මමයි රවීයි විවාහ වුණේ ජනවාරි මාසේ. ඒ, අපේ විවාහයෙන් පස්සෙ ආපු පළවෙනි සිංහල අවුරුද්ද.ඔන්න දැන් අපිට, අපිට කිව්වට රවීට ඕනි වුණා කැවුම් කොකිස් ගෙදරම හදන්න.පොඩි කාලේ ඉඳන් බණ්ඩාරගම පුංචිලාගේ ගෙදරින් අවුරුද්දට කැවුම් කොකිස් හදලා අපිටත් එක්ක එවන හින්දා කැවුම් කොකිස් හදන එක්ස්පීරියන්ස් එකක් මට තිබුණෙ නැහැ .
ඉතින් ඔන්න රවී එයාගෙ අම්මට කෝල් කරල අහගෙන කොහොමහරි මුං කැවුම් ටිකක් නං තනියම හදා ගත්තා.
දැන් කොකිස් හදන්න ඕනේ.ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි කියලා තමයි රවී නං කිව්වේ. ප්රශ්නෙ ගෙදර කොකිස් අච්චු වක් නැති එක .
ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක යනවා ටවුන් එකට කොකිස් අච්චුවක් ගන්න.
වාහන තදබදය හින්දා රවී වාහනේ ඉන්දැද්දී මම බැහැල ගියා කඩේට.
“කොකිස් අච්චු තියනවද ?”
ඔන්න දැන් මට කොකිස් අච්චුවක් දෙනවා.
“වෙන එකක් නැද්ද ?”
“ඇයි මිස් දෙකක් ගන්නද ?”
“නෑ මේක ටිකක් හෙල්ලෙනවා නේ කැඩිච්ච නැති එකක් දෙනවද?”
“හෙල්ලෙන්නෙ නැති අච්චු වලින් කොකිස් හදන්නේ කොහොමද මිස් ? මිස් පලවෙනි වතාවටද කොකිස් හදන්නේ?”
ඉතිං ලැජ්ජාවෙන් මූණ රතු කරගත්ත ඒ මිස් කොකිස් අච්චුවත් අරගෙන අඩියට දෙකට මාරු උනා ලු .
අදටත් අපේ ගෙදර කොකිස් හදන්නේ ඒ හෙල්ලෙන කොකිස් අච්චුවෙන්.
හැබැයි හදන්නේ මම නෙමේ.
හිතාගන්න පුලුවන්නෙ කවුද කියලා. ඔව් ඉතින් රවී තමා.
ස්ටාෆ් එකේ අය නම් කියන්නේ රවී අයියා හදන කොකිස් හරිම රහයි කියලා. “පව් ඒ අහිංසක මනුස්සයා”කිය කිය මම අමාරුවෙන් උස්සගෙන යන කොකිස් කාපු අයත් ස්ටාෆ් එකේ හිටියා ඒ කාලේ.
මේක ඉතිං ආදර්ශමත් කතාවක් නම් නෙවෙයි. ලැජ්ජ හිතෙන කතාවක්. ඔයිට වඩා දේවල් වෙලා තියෙන අපි දෙන්නට ඕක ඉතින් සුළු දෙයක්.
උපුටා ගැනීම: Lankika Thanthirige