1978 වසරේ ජුලි 13 දින විද්යාඥ ඇනටොලි බ’ගොස්කිට ඉරණම් දිනයක් විය. ඔහු සේවයේ නියුතු විද්යායතනයේ හදිසි ගැටළුවක් පැන නැගුණි. පෙර පරීක්ෂණයකදී නිවා දැමූ අනතුරු හඟවන සංඥා එළි නැවත ක්රියාත්මක කර නොතිබුණි. ත්වරකය ක්රියාත්මක බැව් නොදත් ඔහු තීව්ර ප්රෝටෝන කදම්බයක් ඇති නාලිකාවට හිස දැමීය. අදෘශ්යමාන ප්රෝටෝන කදම්බය හිස විනිවිද ගියද වේදනාවක් නොදැනුණි. ජර්නලයක වාර්තා තැබූ ඔහු නික්මුණේය. මුහුණේ වම්පස ඉදිමෙන්නට පටන්ගත් ඔහුට භයානක රෝගලක්ෂණ පහළ විය. නිදි නැති රැයකින් පසු ඔහු විකිරණ විෂ වූවන් සඳහා වූ සායනයකට ගියේය.
රේඩියන් 400ක විකිරණයක් මිනිසෙක් නැසීමට ප්රමාණවත්’මුත් නාභිගත කදම්බය නිසා ඔහුගේ දිවි ගැලවුණි. ඔහු මුහුණදුන්නේ රේඩියන් 300 000ක පමණ වූ අයනීකෘත විකිරණයකටය. මෙතරම් වූ විකිරණ කදම්බයක් මෙලොව මිනිසෙකු පෙර අත්විඳ නැත. මොළයේ සිදුරක් ඇතිකර අංශභාග තත්ත්වයට පත්කළත් ඔහුගේ වැදගත් අවයව බේරී තිබුණි. න්යෂ්ටික තාක්ෂණය සම්බන්ධ රහස්යභාවය සුරැකීමේ සෝවියට් ප්රතිපත්ති නිසා සැඟවුණු මෙය කරලියට පැමිණියේ චර්නොබයිල් අනතුරින් පසුවයි.
උපුටා ගැනීම: Pubudu Lakmal