හතර වසර (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ ලියන්න යන්නේ පුංචි සිදුවීම් දෙකක්.ඒත්, පුංචි හිත්වලට ලොකුවට බලපාන දෙයක්.
මං තුන වසර පාස්වෙලා ගමේ පුංචි ඉස්කෝලෙන් එන්නේ ටිකක් මධ්යම පාසලකට.එතකොට මං වැටුනේ ටිකක් සැර ටීචර් කෙනෙක් හිටපු පංතියකට.ඒ දවස්වල විතරක් නෙවෙයි දැං වුනත් බය හිතෙනවා මතක් වෙද්දි.
ඉස්කෝලෙට ආපු අලුතනේ.ඉතිං ටිකක් නුහුරු නුපුරුදුයි.අපිට ඉංගිරිසිවලට හිටියේ ටිකක් කලු මහත ටීචර් කෙනෙක්.ඒ ගුරුවරිය මං දැක්ක ගමන්ම කිව්වේ, “මේ ළමයට නම් ඉංගිරිසි පොතක් දෙන්න වටින්නේ නෑ”.(ඉංගිරිසි වැඩ අච්චු පොතක්) කියලා.මං අලුතින් ආව නිසා වෙන්නැති.එතකොට පරන අයට පොතක් අඩුවන නිසාත් වෙන්නැති.ඒ දවස්වල තිබුනේ,ලස්සන කාටුන් වගේ ඇදපු පොත්.
“හෙලෝ, අයෑම් සමන්.අයෑම් ෆ්රොම් ශ්රී ලංකා”
අයෑම් සාටෝ…..අයෑම් මුරූ…..
ඒත් අන්තිමට ඉතින්, ඉංගිරිසි ටීචර්ට පාසල් තරගවලට යවන්න සිදුවුනෙත් මාවමයි.”මොකද කවුරුත් ඉදිරිපත් වුනේ නෑ ඉංගිරිසි සින්දුවක් කියන්න.(වැඩ පොත මට දුන්නේ ටිකක් කල් ගිහිං)
අනික් සිදුවීමත් එහෙමයි.මං ගියපු වාරෙම පන්තියේ පළවෙනියා වුණා.මට ඉතිං ගොඩක් සතුටුයි.ඒත් ටීචර්, මට ප්රගති වාර්තාව දෙනකොට කිව්වේ, “කොහේදෝ, කැලේ ඉස්කෝලෙක ඉදලා ඇව්ත් මෙයා පලවෙනියා වුණා” කියලා.මට ඒ කියපු එකට හිත රිදුනත්, ළමයින්ගේ අත්පොළසන් නාදෙට ඒක වැහිලම ගියා.
ඒ පංතියෙදිම දෙවෙනි වාරෙදි මං පන්තියේ හත්වෙනියා.
(මට මේක ලියන්න මතක් වුනේ, “රන් රඹුටන් ” කතාව කියෙව්වට පස්සේ.)
ළමා මනස තේරුම් ගන්න එක හරිම අමාරු වැඩක්.ඒත් අමාරුවෙන් හරි කළොත්,ලොකු ජයග්රහණයක් ..
උපුටා ගැනීම: Manel Mangalika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!