හිස් බඩ සුදුළුණු සහ මීපැණි ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට සිදුවන දේවල් 7ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සුදුළුණු ලෝකයේ ඇති පැරණිතම කුළු බඩුවක් ලෙස හැදින්වේ. සුදුළුණු වල විටමින්, එන්සයිම, ඇමයොනෝ අම්ල සහ ඛනිජ වර්ග 200කට අධික සංඛ්‍යාවක් ඇත. මෙම විටමින සහ සුවිශේෂි සංයෝග මගින් ශරීරය බොහෝ ලෙඩරෝග වලින් ආරක්ෂා කරන අතර ශරීරයේ ප්‍රතිශක්තියද ඉහළ දමනු ලබයි. සුදුළුණු වල ඇති විශේෂිත සංඝඨක මගින් හදවත් රෝග ඇති වීම වළක් වන අතර පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි.

මී පැණි වලද සුදුළුණු වලට සමානම ගුණ රාශියක් ඇති අතර සුදුළුණු මීපැණි වල පොගවා ආහාරයට ගැනීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකිය. උදෑසන හිස්බඩ සුදුළුණු සහ මීපැණි ආහාරයට ගැනීම මගින් විශේෂයෙන්ම ශරීරයේ ඇති වැඩිපුර නැතිනම් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර ගැනීමට හැකියාවක් පවතී. මෙම සුදුළුණු සහ මීපැණි මිශ්‍රණය සාදා ගන්නේ මෙසේය. භාජනයකට හෝ බෝතලයකට පොතු ඉවත් කර ගත් සුදුළුණු බිග් 10ත්20ත් අතර ප්‍රමාණයක් දමා එයට මී පැණි කෝප්ප භාගයක්(මී පැණි මිලිලීටර 200ක් පමණ) දමා සතියක් පමණ ශීතකරනයක තබා පසුව සෑම දිනකම උදෑසන අවදිවීමෙන් පසු හිස් බඩ මෙම මිශ්‍රණයෙන් මේස හැදි 1ක් හෝ 2ක් භාවිතයට ගන්න. දින 7ක් යන විට පහත සදහන් ප්‍රතිඵල ඔබට ලබා ගත හැකිය.

 

1. ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කර ගත හැක

උදෑසන අවධි වීමෙන් පසු හිස් බඩ සුදුළුණු සහ මීපැණි ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයේ තරබාරු බව නැතිනම් ඔබගේ ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කර ගත හැක. මෙම මිශ්‍රණයේ අඩංගු සුවිශේෂි ප්‍රති ඔක්සිකාරක සංයෝග සහ සංඝඨක මගින් ඔබගේ ශරීරයේ අනවශ මේධ කොටස් ඉවත් කරන අතර එමගින් ඔබටත් ලස්සන සුන්දර සිරුරක් ලබා ගත හැක.

 

2. රුධිරයේ සීනී මට්ටම පාළනය කරයි

සුදුළුණු සහ මීපැණි වල ඇති ඇලිසීන් සහ අනෙකුත් විශේෂිත සංයෝග මගින් රුධිරයේ සීනී මට්ටම ක්‍රමාණුකූලව පාළනය කරන අතර ඉන්සියුලීන් නිෂ්පාධනය සදහාද වැදගත් වේ. මෙම සුදුළුණු සහ මීපැණි මිශ්‍රණය උදෑසන හිස් බඩ ආහාරයට ගැනීම මගින් දියවැඩියාව වැළදීමට ඇති හැකියාව ඉතා පහළ මට්ටමකට ගෙන යනු ලබයි.

 

3. මානසික රෝග නැති කරයි

මානසික සහ මොළය ආශ්‍රිතය ඇතිවන රෝග වලින් බේරී සිටීම සදහා මෙම සුදුළුණු මී පැණි මිශ්‍රණය ඉතා වැදගත් වේ. ඔබගේ මනසේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා වල ක්‍රමවත් බව සුදුළුණු සහ මී පැණි මගින් ඉහළ නන්වන අතර මානසික රෝග සදහා හේතු වන සාධක ඇති වීම අවම කරනු ලබයි.

 

4. ලේ පිරිසිදු කරයි

සුදුළුණු සහ මීපැණි වල ඇති විශේෂිත සංයෝග සහ සංඝඨක මගින් ලේ පිරිසිදු කරනු ලබයි. විශේෂයෙන්ම මෙම මිශ්‍රණයේ ඇති ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රති ජීවක සංයෝග මගින් ඔබගේ රුධිරයේ ඇති විශ රුධිරයෙන් බැහර කර රුධිරය පිරිසිදු කරනු ලබයි.

 

5. ආහාර ජීර්ණය පහසු කරවයි

සුදුළුණු සහ මීපැණි මිශ්‍රණයේ ඇති ප්‍රති ඔක්සිකාරක, ප්‍රෝබයෝටික් සහ ප්‍රී බයෝටික් සයෝග මගින් ආහාරා ජීර්ණය පහසු කරන අතර ආහාර ජීර්ණයට අවශ්‍ය අම්ල නිෂ්පාධනය වැඩි කරයි. තවද මෙම මිශ්‍රණයේ අඩංගු විටමින් සහ ඛනිජ මගින් අග්න්‍යාශය, වකුගඩු සහ අක්මාවේ ක්‍රියා කාරීත්වය ක්‍රමවත් කිරීම සදහා වැදගත් වේ.

 

6. පෙනහළු වල රෝග ඇති වීම වළක්වයි

උදෑසන හිස් බඩ සුදුළුණු සහ මීපැණි අනුභවය මගින් පෙනහළු ආශ්‍රිතව රෝග ඇතිවීම වළක්වයි. විශේෂයෙන්ම ඇදුම, බ්‍රොන්කයිටීස් සහ ටර්බකියුලෝසිස් වැනි පෙනහළු ආශ්‍රිත රෝග ඇති වීම වළක්වනු ලබයි. තවද පෙනහළු වලට ඔක්සිජන් ලබා ගැනීමද පහසු කරවයි.

 

7. පිළිකා සෛල විනාශ කරයි

සුදුළුණු වල සහ මීපැණි වල ප්‍රති ජීවක සහ ප්‍රති පිළිකාකාරක ගුණ ඉතා ඉහළ බැවින් ඔබ උදෑසන හිස් බඩ මෙම සුදුළුණු සහ මීපැණි මිශ්‍රණය අනුභව කිරීම මගින් පිළිකා ඇතිවීමේ අවධානම අඩු වන අතර පිළිකා සෛල වර්ධනය බාල කරනු ලබයි.

 

උපුටා ගැනීම: BENIPOST

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!