හිනාවෙන්න (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔයා හිතනවද හිනාව තරම් ලස්සන වටින වෙන ආභරණයක් මේ ලෝකෙ කොහේ හරි තියෙනවා කියල, මම නම් හිතන්නෙ නෑ, ඒක තමයි මං දන්න සුන්දරම දේ ඕනම කෙනෙක්ගෙ… ☺️
ඇයි සමහර ලස්සන අදින පළදින අය උණත් ඒ හැටි ලස්සනට නොපෙනෙන්නෙ, ඒ අයගෙ හිනාවක් නෑ, තිබ්බත් ඒකෙ ඇතුළෙ හැගීමක් නෑ නිකන් මවාපෑමක් කියල දැනෙනව බහුතරයකට, ඔයාගෙ හිනාව බොරුද ඇත්තද කියල තේරුම්ගන්න අවුරුදු ගාණක් මිනිස්සු එක්ක ජීවත්වුන කෙනෙකුට අමාරු නෑ අනේ..
ජීවිතය කියන්නෙ අපේ හිනාව අපිට අමතක වෙන තැනක් තමයි, ඒ එන අභියෝග එක්ක හිනාවෙනව තියා මූණ දීගන්නෙ බොහොම අමාරුවෙන් කියල මම දන්නවා, හැබැයි ඔයා හිනාවෙලා මූණ දුන්නොත් අභියෝගෙ උණත් ටිකක් හිතේ සතුටින් මුහුණදෙන්න ඒක හයියක් වෙයි..
ඇත්තටම හිනාවෙන්න ලොකු ලොකු හේතු ඕනෙ නෑ, අද අලුත් මාසයක්නෙ කියල හිනාවෙන්න පුළුවන්, අද මම චුට්ටක් කලින් නැගිටල කියල හිනාවෙන්න පුළුවන්, අද තේ එක මරුනෙ කියල හිනාවෙන්න පුළුවන්, අද ලයික් වැඩිපුර ආව කියල හිනාවෙන්න පුළුවන්, නත්තල් එනව කියල හිනාවෙන්න පුළුවන්, අලුත් අවුරුද්දක් එනව කියල හිනාවෙන්න පුළුවන්, මේ මොකක් නැතත් තාම පණපිටින් ඉන්නවා කියල හරි හිනාවෙන්න පුළුවන් අනේ… 🤗
අදට විතරක් උත්සාහ කරල බලන්න, ඔයා හිනාවෙනකොට ලස්සන නෑ කියල කවුරුහරි කියුවොත් ආයෙ හිනාවෙන්නම එපා, හැබැයි මුලින් හිනාවෙලා බලන්න ඇත්තටම කොහොමද කියලා, ඔයා හිනාවෙනවා නම් ඔයාව දකින ආගන්තුකයෙක් උණත් ඔයා එක්ක හිනාවෙන්න පසුබට වෙන්නෙ නෑ… ☺️☺️☺️
ඔයා හිනාවෙනව නම් ඔයාගෙ ඇදුම කොහොමද, ඔයාගෙ මූණ ඇදද, ඔයාගෙ දත් නැද්ද කියල කවුරුත් බලන්නෙ නෑ… ❤️❤️❤️
– සුදේශ් –
උපුටා ගැනීම : Sudesh Tharanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!