ඔව් කියපන් “?
මචං මම බදුල්ලේ ඉන්නේ ගෙස්ට්ලා වගයක් ගෙනවා අම්මයි අප්පච්චියි ටවුන් එකේදී ටිපර් එකක වැදිලා වැටිලා තුවාල වෙලා හොස්පිටල් ගෙනාවා කියලා එතන කෙනෙක් කෝල් කරා
මම ආයේ ආයේ ගත්තා පෝන් එක ඕෆ් කරලා ,
උබට පොඩ්ඩක් ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න පුලුවන්ද “?
ඕක මොකක්ද බන් මට විනාඩි දහයක් දීපන් මම මේ වැඩ වගේකට ටවුමට ආපු ගමන් ඉන්නේ දැන්ම ගිහින් බලන්නම් ,
මිතුරාගෙන් ලද ඇමතුමත් සමග රෝහලට ගොස් විමසීම් කවුළුවෙන් විමසීය .
මිසී” ” “
දැන් ටිකකට කලියෙන් ටිපර් එකක වැදිලා තුවාල වෙලා ගෙනාපු”
හැට හතර වාට්ටුව “
හරි මිසී බොහොම ස්තූතියි.
තකහනියම අඩි තබමින් තට්ටු හතරකින් සමන්විත ගොඩනැගිල්ලේ තුන්වන තට්ටුව වෙතට යන විටත් මිතුරාගේ පියා වාට්ටුවට ඇතුල් වන තැන බංකුවේ ඇල වී සිටියේ .
අංකල්ව දකිනවාත් එක්කම නැවත දුරකථනය නාද උනේ මිතුරාගෙන් ය.
හෙලෝ මචං “
වාට්ටුවේ ඉන්නේ තාත්තා මෙතන ඉන්නවා
හෙලෝ” ……
ඇමතුම විසන්ධි උනේ සිංග්නල් නොමැති වීම නිසාය .
අංකල් ලගට ගොස් සුව දුක් විමසා බැලීය.
අංකල් මම පුතාගේ යාලුවෙක් ,
හා හූවක් නැතිව මං දිහා ඇස් දිහා බලලා නැවත දෙනෙත් අඩවන් කරගන්නට උනේ තවමත් වැටුනු වේදනාව ඇති නිසා වෙන්න ඇති ,
එහෙම්ම ම වාට්ටුවට ගොඩ වීමට යාමේදී එතැන සිටි ආරක්ෂක නිළධාරියා මා නැවැත්වීය .
දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි “
කිසිවක් නොකියා එතැනින් පැමිණියේ ඇතුල් වල තැනට මෙහායි ඇති කොරිඩෝවෙන් ගොස් නැවත වාට්ටු සංකීර්ණයට ඇතුල් විය හැකි බව හොදවාකාරයෙන්ම දන්නා නිසාය .
කොරිඩෝවෙන් පැමිණි පසු පළමුව ප්රථිකාර පසු කර දෙවනුව වාට්ටු සංකීර්ණයට ඇතුල් විය හැකිය .
නමුත් ප්රථිකාර කාමරයේ දොර රෙද්ද ඇද තිබූ අතර එහි වීදුරු දොර මදක් සුලඟට ඇරෙමින් වැහෙමින් තිබු නිසාවෙන් එයින්ද වාට්ටු වෙතට ඇතුල් විය හැකි නිසා කාමරයට ගොඩ විය.
කාමරයට ඇතුල් වනවාත් සමග දොරෙන් ඇතුලට ආපු හුලං පාරට ඉදිරියෙන් තිබූ ටොලියේ සුදු රෙද්ද බිමට බර වී යන සැනෙකින් නැමී එය අල්ලා නැවත ට්රොලියට දැමීමට සූදානම් වන විට දැක්කේ ට්රොලිය මත හිස කුඩු වී මිය ගිය කාන්තා සිරුරකි,
මදක් හිත ගැස්සී ගිය අතර ඉන් නොනැවතුනු දෑස් මලසිරුර ඇදන් සිටි ඇදුම දෙස බලන්නට විය .
එය බතින් චීත්තයක් හා හැට්ටයකි ,
දෙයියනේ “
” ඔව් බන් අපේ අම්මා බතික් චීත්තේ
හැට්ටෙයි විතරමයි අදින්නේ
කිව්වට වැඩක් නෑ බන් දැන්
පුරුද්දකට ගිහින් “
මතකය හාරවුසන්නට උනේ දිනක් මිතුරාගේ නිවසේ සාදයක් අතර තුර ඔහුගේ මව ගැන කියූ වර්ණනාවය
මේ බතික් ඇදුමක් නේද “
දෙවියනේ “……………………………….
මූණ හදුනාගත නොහැකි තත්වයට තැලී ඔලු කට්ට පුපුරා ඇත .
පියවර කිහිපයක් පිටුපසට පැමිණ බිත්තියට හේත්තු විය.
බිත්තිය දිගේ රූටා විත් බිම වාඩි විය .
සැනෙකින් නැවත දුරකථනය නාද විය.
ඒ මිතුරාගෙන් ය.
අතට ගත් දුරකථනය දෙයතම යොදා අල්ලාගන්නට සිදු උනේ ඒ තරමට දෑත් වෙල්ලන නිසාවෙනි නමුත් දුරකථනය බිම වැටුනි නැවත ඇහිදාගෙන දෙයතද තබා දන ගාමින් දොරෙන් එලියට විත් කොරිඩෝවට පැමිණියේ නැගිට ගැනීම සදහා අත් උදව්වට බීරළු වැට අල්ලා ගැනීමටය
නමුත් බීරළු වැට අල්ලනවාත් එක්කම නැවත
හ් හ් හ්රාර් …….
එතැනම වමනය දෙවරක් ගිය අතර කමිසය උරහිසින් කට පිහදාගෙන නැවත බීරළු වැට ආධාරයෙන් නැගිට දුරකථනය ඇමතීය.
” මචං කිසි අවුලක් නෑ අම්මා අප්පච්චි දෙන්නම හොදින් . පෝන් ඇතුලට අරන් යන්ඩ දෙන්නේ නෑ ,
එහෙමද බන් මොකද වෙලා තියෙන්නේ “?
ටිපර් එක ඕව ටේක් කරණකොට හැඩල් එකේ වැදිලා පාරෙන් එලිය පැත්තට වැටිලා අම්ම විසි උනු පාර නලල වැදිලා ටිකක් තුවාල වෙලා “
අප්පච්චිගේනම් දනිස්ස ඇනිලා වගේ තැල්ම තියෙන්නේ “
උබ කලබලයක් නෑ හෙමින් වරෙන් මම ඕන දේවල් ටික මෙහෙන් ගෙනෙත් දෙන්නම් ,
ආ එහෙමද බන් මම පට්ට බයෙන් හිටියේ අඩුම පෝන් එක ආන්සර් කරන්ඩවත් එකෙන් නෑනේ බන් ,
මම 120 විතර එලෙව්වේ දඩේකුත් කෑවා බන්,
එකනේ එහෙම කලබලයක් නෑ හවස බලන්ඩ දෙනකොට මම කෝල් එකක් අරන් දෙන්නම් ,
ඔව් හවස් වෙනකොට මට එන්ඩ පුලුවන් වෙයි දැන් මහියංගනයේ ඉන්නේ “…..
කොතරම් අධෛර්යමත් උනත් එවලේ ඌට බොරු කියනවා ඇර වෙන විකල්පයක් ගැන මට මතක් උනේ නෑ ,
පැය බාගෙන් බාගෙට කෝල් කර කර අහනවා
ඒ අප්පච්චිට වත් නාඩිය පෝන් එක දෙන්න බැරි වෙයිද බන් “?
අහන හැම පාරකම මොකාක් හරි බොරුවක් කියලා කලබලයක් නෑ හෙමිහිට වරෙන් “
අවසානයේ සවස් වන විට මිතුරා රෝහලට පැමිණියා ,
ඒ වන විටත් මවගේ දේහය මල්ශාලාවට ගෙන ගොස් එහි වැඩ කටයුතු නිම වෙමින් පැවති අතර අංකල් තවමත් සිටින්නේ මේ කිසිවක් ගලපා ගත් නොහැකි තැනය.
මිතුරා එකවරම පැමිණීමත් සමග ඔහට කෙසේ මේ ගැන පහදා දෙන්නද කියලා හිතා ගන්න බැරුව ගියත් රෝහලට ඇතුල් වන තැනදී පැමිණ සිටි වැඩිහිටියෙක් ඔහුට සිදු වි ඇති සියල්ල පවසා ඇත
දිරියට පැමිණි මිතුරා අත මිටි මොලවා මුගුරකින් පහර දෙන්නා වගේ මා හට පහර පිට පහර එල්ල කරේ “
තෝ බල්ලා ඇයි මට බොරු කිව්වේ කියපන් ,
තෝ ගෙරි බල්ලා ඇයි යකෝ මටම බොරු කිව්වේ “
පහර කිහිපයක් ගසා ඔහුම අඩමින් තම පියා අසලට ගියේය.
කිසිවක් නොකර මා රෝහලෙන් පිටත්ව ගිය අතර නැවත ඔහුගේ මවගේ මලගමත් හත්දවසේ දානයත් පසු කර නිවසට ගිය අතර
ගෙට ඇතුල් වී මවගේ පින්තූරයට වැද නමස්කාර කරේ නිවසේ කිසිවෙකුගේවත් අවසරයක් නොමැතිව ,
ඇයි උබ ආවේ “?
මිතුරා මගෙන් විමසීය.
කිසිවක් නොකර ඔහුගේ පැත්තට හැරී දෑස් දෙස එක එල්ලේ බලාන සිටින්නට විය.
තත්පර කිහිපයක් මදෙස බලා සිටි මිතුරා එකවරම මා වත්තම් කර ගනිමින් ඉකි ගසා හඩන්නට විය .
අඩෝ එදා උබ බැරි වෙලාවත් මට ඇත්ත කිව්වානම් මම එන වාහනේම හැප්පිලා අම්මා ගිය තැනටම ගිහින් ඉන්න තිබුනා .
කිසිවක් නොකියා බයිසිකලයට ගොඩ වැදී ඒමට සූදානම්ව නැවත මිතුරා අමතා “
“උබලගේ අම්මම තමයි
මට එහෙම කියන්න කිව්වේ “
ඇත්තටම එදා ඒ වෙලාවේ මට ඇතිවුනු තත්වයත් එක්ක එවැනි දෙයක් මිතුරාට පැවසීමට තරම් කල්පනාවක් නොවුනත් එදා දවස කවුරුන් හෝ මාව ඒ විදිහට මෙහෙයවපු බවනම් මට හොදටම විස්වාසයි.
කාලයත් සමග තවත් දෑස් පියවෙන මොහොතක් පාසා මව ට්රොලිය මත හිස් කබල පුපුරා සිටි ඇති ආකාරය සිහිවන අතර ඒදා පටන් කවුරුන් හෝ ඇමතුමක් ලැබී ,
helloo කියනකොටත් තවමත් හොද නොවනා හිසේ කැක්කුමකට මා ගොඳුරු වනවාය.
උපුටා ගැනීම: Ajith Kumara Kbva