එකම අත්දැකීමක් දීර්ඝ කාලයක් තිස්සේ අත්විඳින කොට අපි ඉබේම ඒ අත්දැකීමට ඇබ්බැහි වෙනවා. අපි යුද්දේ එක්ක අවුරුදු 30 ක් ජීවත් වුණා. මේ අවුරුදු 30 ඇතුළත බලයට ආපු සහ බලයෙන් පහ වුණු ආණ්ඩු හැම එකක්ම රටේ තියෙන ප්රශ්න අමතක කෙරෙව්වේ ජනතාවට යුද්දේ පෙන්නලා.
ඒ ආණ්ඩු හැම වෙලාවෙම අපිට හතුරෙක් හදලා දුන්නා. තිස් අවුරුදු යුද්දෙදි අපේ හතුරා වුණේ දෙමළා. මේ අවුරුදු තිහේදී අපි යුද්දෙට කොච්චර ඇබ්බැහි වුණාද කිව්වොත් යුද්ධය අපේ එදිනෙදා දින චරියාවේ කොටසක් වුණා. අපි උදේට නැගිට්ට ගමන් හොයලා බැලුවේ “අද අපේ කීයක් මැරිලද? උන්ගේ කීයක් මැරිලද?” කියලා.
ඒත් මීට අවුරුදු 12 කට කලින් මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා නායකත්වයෙන් අපි අපේ සතුරව පරාජය කළා. ඒත් යුද්ධය සම්බන්ධයෙන් අපේ තිබ්බ ඇබ්බැහිය එතැනින් නැවැතුණේ නැහැ. අනෙක් අතට රටේ ප්රශ්න අමතක කරන්න පෙන්නන්න පුලුවන් හතුරෙක් නිර්මාණය කිරීමේ වුවමනාවකුත් ආණ්ඩුවට තිබ්බා. එතකොට තමන් “මුසල්මානුවා” කියන හතුරා කරළියට එන්නේ. ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි “වඳ කොත්තු”, “වඳ ජංගි” සහ “වඳ සැත්කම්” වගේ දේවල් කරළියට ආවේ.
මේ විදිහට කරළියට ආපු මුස්ලිම් සතුරා, ඔවුන්ගේ ආරම්භය දෙමළ සතුරට වඩා ම්ලේච්ඡ සහ තිරස්චීන විදිහට ගත්තා. ඒක තමයි පාස්කු ප්රහාරය. ඒත් රටේ වාසනාවට වගේ මේ මංගල ප්රහාරයේ තිබුණු ම්ලේච්ඡ සහ අහේතුක බව නිසා දෙමළ සතුරට දෙමළ සමාජයෙන් ලැබුණු සහයෝගය මුස්ලිම් සතුරට මුස්ලිම් සමාජයෙන් ලැබුණේ නැහැ. තමන්ගේ ව්යාපාර සිංහල මහ ජාතිය විසින් වර්ජනය කරයි කියලා කියන භයත් මේ සහයෝගය නොලැබී යාමට බලපෑවා.
දැන් අපිට හතුරෙක් නෑ. ඒත් යුද්දෙට ඇබ්බැහි වුණු අපිට කවුරුම හරි සතුරෙක් ඕනේ. ඉතින් අපි දැන් කරන්නේ ලෝකයේ කොහේ හරි තියෙන රටක්, අපිට කිසිම වරදක් නොකරපු තවත් රටක මිනිස්සුන්ගේ ඔලුව උඩට බෝම්බ අත් හරින කොට ඒ දිහා බලලා සතුටු වෙන එක. ඒක හරියට බ්ලූ ෆිල්ම් එකක අපි කවදාවත්ම දැකලා නැති ගෑණියෙකුයි මිනිහෙකුයි සංසර්ගයේ යෙදෙන කොට ඒ දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා වගේ වැඩක්. එතකොට අපිට පුලුවන් ඒ ගෑණි හරි මිනිහා හරි අපියි කියලා උපකල්පනය කරගෙන පොඩි මානසික වින්දනයක් ලබන්න.
යුදෙව්වෝ ලක්ෂ ගාණක් ගෑස් කාමරවල දාලා මරලා දාපු හිට්ලර් වගේ නායකයෙක් අපේ රටට ඕනෙයි කියපු අයම, අද යුදෙවුවෝ පලස්තීනයට ගහනකොට චූන් වෙන එක ගැන මට හිතෙන්නේ ඒ විදිහට.
(පොටෝ එක මේ කතාවට සම්බන්ධ නෑ…. නිකන් දැම්මේ)