ප්රේමයේ තියෙන අවාසනාවන්තම සිදුවීම මොකක්ද කියල කෙනෙක් ඇහුවොත් මම කියන්නේ තමන්ගේ සහකරුගෙ සහකාරියගේ වචනවල තියෙන හැඟීම් කියවගන්න බැරි වීම හෝ ඒවාට නිසි ගෞරවය ලබාදෙන්න බැරිතරමට තියෙන ඊගෝ එක.
සමහර ගෑනු, මිනිස්සු ඉන්නවා කෑල්ලෙන් කෑල්ල කාගෙන හරි සම්බන්ධතාවයක් අත් අරින්නෙ නැතුව තියාගෙන ඉන්න. ඒ සම්බන්ධකම් අපි පැත්තකට තියමු, ඒ ඇරුණම බොහොම සාමාන්ය, තමන්ගැන ආත්මාභිමානයක් තියෙන මිනිස්සු එහෙම රැදෙන්නෙ නෑ.
තමන්ගේ හැඟීමක් අඳුරගන්න බැරි, ඒවට ගෞරවයක් නොදෙන මිනිස්සුන්ගෙන් ඈත්වෙලා යන්න තරම් ඒ මිනිස්සු ස්වාධීනයි. එහෙම චරිතයක් ලඟ තමන්ගේ ඊගෝ එක වගේම අනෙක් කෙනාගේ හැඟීම්වලටත් වටිනාකමක් දෙන්න පුරුදුවෙන්නම වෙනවා.
ඕනම මාන්නයකට වඩා ප්රේමය ඉහලින්ම තියෙන්න ඕනේ කියල විස්වාස කරන මම වුනත් එහෙම තැන්වල අසමත් වෙලා ඇති. අපි කවුරුත් එහෙම වෙලා ඇති. ඒ තැන් ආපහු ගේන්න බැරිනම් ඉදිරියට ඒ තැන් අඳුරගෙන ඉන්න එක හුඟක් වටිනවා.
ප්රේමය කියන්නෙ මේ ලෝකයේ තියෙන බරම හැඟීමක්, විශාලම වගකීමක්,
එක වතාවක්, එකම එක වතාවක් ඒ බර තමන්ගේ උරහිසට දැනුනම තේරුම් යනවා මොනම දේකින්වත් ඒක රීප්ලේස් නොවෙන බව.
ලෝකයෙන් වෙන් වෙලා, ප්රේමය කියන වචනයටත් වෛර කරන මිනිහෙක් ඉන්නවනම් ඒ ප්රේමය දරාගන්න අසමත්වුන මිනිහෙක් මිසක් වෙන කිසිම කෙනෙක් නෙමෙයි.
.
.
.
උපුටා ගැනීම: Janith Wimukthike