හමුදා නිලධාරීන් සිවිල් සමාජයේ මුහුන දෙන ප්‍රශ්න…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(සීරියස් නොවන්න😂😂😂😂)
උපුටා ගැනීමකි.
විශේෂ ස්තුතියමුල් අයිතිකරුට
1. ගෙදර අය සමග ආහාර ගැනීමේදී අනිත් අයට කලින් බර බර ගා කාලා දැමීම නිසා ඒ අය ආහර ගෙන ඉවර වෙනකන් බලා සිටීමට සිදු වීම. 🍞🍞🍞
2. පිට ගෙයකට කන්න ගිය විටද කෑම කෑමේ අධික වේගය නිසා ඒ ගෙදර අය දෙතුං වරක් කෑම බෙදීම.🥗🥙
3. පාරේ ඇවිදං යන විට ඉස්සරහිං හෙමිං යන අය නිසා මල පැනීම.ඔවුන්ව පහුකරගෙන යෑමට සිතීම.🏇
4. අනෙක් යහලු හිතමිත්රාදීන් සමග විහිලු කරන විට හමුදාවට අදාල වචන භාවිතා වීම නිසා උන්ට් විහිලුව නොතේරීම/අර්ධ වශයෙන් තේරීම😫😫
5. පිට තැනකට ගිය විට මකුළු දැල් ,දූවිලි පෙනීම.මුන්ට මේව ටිකක් අස් කරගන්ඩ බැරිදැයි සිතීම.🕸🕸
6. පාරේ යන විට ලයිට් කනු ටෙලිපෝන් කනු අලයින්මන්ට් එක මෙච්චර ඇද ඇයි යැයි සිතීම.
7. පෝලිං වල සිටින විට පෝලිං පනින උං දැක මල පැනීම. ඒ ගැන හිතමින් ස්ට්රෙස් වැඩිකර ගැනීම. පිට තැනකිං වැඩක් කරගන්න ගිය විට ඒ අයගේ මන්දගාමී ගතිය නිසා තමංටම ඒ වැඩේ කරගන්නට සිතීම.
9. හාල් ගෝනියක් ,පිටි මුට්ටයක් කරේ තියාගෙන මුලු ටවුමෙම ඇවිදින්නට කිසිම අවුලක් නැති වීම.
10. කඩවල් වලට ගිය විට භාන්ඩ වල මිල අඩු කිරීමට හෙට්ටු කිරීමට හිත හදා ගැනීමට බැරි වීම.
11. ඉතුරු මුදල් ඉල්ලීම මදිකමක් ලෙස දැනීම.
12. මොන වැඩේ කරන්න ගියත් “අපි නං මේක එහෙදි කරන්නෙ මෙහෙමයි”යැයි අනිත් අයට කියන්නට යෑම. 😬
13. මේසන් වැඩ,ටයිල් වැඩ,පයිප්ප වැඩ,ලී වැඩ එකී මෙකී සියලු වැඩ තනිවම කර ගැනීමට උත්සාහ කිරීම. ⛏🔧🛠
14. තව කෙනෙක් එක්ක පාරේ යන විට එයාගෙ ස්ටෙප් එකට අඩිය තැබීමට උත්සාහ කිරීම.👩‍✈️
15. මිනිසුන් අධික වශයෙන් විස්වාස කිරීමට යාම නිසා හිත් රිදවා ගැනීම. කෲර ලෝකය ගැන සිතමින් ප්රෙශර් වැඩිකර ගැනීම.
16. ගෙදර දොරේ සිටින විට නිතර නරක වචන කියවෙන්නට යාම සහ ඒවා ආයාසයෙන් නවත්වාගැනීමට ඇති නොහැකියාව නිසා ඉල්ලන් කෑම.
17. කටහඩේ විධානාත්මක ස්වරූපය නිසා අනිත් අය තමන් තරහෙන් සිටිනවා යැයි සිතීම
18. දත මදින්න ගියත් දත් බුරුසුව හා දන්තාලේපය එක සරල රේඛාවක තිබිය යුතු යැයි සිතීම.
19. වෙන කවුරු ඇදුම් මැද්දත් තමන් මදින තරං හොද නෑ යැයි සිතා තමාම තමාගේ ඇදුම් මැදීම.
20. තමාට බෙදන බත් එකේ එක බත් ඇටයක් හෝ කරපිංචා කොලයක් ඉතිරි වීම ගොවි මහතුන්ට කරන මහා අවනම්බුවක් යැයි සිතීම.
21. අනේ, බෑ ,අමාරුයි යැයි නෙගටිව් පාට් දාන උන්ට දෙකක් ඇනීමට සිතීම.
උපුටා ගැනීම: Parakum Duminda Kamburapola

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!