හෙර.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එයත් නිවාඩුවක් ලැබුන සෙනසුරා දිනයක් විය.අතිශය කාර්යබහුල ඔෆිසියට නොයෑමේ චිත්තප්රිතියෙන් මම නාන කාමරේ දිය නාමින් සිටියෙම්..මගේ ගීත ගායන හැකියාවන් එලියට එන අවස්ථාවකි මේ..
“කාමරේ මුලු පුරා නෙක සලුපිලි තනි වෙලා”
ගීයේ මැද කොටසින් පටන් ගත් විටම ඉතිරි පද ටික කාමරයෙන් ඇසිනි.
“ඔව් ඉතින් නිවාඩු දවසක හරි සලුපිලි අස් කරනවානම් මෙහෙම හැඩි වෙන්නෙ නෑනෙ .අනේ මන්දා ඇදුම් ටිකත් මම ම පැක් කරන්න ඕනේ”
අමන්දා උච්ච ස්වරයෙන්ම ගීය ගයා අවසන් කාලාය..
තුවාය දවටාගෙන විගස ආවෙමි .ගමන් මලු දෙකම ලැහැස්තිය..මම ඇයව ආදරයෙන් සිප ගතිමි.
“සොරි පැටියෝ..මං හින්දා හරි කරදරේ නේ”
“කරදරයි කියලා දැන් දාලා යන්ඩ බෑනේ.ඕන්න සේරම ඇදුම් ලෑස්ති .මට නම් යන්න බෑ වගේ අනූජ.”
“හැම්දාම ඉතින් බයේ ඉදලා බෑනේ අමා..”
අමන්දා මගේ බිරියයි..ඇයට අම්මා අකැමැති වූයේ කුමක් නිසාද මම නොදනිමි..ඇය පියකරුය.යහපත්ය.සේරටම වඩා මා හට ආදරේය..මා පව්ලේ එකම පුතු වීමත් වංශවත් පව්ල් පමනක් අම්මාට හා අක්කාට දිරවීමත් මෙයට හේතුය.මදිවාට අප දෙදෙනා පෙම්වතුන් වී සිටියේ වසර ගණනාවක සිටය…
මගේ මස්සිනා ගේ නංගිගේ විවාහ උත්සවය සදහා අපට ආරාධනා ලැබිනි.එ සදහා දින දෙකකට පෙර නුවර එන ලෙස අම්මා මට ආරාධනා කලේ නොකර බැරිකමට බව අප දෙදෙනාම දැන සිටියෙමු.අමන්දා නෑයන් එක් රැස් වන ස්ථාන හැකිතාක් මග හැරියාය.විශේෂයෙන් ඔවුන්ගේ පුරසාරම් අසා සිටීම කාලය කා දැමීමක් බව ඇය කීය.
.
කෙසේ හෝ දුම්රියෙන් අප නුවරට සේන්දු වීම්.වැව රවුමේ මා අමන්දා ගේ අත අල්ලාගෙන එහි සිරි නැරඹුවෙමි.
නුවර නිවස පැරනි නමුත් තේජාන්විත ය.අක්කාගේ පොඩි පුතු මා දැක වහා දිව ආවේය..අමන්දා කැමති එකම ජීවියා ද ඔහුය.
“තූති බාප්පේ” කියා ඔහු තදින් මා බදා ගත්තේය..නිවසට යන විට අම්මාත් අක්කාත් බර කතාවකය..ශුවර් එකටම කාගේ හෝ ඇදුමක් සෝදන බවක් පෙනෙන්නට තිබිනි..මාත් අමන්දාත් ඇතුලු වූ විගසම ඔවුහු කතාව නවතා අප පිලිගත්හ.
“එන්න පුතේ..කොහොමද ඉතින්..කෙට්ටුත් වෙලා වගේ”අම්මා කීවාය .
“කඩෙන්ම නේ කන්නේ..ඉතින් කෙට්ටු නොවි තියෙයි යෑ”අක්කා අත්වැල් ගායනය ඇරඹීය..
“ඇයි කාර් එකේ ආවේ නැත්තෙ? ” අක්කාගෙන් තවත් පැනයකි.
“ට්රේන් එක හොදයි අක්කා”
“සැපට ඉන්න තිබිලත් ඉන්න දන්නේ නැ “
“මහන්සි අම්මේ..කන්න මොනාද තියෙන්නේ”මම කීවේ ඈ හා වාදයට යෑම කාලය කෑමක් බව දන්නා නිසාමය.
“කාමරේ ලෑස්ති කරලා තියෙන්නේ.දුවත් එක්ක ගිහින් ඇග එහෙම හෝදගෙනම එන්නකො.”
බොහෝ වෙලාවකට පසු අමන්දා ඇමතු අම්මා කීවාය.
……………………………
වෙඩින් එක සදහා අමන්දා තෝරාගෙන තිබුනේ වැඩ දමා පබළු ඇල්ලු රත්රං පැහැ සාරියකි..ආභරණ පැලදීමට ඇය රුසියෙක් නොවීය.නමුත් මේ වෙඩිම සදහා ඇය ආභරණ ගෙනවිත් තිබුනාය..
“නැත්තන් ඔයාගේ පිස්සු නෑයො ටික සුදු පුතාට හම්බුන මනමාලිට මාල කට්ටක්වත් නැ කියලා හූල්ලලා අඩයි නේ” ඇය කීවෙ සිනාසෙමින් ය.
අම්මාද ඔසරිය ඇද නියම උඩරට මැනිකේ සේ සැරසී සිටියාය.සියල්ලන්ම යාමට සූදානම් වුවද ඇය එන පාටක් නැත.මම කාමරයට එබිකම් කර බැලුවෙමි.
“අම්මේ දැන් නම් පරක්කු වෙලා .ඉක්මනට එනවද “
“පුතේ මගේ කරමාලේ නැති වෙලානෙ “
“ඉතින් වෙන එකක් දාගෙන එන්නකො .එක මාලෙද අම්මට තියෙන්නෙ”
“මගේ මගුලට හම්බෙච්ච මාලේ.උඹට අගේ නැති උනාට.ඊයේ පෙරේදා ගෙට රිංගපු එකෙක් ගත්තද දන්නේ නෑනේ.”
.
මේ කියවන්නේ අමන්දා ගැන යැයි සිහිවී මට දැනුනේ දැඩි කෝපයකි.
“අම්මා අමන්දා ට ඔහොම කතා කරන්න එපා.හොරකම් කරන්න තරම් අහේනියක් මටවත් අමන්දටවත් නෑ.අම්මට ඕන නම් මන් බෑග් එක ගෙනත් පෙන්නන්නම් ..මේ වලව්වට අපි එන අන්තිම වතාවත් මේක කියලා මතක තියා ගන්න.”
මම උස් හඩින් කතා කරනු ඇසී සියල්ලන්ම එතැනට රැස් වූහ.
“අමන්දා ඔයාගේ පර්ස් එක මට දෙන්න”
ඇය සෙරක නොවන බව මම හොදින් දනිමි..පර්සය ඇර බැලුවෙමි..එහි ඇගේ ලේන්සුව හැරෙන්නට යමක් නොවිනු.ඇගේ ඇදුම් බෑගයද ඇරියෙමි.එහිද කිසිවක් නැතිබව මම දනිමි…නමුත් එහි මාලයක් විය ..එය අම්මාගෙ මාලයයි..
“ඔය තියෙන්නේ මාලෙ.මං උබට කිව්වා නේද පුතේ.වදපු අම්මව සැකයි උබට ගෑනි හොදයි”.
“අම්මේ බොරුවට කලබල වෙන්න එපා.දැන් මාලේ හම්බුනානේ.තවත් පරක්කු නොවී යමු”
අමන්දා ගේ සුන්දර මුහුන දුකෙන් පිරීඇත.මෙය කවුරුන් හෝ සිතා මතා කල දෙයක් බව මම දනිමි.
“යන්තම් අහුවුනා.වෙන මොනා මොනා හොරකම් කරන් යයිද දන්නේ නෑ”
අක්කා එසේ කියන විටදීම දරුවා හඩනු ඇසීනි..
“අනේ ඇයි පුතේ..මොකද මේ අඩන්නේ .”
“අම්මේ මංආච්චිගේ මාලේ හැංගුවා තූති බාප්පගේ කාමරේ .දැන් දාපු තැන මතක නෑ”
අමන්දා ගේ මුහුන එලිය වැටීමත් අක්කාගේ මුහුන කලු වනවාත් මා පස්වනක් ප්රීතියෙන් බලා සිටියෙමි.
උපුටා ගැනීම:  Fazmee fareed

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!