











මොන තරම් දියුණු පේන් කිලර්ස් හොයාගත්තත් ”හිනාව ” තරම් පොසිටිව් සයිඩ් එෆෙක්ට් තියන වේදනා නාශකයක් ලෝකෙ කොහෙවත් නැහැ ,
හිනා වෙන්න හිතෙන්නෙම නැති දරාගන්නම බැරි අමාරු මොහොතකත් කිචි කවාගෙන හරි හිනා වෙලා බලන්න ,ලොකු බරක් නිදහස් වෙලා අමුතුම සැහැල්ලුවක් දැනෙයි .
ආදරණීය මිනිස්සුන්ට , ආදරයෙන් හිනාවෙන්න ,ඒ සබඳතා තවත් පුළුල් වෙයි , ඉහලින් සිටින අයට වඩා ඔබට පහලින් සිටින අයට දයාබරව හිනා වෙන්න , ඒ ජීවිත වලට හොඳ මෝටිවේෂන් එකක් වගේම ඔබට සතුටක් ලැබෙයි ,
ජයග්රහණය කරපු අවස්ථාවල හිනා නොවුනත් කමක් නෑ , පරාජය වෙච්ච හැම වෙලේම කට පුරෝලා හිනාවෙන්න, ජයග්රාහකයාට වඩා පරාජිත ඔබට ස්වයන් තෘප්තියක් දැනෙයි ,
ඒ වගේම ,
ඇහැට පේන්න බැරි , දැක්කම පිහියෙන් අනින්න හිතෙන පජාත තරහ කාරයෙක් දැක්කම අමුතුවෙන් වයිර කරන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ , ඇස් දිහා බලලා හිනා වෙන්න , පිහි දහයකින් ඇන්නා වගේ වේදනාවක් ඒ ඇස් වලින් බේරෙයි.
සතුටෙදිත් , දුකේදීත් , කරන්නම දෙයක් නැති වෙලාවකදීත් , කරන්න ඕන මොකක්ද කියල නොත්රෙන වෙලාවෙදිත් ,වැඩිපුර නොහිතා හිනා වෙන්න ,රවන ඔරවන වට වඩා ඉතාම අඩු මාංශ පේශී ගණනක් වැයවන හිනාව නිසා ඔබට ලැබෙන කායික මානසික ප්රතිලාභ ඔබ හිතනවට වඩා බොහොම වැඩියි .
මූණට ඔරවලා, ගියාට පස්සේ හිනා වෙන බහුතරයක් අතර ඔබ හැමෝටම මූණට හිනාවෙන කෙනෙක් වෙන්න ,
බොහෝ අය නොදන්නවා උනාට හිනාව කියන්නෙ මැජික් ඉනාවක් , කැමති අයව නිවාලන්න වගේම අකමැති අයව දවාලන්නත් එක හිනාවකට පුළුවන් ,
දවස් 25000 ක විතර උපරිමයක් විතරක් තියන මේ කෙටි ජීවිත කාලෙදි එක එකාට ඔරවලා , අපේ ලේ පුච්චගන්නෙ මොකටද ,දත් තියනකන් හිනාවෙන්න, දත් හැලුනම ලොම්බෙන් හරි හිනාවෙන්න,
දැන් මාස්ක් දාන නිසා හිනා උනාට වැඩක් නෑ, පේන්නේ නැහැ කියන්න ලෑස්ති වෙන්න එපා, හිනාව මූණෙන් පෙනුනට ඇස්වල තමයි ලියවෙන්නෙ, ඒ නිසා මාස්ක් දාගෙන හරි
හැමෝටම හැමවෙලාවකම හිනා වෙලා ඉන්න ,
මොකද හිනා වෙන්න පුරුදු වෙච්ච මිනිස්සු මැරුණත් අඬන්නෙ නම් නැහැ .
උපුටා ගැනුනකි
මූලාශ්රය: බට්ටා