මොකද හිතෙන්නේ..
විවාහ වී හැත්තෑ පස්වන සංවත්සරය සමරන සමරපාල මහතා සහ මහත්මියට ගමේ වැඩිහිටියන් විසින් සමරු උත්සවයක් සූදානම් කර තිබුණි.
විවාහ වී වසරකින් දෙකකින් සුළු සුළු ප්රශ්න මත තම පවුල් ජීවිත අවුල් කරගන්නා නූතන තරුණ තරුණියන්ට ආදර්ශයක් වන ලෙස මෙම උත්සවය සංවිධානය කළ යුතු බව සංවිධායක කමිටුව තීරණය කර තිබුණි..
විශේෂයෙන්ම ප්රවීණ ජනමාධ්යවේදියකු යොදවා එම දෙපළ සමග සමග විවාහ ජීවිතය සාර්ථක වූයේ කෙසේද යන්න පිළිබඳව පිළිබඳ සංවාදයක් පැවැත්වීමද එහි එක් අංගයකි.
නියමිත දින උත්සවය ඇරඹුණි.
වයසක සමරපාල ජෝඩුව අනෙක් අයගේ සහායෙන් වේදිකාව මතට නංවා සමරු තිළිණ ආදිය පිරිනමා ඔවුන්ගේ ගුණ කථන ද සිදුකොට අවසානයේ දී සාකච්ඡා වාරයට එළඹුණි.
ප්රවීණ මාධ්යවේදියා තමන් සොයා ගත් පොතපත දැනුම ද ඇසුරු කොටගෙන එකිනෙකාට ගරු කිරීම තුලින් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යා හැකි බව ප්රකාශ කරමින් වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාම අරමුණු කරමින් සභාව අළුත් මානයකට ගෙන යාමට සමරපාල මහතාට සහ මහත්මියට පෑනක් සහ කොළ කැබැල්ල බැගින් ලබා දුන්නේ ය.
වර්තමානයේ ඉතා සුළු ප්රශ්න වලට පවා දැන් විලාසිතාව වී ඇත්තේ දික්කසාද යයි. මේ වසර හැත්තෑ පහක කාලය තුළ ඔබ දෙපලටත් එවැනි සුළු සුළු ගැටලු උද්ගත වන්නට ඇතැයි අපි සිතමු.
එවැනි අවස්ථාවලදී ඔබ දෙපලට දික්කසාදය පිළිබඳ සිතූනු අවස්ථා ඇති ද යන්න කරුණාකර ඔබ දෙදෙනා වෙත ලබාදී ඇති කොළ කැබැලි දෙකේ සටහන් කර මා වෙත ලබා දෙන්න.
යනුවෙන් ඉල්ලීමක් කළේය
සමරපාල ජෝඩුව එකිනෙකාට නොපෙනෙන ලෙස තම සටහන් නිවේදකයාට ලියා දුනි.
අප දෙදෙනා අතර ප්රශ්න ඇති වූ විට කිසි දිනෙක දික්කසාදයක් පිළිබඳව නොසිතූනු නමුත් මිනීමැරුමක් පිළිබඳව නම් සිතූනු වාර අනන්තය.
යනුවෙන් දෙදෙනාම ලියා තිබුණි.
උපුටා ගැනීම: Saliya Ratnayaka