හිරගෙදර අත්දැකීමක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාලෙකින් ලියන්න බැරිවුනා.මම වැඩ කරන්නෙ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ.මගේ මුල් පත්වීම මීගමුව බන්ධනාගාරයට 2009දි.මේක මම එහෙදි මුහුන දුන්න අත්දැකීමක්. මම ගිහිං මාස හතරක් විතර යද්දි නිලධාරි ආපන ශාලාවේ රාජකාරි සදහා යොමුවුනා.මේ ආපනශාලාව පිහිටලා තිබුනෙ එක් පැත්තක් ගමේ අයටත් කෑම ගන්න පුලුවන් විදිහට ගමේ පාර අයිනෙන්.එලියෙන් එන ගමේ අයට කෑම ගන්න වෙනම පොඩි කොටසක් පාර පැත්තට වෙන්න වෙන් කරලා තිබුනා.මෙතනට එන ගෑනු කෙනෙක් හිටියා .පද්මිනි කියලා.උදේට කාලා යනවා.හවසට එන්නෙ හොදටම බීලා.ඒ ඇවිත් කාලා යනවා.ඒ යන ගමන් පාර දිගට කෑ ගහගෙන යන්නෙ.මේ ගැනු කෙනා මේ ගමෙත් නෙවෙයි.සාමාන්ය ව්යවහාරයෙන් කිව්වොත් පිස්සු ගැනු කෙනෙක් කියලා තමයි මෙයාව හදුන්වන්නෙ කට්ටියම. කොන්ඩෙ කොටට කැරලි ගැහුනු වයස 50ක විතර කෙනෙක්.
කාලයක් යද්දි මෙයා උදේට ආවහම මාත් එක්ක කතා කරන මට්ටමට සුහද වුනා.කරවල වාඩිවල මොනවහරි වැඩ කරලා සල්ලි හොයාගෙන බොන එක තමයි කරන්නෙ.පෙලක් වෙලාවට සල්ලි නැති උනහම ඇවිත් ණයට කාලත් යනවා මම ඉන්න වෙලාවට.අවුරුද්දකින් විතර මම ආපන ශාලාවෙ රාජකාරියෙන් ඉවත් වෙලා වෙනත් රාජකාරි සදහා යොමු වුනා.
මම ආපන ශාලාවට යොමු කරපු අනිත් කෙනාටත් කියලා තිබුනා.පද්මිනි ඇවිත් ණයට කෑම ඉල්ලුවොත් මගේ ගානට දාලා දෙන්න කියලත්.හැබැයි මෙයා අතේ සල්ලි නැති උනොත් විතරයි ණයට කන්නෙ.බොරු කරන්නෙත් නැ.මාසෙට සාමාන්යයෙන් මගේ නමට කැම 10අඩු ගානක් තමයි ගන්නෙත්.
මම ආපන ශාලාවෙ නැති නිසාමෙයා බිලා හවසට අපේ බැරැක්කෙ ලගින් යද්දි මගේ නම කියලා මාව අහනව අනිත් නිලධාරින්ගෙන් කෝ කියලත්.බැරැක්කෙ තියෙන්නෙත් ගමේ පාරට මුහුනලා.මම ඒ වෙලාව⁣ට ලගට ගිහිං කියනවා.කැගහන්නේ නැතුව යන්න කියලා .එතකොට යනවා.සමහර අවස්ථාවලදි මෙයා අපේ නිලධාරින්ටත් බනිනවා .නිලධාරි විහිලු කරහම.මම සාමානයෙන් මෙවගේ අයට විහිලු කරන්නෙ නැ.නොබිඋදේ ඉන්න වෙලාවට බොන්න එපා කියලත් මම කියලා තියෙනවා .ඒ වෙලාවට හිනා වෙලා රෑට ඔගොල්ලෙත් බොන්නෙ කියලා යනවා.
එක දවසක් හවස තුනට විතර බැරැක්කෙ ගේට්ටුව ලගට වෙලා මෙයා හොදටම බීලා ඇවිත් මගේ නම කියලා කැ ගහනවා .මම සද්දෙ ඇහිලා ගිහිං බැලුවහම මහත්තයෝ කියාගෙන බිම වාඩි වෙලා අඩන්න ගත්තා .මම ඇහුවා ඇයි මොකද කියලා.මෙයා ඊට පස්සෙ මේ ටික අහගනින් මහත්තයෝ කියලා එයාගේ ජීවන අත්දැකීම කියන්න ගත්තා.මෙයාගෙ ගෙවල් අනුරධපුර පැත්තෙ.අයියයි මෙයයි විතරයි පවුලෙ තාත්තා පොඩි කාලෙ නැති වෙලා.අම්මා වෙන කසාදයක් කරගෙන.දවසක් බාප්පා මෙයාව දුෂණය කරලා මේක දැනගත්ත අයියා බාප්පව මරලා.ඒ සිද්ධියෙන් පස්සෙ මෙයාව ලමා නිවාසෙකට බාරදිලා.සිද්දිය වෙද්දි අවුරුදු 12ක් හරි 13ක් හරි කියලා කිව්වෙ.මෙයා ලමා නිවාසෙ කාලයක් ඉද්දි එක දවසක් මෙයාව බලන්න අයියා ඇවිත් කිව්වලු නඩුවෙ තීන්දුව ලගදි දෙනවා.මම ඊට කලින් වහ බීලා මැරෙනවා කියලා .අයියා වහ බීලා මැරුනා කියලා කිව්වා.අයියගේ මුහුන උබේ මුහුන වගේ මහත්තතයෝ ඒකයි උබව බලන්න මං එන්නෙ කිව්වා.මම එවෙලෙ එයාගෙ හිත හැදෙන්න මොනවහරි කියලා එයාව පිටත් කලා.මෙයා කියපු කතාව ඇත්ත බොරුව මම දන්නෙ නැ.මම මිගමුවෙන් 2015 ආවා .ඇවිත් කාලයක් යනකනුත් මගේ නම කියලා මාව අහනවා කියලත් මගේ යාලුවෝ කියනවා මාව හම්බ උනහම.පස්සෙ ආරංචි උනා 2018 මෙයා මැරුනා කියලත්.අදටත් පාරෙදි මේ වගේ ගැනු කෙනෙක් දැක්කහම මට හිතෙන්නෙ මේ අය ඇතුලෙ ඒ තත්ත්වෙට පත් වෙන්න මොකක්හරි දුක්බර සිද්ධියක් ඇති කියලා.
උපුටා ගැනීම: Chandana Bandara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!