඟාවලිය. 2019 අළු බදුනෙදී ලකුණු 144 ක් එක්ක ස්මිත් පෙන්නනවා පරණ බැටාව එහෙම ලේසියෙන් මරන්න බෑ කියලා. ඔස්ට්‍රේලියානු ඉනිම කඩුළු 8 ක් ගිහින් තියෙද්දී තමයි ස්මිත් මේ හපන්කම කරන්නේ. ඒ වගේම 2019 ඉවර වෙද්දී ස්මිත් සුපුරුදු විදිහට icc test ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ට එනවා.
ස්මිත් අපිට ලස්සන කතාවක් කියලා දෙනවා. ඕනම මොහොතක ඔයා උපයගෙන තියෙන ගෞරවය , දේපළ නැත්තටම නැතිවෙන්න පුළුවන්. ඒ වගේම ඒ නැතිවෙනවා වගේම ඉක්මනින් ඒ දේවල් නැවත උපයගන්නත් ඔයාලට පුළුවන්.
උඩටම ගිහින් පහලටම වැටුණු ස්මිත් ආයිත් හිටියටත් වඩා උඩට ආවා..
හසිත
මූලාශ්‍රය : Kirula Chamathka