BSc Green Technology (GT) කියන්නෙ රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨය විසින් පිරිනමන වසර හතරක පාඨමාලාවක්.BSc Green Technology උපාධිය විශේෂයෙන්ම හදුන්වා දීලා තියෙන්නෙ වේගවත් සංවර්ධනය හේතුවෙන් සිදුවන පාරිසරික විනාශයන් අවම කර පාරිසරික කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඔස්සෙ හරිත දියුණුවක් ලබාගැනීමට උදෙසායි. ඔබ කෘෂිකර්මාන්තයට වඩාත් කැමැත්තක් දක්වනවනම් හදාරන්න පුලුවන් හොදම අනාගත රැකියා ක්ෂේත්‍රයෙ ඉහලම අවස්ථා සහිත ක්ෂේත්‍රයක්.

මොකක්ද මේ ‘ හරිත තාක්ෂණය ‘ කියන්නෙ ?
සංවර්ධනයත් සමග ස්වාභාවික සම්පත් දැඩි ලෙස භාවිතා කිරීම,ක්ෂය වීම සහ පාරිසරික දූෂණය වීම ලෝකයෙ සිටින සියලුම ජීවින්ට ගැටලු ඇතිකරනවා.එම නිසා ස්වභාවික සම්පත් ඉතාමත් ඵලදායී අන්දමට යොදාගෙන සංවර්ධනයෙන් ස්වාභාවික පරිසරයට සිදුවන අයහපත් බලපෑම අවම කොට සංවර්ධනය ස්වාභාවය පාරිසරික සංවර්ධනයක් සමග තිරසාර ලෙස සිදුකිරීමට කටයුතු කල යුතුයි.
වර්තමානයෙ සංවර්ධන ව්‍යාපෘතින් වල කටයුතු කරන රාජ්‍ය ,රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන වල සේවය කරන නිලධාරින් තිරසාර සංවර්ධනය ගැන එතරම් තැකීමක් කරන්නෙ නැහැ. ඒ වුනත් ඔවුන් දැනුමෙන් සන්නද්ධ කොට තිරසාර පාරිසරික සංවර්ධනයක් වෙනුවෙන් අවධානය යොමුකල යුතුයි. මෙම උපාධි වැඩසටහන මගින් පාරිසරික අංශයන් ගැන සලකා බලමින් කටයුතු කරන ව්‍යාපෘති වල සේවය කරන නිලධාරින් බිහි කිරීම සිදුකරයි.

හරිත තාක්ෂණ උපාධි පාඨමාලාව මගින් අවධානය යොමුකරන අංශ
පරිසර කළමනාකරණය , පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, බලශක්ති කාර්‍යක්ෂමතාවය, ජෛව පාදක නිශ්පාදන සදහා බෝග නිශ්පාදනය , තිරසාර ඉඩම් භාවිතය, කසළ කලමණාකරණය සහ ප්‍රතිචක්‍රිකරණය , සාම්ප්‍රදායික /දේශීය තාක්ෂණය , ජෛව නිශ්පාදන සදහා නිශ්පාදන තාක්ෂණය , පාරිසරික වැඩිදියුණු කිරීම සහ ජලය සහ ජලජ සත්ත්ව කලමණාකරණය .
මෙම උපාධියෙ ප්‍රධාන දැක්ම
පුනර්ජනනීය බලශක්ති කලමණාකරණය කරමින් , අපද්‍රව්‍ය නිසිලෙස කලමණාකරණය කරමින් , සීමිත සම්පත් ඵලදායි ලෙස යොදාගනිමින් ඉඩම් පදනම් කරගත් කර්මාන්ත පිලිබද අවබෝධයක් සහිත විද්‍යාත්මක කුසලතා ලබාගනිමින් ජාතික සහ ගෝලීය තිරසාර සංවර්ධනට දායක වීමයි.

හරිත තාක්ෂණ උපාධි පාඨමාලාව ඔස්සෙ රැකියා අවස්ථා කෙසේද ?
BSc Green Technology උපාධිධාරීන්ට රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතනවල උපදේශකයින් ,සංවර්ධන නිලධාරින් ,කළමනාකරුවන් ,පරිසරවේදීන් ලෙස රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතියි.
මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සදහා සුදුසුකම් ලැබෙන්නෙ කෙසේද ?
- ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙල සදහා පෙනිසිටින ලද සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියම කර ඇති ප්‍රවේශ සුදුසුකම් සපුරාලිය යුතුයි.
( ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂිකර්මය )
- අපේක්ෂකයින් හට අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙදී ඉංග්‍රීසි විෂයය සදහා අවම වශයෙන් ‘C’ සාමාර්ථයක් තිබිය යුතුයි.
මෙම උපාධි පාඨමාලව සදහා වරකට සිසුන් 50ක ප්‍රමාණයක් ඇතුලත් කරගනු ලැබේ.

උපාධි පාඨමාලාවෙ කාල සීමාව..
උපාධි පාඨමාලාව වසර හතරකින් යුතු අතර වසරකට අධ්‍යයන වාර දෙකකින් සමන්විතයි.ඒ අනුව සෙමෙස්ටර් අටකින් මුලු උපාධි පාඨමාලාවම සමන්විත වෙයි.සෑම අධ්‍යයන වාරයක් තුලම ඇගයීමක් සිදුකෙරෙයි.හතරවන වසරෙ පලමු අධ්‍යයන වාරයෙදි කාර්මික පුහුණුවක් ලබාදෙන අතර දෙවන අධ්‍යයන වාරයෙදි දීර්ඝ ව්‍යාපෘති පර්‍යේෂනයක් සිදුකෙරෙයි.
පාඨමාලාවෙ ව්‍යූහය…
(1) තිරසාර සම්පත් කලමණාකරණය (SRM) .
- ශ්‍රී ලංකාවෙ ස්වාභාවික සම්පත්
- ස්වාභාවික සම්පත් කාර්‍යක්ෂමව භාවිතය
- සංරක්ෂණ මූලධර්ම
- පරිසර දූෂණය
- පාරිසරික සමාජ විද්‍යාව
- ස්වාභාවික සම්පත් හා දූෂණය
- මානව සම්පත් කලමණාකරණය
(2) තිරසාර පාරිසරික සැලසුම් ( SED).
- ඉඩම් පරිහරණය සැලසුම් කිරීම
- පාරිසරික මෙවලම්
- පාරිසරික ආර්ථික විද්‍යාව .වනජීවී සහ • ජෛව විවිධත්වය
- ව්යාපෘති සැලසුම් කිරීම
- දේශගුණික විපර්යාස
- කාබන්

(3) තිරසාර පාරිසරික තාක්ෂණය (SET).
- අපජල කළමනාකරණය
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
- විමෝචන පාලනය
- පිරිසිදු නිෂ්පාදන නිෂ්පාදන සැකසීම
- තත්ත්ව කළමනාකරණය
- දේශීය තාක්ෂණය
(4) තිරසාර බලශක්ති (SE).
- බලශක්ති සහ සංවර්ධනය
- පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්
- බලශක්ති විශ්ලේෂණය සහ කළමනාකරණය