එක්සත් ජනපදය හරහා දිගින් දිගටම හමා යන ප්රචණ්ඩ හිම කුණාටු හේතුවෙන් සුප්රකට නයගරා දිය ඇල්ලෙන් කොටසක් හිම බවට පත්වුණා. නිව්යෝර්ක් ප්රාන්තයේ උෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ 2 දක්වා (සෙල්සියස් අංශක ඍණ 18) පහළ වැටීමත් සමගම නයගරා දිය ඇල්ලේ ඉහළ කොටස මෙළෙස හිම බවට පත්වූ අතර, අධික සීතලද නොතකා සංචාරකයන් දිය ඇල්ල නැරඹීමට පැමිණෙනවා.
අධික සීතල හේතුවෙන් මිදුණු විශාල අයිස් කැබැලි ජලය මත පාවීමත්, අයිස් කුට්ටි මතට හිරු එළිය පතිත වීමෙන් අහස් කුස මත දේදුණු නිර්මාණය වීමත් නිසා ඇල්ල පිහිටි ප්රදේශයේ සුන්දරත්වය තවත් වැඩි වෙලා.
අවසන් වරට නයගරා දිය ඇල්ල මේ විදිහට හිමෙන් වැසී ගියේ 2017 අවුරුද්දෙ. ඒ අවුරුදේ ඇතිවූ හිමපතනය හේතුවෙන් දිය ඇල්ල සහ අවට ප්රදේශය අඟල් 22 ක හිම පතනයකින් වැහිලා ගියා.