මේ පළවැනි පොටෝ එකේ තියෙන්නේ රෝම කොලෝසියම. දෙවැනි පොටෝ එකේ තියෙන්නේ තැරි දාර පුන්නක්කු සයිනෝපාම් බෛයෝ දාන පෝස්ට් එකක්.
ක්රිස්තු වර්ෂ 70-72 කාලයේදී රෝම කොලෝසියම හැදුවේ ෆ්ලාවියාන් රජ පෙළපතට අයත් වෙස්පාසියන් කියන රෝම අධිරාජයා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඔච්චරයි.
ඉතාලිය කියන්නේ ලෝකේ දියුණු වගේම ධනවත් රටක්. අපි වගේ බංගලිදේශයෙනුත් ණය අරගෙන පීචං වෙච්චි රටක් නෙමෙයි. ඉතාලි ආණ්ඩුවට ඕනේ නම් මේ කොලෝසියම ආපහු තිබුණු විදිහට හදන්න පුලුවන්. එහෙමත් නැතිනම් එක යූරෝ එකක්වත් ණයට ගන්නේ නැතිව මේක බිමට සමතලා කරලා අලුතින්ම කොලෝසියම් 10 ක් හදන්න පුලුවන්. ඒත් ඒ ආණ්ඩු එහෙම කරන්නේ නැහැ. මොකද මේවායේ තියෙන පුරාවිද්යා වටිනාකම ඒ අය දන්නවා.
ඒ වගේම ඉතාලියේ මිනිස්සුත් ලංකාවේ බෛයෝ වගේ “හත්තිකේ මං මැරුණට පස්සේ උඹලා මේකේ මුකුත්ම කළේ නැද්ද” කියලා වෙස්පාසියන් අහනවා කියලා මරි මෝඩ පෝස්ට් දාන්නේ නැහැ. මොකද උන් දන්නවා අතීත ශ්රී විභූතිය කියන්නේ රටකට අත්යාවශ්ය දෙයක් කියලා.
ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨතම රජකෙනෙක් විදිහට සැළකෙන පරාක්රමබාහු රජතුමා ක්රිස්තු වර්ෂ 386 දී විතර තෝපා, දුමුටුලු, එරබඳු, භූ සහ කලහගල කියන ජලාශ පහ එකට එකතු කරලා තමයි පරාක්රම සමුද්රය හැදුවේ. මේ පරාක්රම සුමද්රයට වතුර අරගෙන එන ආකාස ගංඟාව කියන කියන ඇළ හැදුවේ අඹන් ගඟ අංගමැඩිල්ලේදී හරස් කරලා වේල්ලක් බැඳලා. ඔය ඇළේ පැරැණි කළු ගල් අමුණේ නටඹුන් තාමත් තියෙනවා. පෞරාණික වටිනාකමක් සහිත අංගමැඩිල්ල අමුණ සහ භූ වැවේ සොරොව්ව අතීත වාරි ඉංජිනේරුවන්ගේ හැකියාව ගැන අදටත් ඉතිරි වෙලා තියෙන ජීවමාන සාක්කි.
ඉතින් කවුරුහරි එකෙක් කියනවා නම් පරාක්රම රජතුමාගේ කාලයේ හදපු පරාක්රම සමුද්රයේ අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවා කියලා ඌ වචනයෙන් පරිසමාප්ථ අර්ථයෙන්ම බෛයෙක් තමයි.
කැත්ත උදැල්ලේ වැඩ කරන, මහ පොළොව එක්ක ඔට්ටු වෙන, හැතැක්ම ගණන් බයිසිකල් පාගන පොළොන්නරුවේ මිනිස්සුන්ට තෙල බස්ස ගන්න ජොගිං ට්රැක් එකක් ඕනේ නම් එකට දහයක් හදන්න පුලුවන් රජයේ ඉඩම් ඔය පළාතේ ඕන තරම් තියෙනවා. අන්න ඒවායේ හදන මඟුලක් හදා ගනින්. පරාක්රම සමුද්රය ඔය තියෙන විදිහට තියෙන්න දීපන්.
පුලුවන් නම් ඔය සල්ලිවලින් පානීය ජල ව්යාපෘතියක් පටන් අරන් පොලොන්නරුවේ මිනිස්සුන්ගේ වකුගඩු ටික බේරලා දීපන්. නැතිනම් පොලොන්නරුවෝ ගොවියන්ට ඕන කරන පොහොර ටික වෙලාවට දීපන්. උන් ඒ වෙනුවට අපිට කන්න බත් ටික දෙයි.
මේ යන විදිහට මුන් ගල් විහාරේ මැදිණුත් ජොගිං ට්රැක් හැදුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.
එත අතකට බුවෙනකබාහු රජතුමාගේ මඟුල් මණ්ඩප්පයට “බඩු පොට් එකක්” කියපු උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ තමයි.
